Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මැයි 22වන දා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වන බව ට පළවන කටකතා අසත්‍යයි – විභාග කොමසාරිස් ජනරාල්

    2024-05-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Update : 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. විභාග ප්‍රතිඵල www.donets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක. මෙරට රජය විසින් පාසල් මූ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    Update :

    2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. විභාග ප්‍රතිඵල www.donets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක.

    මෙරට රජය විසින් පාසල් මූලික කරගනිමින් පැවැත්වෙන ප්‍රධාන විභාගයන් තුනෙන් අවසන් විභාගය වන අ.පො.ස උසස් පෙළ විභාගය පිළිබඳ මේ දිනවල දැඩි වශයෙන් කතා බහට ලක් වන්නේ, 2023 වසරේ පැවැත්වූ උසස් පෙළ විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින නිසයි. මේ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු බහුලව සංසරණය වනවා. එලෙසින් විභාග ප්‍රතිඵල ලැබෙන දිනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබන බදාදා එනම් එළැඹෙන මැයි 22වන දා නිකුත් කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙහි නිරවද්‍යතාවය විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් මුල් කරගනිමින් මේ පිළිබඳව අප විමර්ශනය කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ පසුගිය ජනවාරි මස 4 වන දා සිට 30 වන දා උසස් පෙළ විභාගය පැවැත්වුණා.

    විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව  තුන් ලක්ෂ හතලිස් දෙදහස් අටසිය අසූතුනකි.

    කෙසේ වෙතත් ලබන බදාදා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන බව ට පළ වූ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතාගෙන් විමසීමක් කළා.

    ඒ මහතා සඳහන් කළේ, ලබන බදාදා වන විට 2023 වර්ෂය සඳහා පැවැත් වූ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් නොකරන බව ත්, එම පුවත අසත්‍ය බව ත්ය. 

    විභාග ප්‍රතිඵල ලැබෙන දිනයක් සම්බන්ධයෙන් අප සිදු කළ වැඩිදුර විමසීමේදී විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කළේ, මැයි මස අග වන විට එහි ප්‍රතිඵල නිකුත් කිරීමට උත්සහ කරන බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබන බදාදා එනම් එළැඹෙන මැයි 22වන දා නිකුත් කරන බවට දක්වමින් පළ වූ සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව ට විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සඳහන් කරනවා. මැයි මස අග වන විට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට උත්සහ කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-05-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.