Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලෝක කුසලාන අවසන් තරගයේදී එංගලන්තය කලු පැටි පැළද ක්‍රීඩා කළේ ඇයි?

    2022-11-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. පසුගියදා අවසන්වූ 20-20 ලෝක කුසලානය අවසන් මහා තරඟයේ දී පකිස්ථානය කණ්ඩායම පරාජයට පත්කරමින් 20-20 ලෝක කුසලානය දිනාගත්තේ එංගලන්ත කණ්ඩායමයි. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් අත්වල කලු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    පසුගියදා අවසන්වූ 20-20 ලෝක කුසලානය අවසන් මහා තරඟයේ දී පකිස්ථානය කණ්ඩායම පරාජයට පත්කරමින් 20-20 ලෝක කුසලානය දිනාගත්තේ එංගලන්ත කණ්ඩායමයි. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් අත්වල කලු පටි පැළද ක්‍රීඩා කිරීම පිළිබඳව සමාජ ජාලාවල යම් කතාබහක් ඇතිකිරීමට සමත්වුණා.

    සිංහල බසින් පළවූ ඇතැම් උපහාසාත්මක සමාජ ජාලා සටහන්වල දැක්වුණේ එංගලන්ත ක්‍රීඩකයන් මේ ආකාරයට අත්වල කළුපටි පැළද ක්‍රීඩාකලේ ඔස්ට්‍රේලියාවේදී පොලිස් අත්අඩංගුවට පත් ලාංකීය ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් බවයි.

    සමාජ ජාලා සටහන් 

    සිරගතව සිටින ධනුෂ්ක ගුණතිලකට සහාය පළකරමින් එංගලන්ත ක්‍රීඩකයන් 20-20 අවසන් තරගයේදී කලු පටි පැළද සිටි බවට සමාජ ජාලාවල සටහන් පැතිර තිබුණේ පහත අයුරින්.

    Facebook | Archived

    ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    මෙම පුවත පලකල බවට හැගවෙනසේ දක්වා ඇති ‘දසත ලංකා’ පුවත් ආයතනයේ සමාජ ජාලා පිටුවලට ගොස් ඔවුන් මෙවන් පුවතක් පළකර ඇතිද යන්න අප පළමුව සොයා බැලුවා. නමුත් අපට දැකගන්නට ලැබුණේ ඔවුන් මෙවන් පුවතක් පළකර නොමැති බවයි. එහි කතුවරයාගෙන් අප කල විමසුමකදී ඔහු පැවසුවේ මෙය තම නිල සන්නාමය (logo) අවභාවිතා කරමින් සකස්කරන ලද ව්‍යාජ පුවතක් බවයි.

    කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් අත්වල කලුපටි පැළද සිටින ආකාරය 20-20 අවසන් මහා තරගයේදී දක්නට ලැබුණා. ඔවුන් එලෙස සිදු කර තිබු කාරණය කුමක්ද යන්න අප සොයා බැලුවා.

    අපට දක්නට ලැබුණේ එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් සේවයක් සිදුකල , හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද වන මීට දින කිහිපයකට පෙර, එනම් නොවැම්බර් 12 වනදා දිවියට සමුදුන් ඩේවිඩ් ඉන්ග්ලිෂ් ගේ මරණයට ශෝකය පළකිරීමක් වශයෙන් එංගලන්ත ක්‍රීඩකයන් කලු පටි පැළද ක්‍රීඩා කර තිබු බවයි. ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් කියවිය හැකියි මෙතනින් සහ මෙතනින්

    ඩේවිඩ් ඉංග්ලිෂ් වෙනුවෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය ශෝක පණිවුඩයක් පළකර තිබුනේ මෙලෙසින්. එංගලන්ත නායක ජෝෂ් බට්ලර්ගේ ශෝක ප්‍රකාශයක් මෙතනින්

    ක්‍රිකට්, පාපන්දු ඇතුළු ක්‍රීඩා රැසක මෙලෙස ශෝකය ප්‍රකාශ කිරීමේ සංකේතයක් ලෙස කළු පටි පැළඳ ක්‍රීඩා කිරීම දැක ගන්නට ලැබෙනවා. ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින්

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය)

    එංගලන්ත ක්‍රීඩකයන් සිය අත්වල කලු පටි පැළද 20-20 ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කලේ එංගලන්ත ක්‍රිකට්වලට ඉමහත් සේවයක් සිදුකර මීට දින කිහිපයකට පෙර වියෝවූ ඩේවිඩ් ඉංග්‍ලිෂ් ගේ මරණය වෙනුවෙන් ශෝකය පළකිරීමටයි. කලු පටි පැළදීම සහ ධනුෂ්ක ගුණතිලක අතර සම්බන්ධයක් නැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-11-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.