Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා දැමීමේ තීරණයක්?

    2021-10-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    එළැඹෙන ඔක්තෝබර් 19 වනදාට යෙදෙන නබි නායකතුමාගේ උපන් දිනය දා සහ පසුදින, එනම් 20 වැනි දා වප් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කළ බවට සමාජ මාධ්‍ය සටහන් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබුණා.

    එළැඹෙන ඔක්තෝබර් 19 වනදාට යෙදෙන නබි නායකතුමාගේ උපන් දිනය දා සහ පසුදින, එනම් 20 වැනි දා වප් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කළ බවට සමාජ මාධ්‍ය සටහන් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය සටහන් මෙන්ම ඇතැම් ප්‍රධාන මාධ්‍යද වාර්තා කළා.

    Facebook | Archived Link

    මේ පිළබඳව සඳහන් කළ තවත් ෆේස්බුක් සටහනක් මෙතනින්. Archived Link

    දිවයිනේ සියලුම සුරාසැල් දින දෙකක් වැසීමට හේතුව යනුවෙන් සඳහන් කරමින් “අරුණ” පුවත්පතේ පළ වූ වාර්තාව පහතින්.

    Aruna.lk | Archived Link

    මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබූ වෙනත් වෙබ් පුවත් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඔක්තෝබර් 19 වැනිදාට යෙදෙන නබි නායකතුමාගේ උපන් දිනයදා සහ පසුදින, එනම් 20 වැනි දා වප් පොහොය දා මෙලෙස සුරාසැල් වසා තැබීමට නියමිත බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් ලබා දී තිබුණේ දැයි අප පරීක්ෂා කළ ද, එවැනි නිවේදනයක් දැක ගන්නට ලැබුනේ නැත.

    කෙසේ වෙතත්, මෙලෙස දින දෙකක්, එනම් ඔක්තෝම්බර් 19 සහ 20 යන දෙදිනම සුරාසල් වසා දමා ඇති බවට පළ වන වාර්තා සාවද්‍ය හා පදනම් විරහිත බවත්, ලබන ඔක්තෝබර් මස 20 වන දිනට යෙදී ඇති වප් මස පුර පසලොස්වක් පොහොය දිනය නිමිත්තෙන් පමණක් දිවයින පුරා ඇති මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බවටත් සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා ඊයේ (ඔක්තෝබර් 12 වනදා) නියෝග කරමින් පළකර තිබු නිවේදනය පහතින්.

    164

    එසේම දින දෙකක් සුරාසැල් වැසෙන බවට පුවත් අසත්‍යක් බව ඉහත නිවේදනය ඔස්සේ බොහෝ මාධ්‍ය ද වාර්තා කර තිබුණා.

    HiruNews | Ada Derana

    ඒ අනුව, ලබන 19 වැනිදාට යෙදෙන නබි නායකතුමාගේ උපන් දිනයදා සුරාසල් වසා නොතැබෙන අතර පසුදින (20 දා) පොහොය දින පමණක් සුරාසල් වසා තැබෙන බව පැහැදිලිය.

    තවද ඉහත “අරුණ” පුවත් පත වැනි 19 වන දා ද සුරාසැල් වස තැබෙන බව දැක්වූ පුවත වෙනත් මාධ්‍ය ආයතන මෙන්ම වෙබ් අඩවි ද වාර්තා කර තිබූ බැවින් එවැන්නක් මීට ඉහත දී කිසියම් අවස්ථාවක හෝ සුරාබදු කොමසාරිස්වරයා ප්‍රකාශ කළාද යන්න විමසීමට අප සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබුනේ නැත.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ,  සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් නියෝග කර තිබුනේ එළඹෙන වප් පොහොය දින (ඔක්තෝබර් 20) පමණක් සුරාසැල් වසා තබන ලෙස බවයි. ඔක්තෝබර් 19 වනදා  ද සුරාසැල් වසා දැමෙන බවට ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන්නේ අසත්‍ය පුවතක් බව ද සුරාබදු කොමසාරිස්වරයා තහවුරු කර සිටිනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-10-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.