Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    එතනෝල් හිඟය හේතුවෙන් මත්පැන් නිෂ්පාදනයත් නතර කරනවාද?

    2022-03-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට බලපෑම් කර ඇති බවට සඳහන් කරමින් මාර්තු 22න් පසු මත්පැන් නිෂ්පාදනය නතර වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය ස

    ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට බලපෑම් කර ඇති බවට සඳහන් කරමින් මාර්තු 22න් පසු මත්පැන් නිෂ්පාදනය නතර වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “එතනෝල් හිඟයක්!! මාර්තු 22න් පසු මත්පැන් නිෂ්පාදනයත් නතර වන ලකුණු!!

    දේශීය කර්මාන්ත වලට හොඳ කලක්” යනුවෙන් සඳහන් කළ ෆේස්බුක් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived Link

    මෙම තේමාවෙන් ෆේස්බුක් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අයුරු

    2022 මාර්තු මස 22 වන දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට සමාජ මාධ්‍යවල මෙම පුවත සංසරණය වුණේ, ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා එය මත්පැන් නිෂ්පාදනයට බලපෑම් කර ඇති බවට සඳහන් කරමින්. 

    මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන අතර නියමිත පරිදි එතනෝල් නොලැබුණහොත් මාර්තු 22 සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බව මෙරට ප්‍රධානම මත්පැන් නිෂ්පාදනාගාරය සුරාබදු දෙපාර්තමෙන්තුවට දැනුම් දී ඇති බවයි මේ පිළිබඳ වාර්තා කර තිබූ ඇතැම් වෙබ් අඩවිද පෙන්වා දුන්නේ. එම වාර්තා මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link

    නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම පුවත අසත්‍ය බවත්, ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව හේතුවෙන් මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා සහ ඒවා පදනම් කර ගනිමින් ජන මාධ්‍යවල පළ වන වාර්තා සාවද්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

    එහි මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා පවසන්නේ, ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම මත ප්‍රමාණවත් පරිදි එතනෝල් නොලැබීමෙන් මාර්තු මස 22 වන දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට වාර්තා පළ වී ඇති බවයි.

    එම සාවද්‍ය වාර්තා හේතුවෙන් නීති විරෝධී ලෙස මත්පැන් රැස් කිරීමට ත් මත්පැන් නිෂ්පාදනාගාරකරුවන් අතර සදාචාර සම්පන්න නොවන අලෙවිකරණ උපාය මාර්ග අනුගමනය කිරීමට ත් අවකාශ ලැබෙන බව ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කළා.

    කුමාරසිංහ මහතා වැඩිදුරට ත් සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ, අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර 23ක් දිවයින තුළ ක්‍රියාත්මක වන අතර ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළ තුළින් ලබා ගැනීමේ හැකියාව මේ දක්වා පවතින බව ය. එම නිවේදනය මෙතනින්.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප මෙරට ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයකින් විමසූ අතර ඔවුන් සඳහන් කළේ, මාර්තු 22 වනදායින් පසු මත්පැන් නිෂ්පාදනය නවතින බවට සඳහන් නොකළද, එතනෝල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් මත්පැන් දෛනික නිෂ්පාදනය මේ වන විට අවම වී ඇති බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.