Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කොවිඩ් ආසාදිත වනිදු හසරංගට ඉන්දීය ක්‍රිකට් සංචාරයේ දී ක්‍රීඩා කරයි ද?

    2022-02-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය වකවානුවේ දී ලොව අංක එකේ T20 පන්දු යවන්නාගේ ස්ථානයට ද හිමිකම් කී වනිදු හසරංග ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ ආදරයට ලක්වුනු චරිතයක්.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය තුළදී ඔහුට කොවිඩ් වෛරස ආසාදනය වීමත් සමඟ අවසාන තරඟ කිහ

    පසුගිය වකවානුවේ දී ලොව අංක එකේ T20 පන්දු යවන්නාගේ ස්ථානයට ද හිමිකම් කී වනිදු හසරංග ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ ආදරයට ලක්වුනු චරිතයක්.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය තුළදී ඔහුට කොවිඩ් වෛරස ආසාදනය වීමත් සමඟ අවසාන තරඟ කිහිපය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුනේ ද නැහැ. එම පසුබිම තුළ වනිදු හසරංග පෙබරවාරි 24 දින ආරම්භවීමට නියමිත ඉන්දීය -ශ්‍රී ලංකා 20-20 තරගාවලියට සහ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට  එක් වේවිද, එසේ නැතහොත් මෙම තරගාවලි ඔහුට අහිමිවේවිද යන්න සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේ අවසාන සමයේ සුභ ආරංචියක් ලෙස දක්වමින් පළවූ පහත සටහනෙන් පවසා තිබුනේ වනිදුගේ කොවිඩ් ආසාදිත තත්වය සුව අතට හැරීමත් සමඟ ම ඔහු ඉන්දීය සංචාරයේ සිට නැවතත් තරඟ බිමට පැමිණෙනු ඇති බවයි.

    Facebook | Archived

    එසේම වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය අහිමි වනු ඇති බවට ඊයේ (23) සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වී තිබුනා.

    Facebook | Archived

    මේ හේතුවෙන් ඇත්ත වශයෙන් ම වනිඳු ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය සංචාරයේ දී ක්‍රීඩා කරන්නේ ද එසේ නම් ඒ කෙදිනක ද යන කරුණු අප විමසා බැලුවා.

    අප මුලින්ම සොයා බැලුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේ පිළිබදව වාර්තා කර ඇති ආකාරය පිළිබදවයි. 

    ස්වාධීන රූපවාහිනී වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි කිහිපයක් ම මේ සම්බන්ධෙයන් පුවත් වාර්තා කරමින් පවසා තිබුනේ වනිදු හසරංගට ඉන්දීය තරග සංචාරය අහිමි වනු ඇතැයි ද යනුවෙනි.

    ITN | Archived    NethFM | Archived

    වනිදු හසරංගට කොවිඩ් ආසාදනය වීම නිසා සහ අනිවාර්‍ය දින 7 නිරෝධායන කාලයෙන් පසුව කළ PCR පරීක්ෂණයේද ප්‍රතිඵල පොසිට්ව් වීම නිසා තවමත් ආසාදිතයෙක් ලෙස හෙළිව තිබීම නිසා 20-20 තරගාවලිය අහිමිවන බවත් තවදුරටත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින බවත් එම වාර්තා මඟින් දක්වා තිබුණා. 

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ පිළිබදව අප සිදු කළ විමසා බැලීමේදී එහි මාධ්‍ය කළමණාකරු ප්‍රසන්න රොද්‍රිගෝ මහතා පැවසුවේ 18 දෙනෙකුගෙන් සමන්විත 20-20 තරග සංචිතයේ හසරංග නම් කර සිටිය ද පෙබරවාරි 24 (අද දින) ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු 20-20 තරගයට වනිදු හසරංග ට සම්බන්ධවීමට හැකියාවක් නොමැති බවයි. එසේම පෙබරවාරි 26 සහ 27 දින පැවැත්වෙන තරග වලට හසරංගගේ සහභාගීවීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවත් එම තීරණය ඔහුගේ කොවිඩ් තත්වය මත තීරණය වනු ඇති බවත් , තවමත් හසරංග ඕස්ට්‍රේලියාවේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු තවදුරටත් තහවුරු කර සිටියා. 

    එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් චානක ද ඊයේ (23) කරුණු දක්වමින් ඉහත තොරතුරු පවසා සිටියේ මෙලෙසින් 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-02-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.