Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජූලි 9 අරගලයට, බැකෝ යන්ත්‍ර පැමිණි අයුරු ? (VIDEO)

    2022-07-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජුලි මස 09 දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් විශාල ජන ගඟක්, ලංකාවේ පවතින ප්‍රවාහන ගැටළු මධ්‍යයේ, ගෝල්ෆේස් අරගලය භුමිය වෙත ඇදී ආවා. මේ අතර බුල්ඩෝසර් රථ ද ගොදාගනිමින් අරගලයට පිරිස් සහභාගී වූ බව සඳහන් කරමින්

    ජුලි මස 09 දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් විශාල ජන ගඟක්, ලංකාවේ පවතින ප්‍රවාහන ගැටළු මධ්‍යයේ, ගෝල්ෆේස් අරගලය භුමිය වෙත ඇදී ආවා. මේ අතර බුල්ඩෝසර් රථ ද ගොදාගනිමින් අරගලයට පිරිස් සහභාගී වූ බව සඳහන් කරමින් පැතිර යන තිබෙන නොමගයවන සුලු වීඩියෝ පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් මෙලෙසින්.

    සමාජ ජාලා සටහන් 

    අරගලයට බුල්ඩෝසර් රථවලින් පැමිණි බවට පළවූ වීඩියෝවක් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පළකර තිබුණේ පහත සටහනද සමගින්.

    අරගලයට එන ගමන් …ගෝටා අයියේ ගෙදර යන්න

    Facebook | FB

    ඒ ආකාර තවත් වීඩියෝවක් ෆේස්බුක් හරහා සංසරණය  වී තිබුණේ මෙලෙසින්.

    බර අවියක් Coming#galleface#gohomegota අරගලයට ජය

    Facebook

    ජුලි 09 අරගලයට බර වාහන දායක වූ බවට වාර්තා වුවද මෙම වීඩියෝ පැරණි වීඩියෝ දර්ශන බවට කිහිප දෙනෙකු ම ප්‍රතිචාර ද දක්වා තිබු බැවින් මේ පිලිබඳ කරුණු සොයා බැලීමට තීරණය කළා 

    Fact Check( සත්‍ය කරුණු විමසා බැලීම)

    ජුලි 09 වැනිදා ට පෙර සිට ම අරගල භුමිය ට ලොරි, බස්රථ, බැකෝ, කන්ටේනර් වැනි බර වාහන හැකි අයුරින් රැගෙන එන ලෙස ට ද දන්වා තිබු අතර ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් එවැනි බර වාහනවලින් ද පිරිස් අරගලට සහභාගී වන අයුරු පිලිබඳ වීඩියෝ සංසරණය වුණා.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ තවත් එවැනි වීඩියෝ දර්ශන කිහිපයක් මෙතනින් , මෙතනින්, මෙතනින් සහ මෙතනින්

    බැකෝ යන්ත්‍ර ද ඇතුළු ව විවිධ මාදිලියේ බර වාහන ඔස්සේ ජනයා ජුලි 09 අරගලට සහභාගී වූ අයුරු දැක්වෙන ඡායාරුප සටහනක් පහතින්

    බැකෝ යන්ත්‍ර වීඩියෝ දර්ශන පිලිබඳ තතු

    පළමුව අප විමසා බැලුවේ බැකෝ යන්ත්‍ර ගණනාවක් එක දිගට ගමන් ගන්නා වීඩියෝව පිලිබදවයි.

    එම වීඩියෝ දර්ශන වල රූප රාමු සමීපව පරීක්ෂා කිරීමේ දී  මෙම බැකෝ පෙළක් එක දිගට ගමන් ගන්නා ආකාරය දිස්වන වීඩියෝව, මීට වසරකට පමණ පෙරදී ද TikTok සමාජ ජාලයට එක්කරන ලද වීඩියෝවක් බව පෙනී ගියා. ලසිත් බණ්ඩාර නමැති දකුණු කොරියාවේ වෙසෙන පුද්ගලයෙකු බව දැක්වෙන අයෙකු විසින්  2021 ජුනි මාසයේදී පළකර තිබු එම වීඩියෝව පහතින්.

    @lasithabandara3 ♬ Yakkuth Pitiyata (Yaka Crew) – Chanuka Mora

    Archived

    එම තැනැත්තා විසින් ම වසරකට පෙර පලකරන අලද වීඩියෝවම ජුලි 09 අරගලයට පැමිණෙන බැකෝ දර්ශන ලෙස හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

    ඉන් පසුව අප එක බැකෝ යන්ත්‍රයක් ගාලුමුවදොර පරිශ්‍රයේ වේගයෙන් ගමන් ගන්නා ආකාරය නිරුපණය කරන අනෙත් වීඩියෝව සම්බන්ධයෙන් ද පරීක්ෂා කර බැලුවා . අපට දක්නට ලැබුණේ එයත් මීට කලකට පෙට ටික්-ටොක් සමාජ ජාලයට එක්කර තිබුණු වීඩියෝවක් බවයි. එය 2021 දෙසැම්බර් මාසයේදී TikTok වෙත එක්කර තිබුනේ මෙලෙසින් | Archived

    මෙම වීඩියෝව කොළඹ පෝට්සිටිහි බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස කටයුතු කරන බුද්ධික අනුරංග නම් තරුණයෙකුගේ වීඩියෝවකි. ඔහු එම වීඩියෝව Anuranga24-JCB නමින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවක 2021 දෙසැම්බර් මස කොළඹ ගෝල්ෆේස් පරිශ්‍රයේ දී ලබාගත් වීඩියෝවක් ලෙස පළකර තිබු අයුරු පහතින්.

    ඒ අනුව මෙම වීඩියෝ දෙකම අප්‍රේල් 9 ගෝල්ෆේස් භුමියේ දී අරගල කටයුතු ආරම්භ වීමටත් මත්තෙන් සිටම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බව පැහැදිලියි.

    Also Read: දුම්රිය මගින් කොළඹට පැමිණි ජනතාව ද ? (VIDEO)

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූයේ බැකෝ යන්ත්‍ර අරගලයේ සහයට පැමිණි බව දක්වමින් සමාජ ජාලා හරහා සංසරණය වන වීඩියෝ දර්ශන, අරගලය කටයුතු ආරම්භ වීමටත් පෙර සිට ම, එනම් 2021 වසරේ සිටම, හුවමාරු වන වීඩියෝ පෙළක් බවයි. කෙසේනමුත් බැකෝ යන්ත්‍ර ද ඇතුළු ව විවිධ මාදිලියේ බර වාහන ඔස්සේ ජනයා ජුලි 09 අරගලයට සහභාගී වූ අයුරු ද දැක ගන්නට ලැබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-07-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.