Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මැතිවරණ කොමිෂන් සභාව ට ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 99ක්

    2024-08-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඇති අතර ජුලි 31 වනදා සිට එනම්, අගෝස්තු 5 වනදා පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බව සඳහන්-  තව ද, මෙතෙක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්ත

    ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඇති අතර ජුලි 31 වනදා සිට එනම්, අගෝස්තු 5 වනදා පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බව සඳහන්- 

    තව ද, මෙතෙක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවත්, මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් පමණක් වාර්තා වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ-

    මේ අතරින්, මැතිවරණ පැමිණිලි කළමනාකරණ ජාතික මධ්‍යස්ථානයට පැමිණිලි 68ක් ලැබී ඇති අතර මැතිවරණ පැමිණිලි කළමනාකරන දිස්ත්‍රික් මධ්‍යස්ථාන වෙත පැමිණිලි 31ක් ලැබී ඇති බව සඳහන් වේ-

    2019 ජනාධිපතිවරණයට අදාළව වාර්තා වු මැතිවරණ පැමිණිලි ගැන අවධානය යොමු කළහොත්, මැතිවරණය 2019 නොවැම්බර් 16 පැවති අතර මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තා අනුව ඔක්තෝබර් 8 වනදා සිට මැතිවරණ  ප්‍රචාරක කටයුතු අවසන් වන  කාල සීමාව දක්වා පැමිණිලි 1100 කට අධික ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඒ අතර ප්‍රචණ්ඩත්වය සම්බන්ධ පැමිණිලි 30 ක් පමණ විය . 

    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ, සාධාරණ හා විනිවිදභාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මෙම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවයි-

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.