
රුසියාව විසින් යුක්රේනයේ දියත් කෙරුණු ප්රහාර මාලාවට අයත් තවත් එක් ප්රහාරයක් ලෙස Cherkasy ප්රදේශයේ කාලතුවක්කු අවිගබඩාවකට එල්ල කරන ලද ප්රහාරයක් බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.
සමාජ මාධ්ය සටහන් :
“යුක්රේනයේ චර්කසි ඔබ්ලාස්ටයේ පලාන්කා හි යුක්රේන හමුදා 222 වැනි කාළතුවක්කු බළඝණයට අයත් අවි ගබඩාවක් රුසියානු ප්රහාරයකින් පුපුරා යන අන්දම….( න් න්යෂ්ඨික අවි පහරක් නොවේ )” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනේ මෙලෙසින්
සැබවින්ම යුක්රේනයේ Cherkasy ප්රදේශයේ රුසියානු ප්රහාරයක් හේතුවෙන් අවි ගබඩාවක් පිපිරී ඇත්දැයි විදෙස් මාධ්ය වාර්තා වල පළ වී ඇත්දැයි අප විමර්ශනයක් සිදු කළ අතර Cherkasy ප්රදේශයේ මෙතෙක්(01) අවි ගබඩා වෙත රුසියානු ප්රහාරයක් සිදු වූ බවට වාර්තා වී නොතිබුණි.
අප කළ නිරීක්ෂණයේදී දැකගන්නට ලැබුණේ යුක්රේනයේ Cherkasy ප්රදේශයේ දැවැන්ත පිපිරීමක් සිදුවූ බවට ඉහත වීඩියෝව ඇතුළත් වීඩියෝ යූ ටියුබ්හි හි මෙන්ම ට්විටර් පණිඩිඩ ඔස්සේ ද සංසරණය වී ඇති බවයි. යූ ටියුබ් වීඩියෝ මෙතනින් සහ මෙතනින්.
කෙසේ වෙතත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් යුක්රේනයේ Cherkasy ප්රදේශයෙහි ආණ්ඩුකාරවරයා Oleksandr Skichko සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, මෙම වීඩියෝව අසත්ය බවත් මෙවැනි අසත්ය කරුණු හුවමාරු කර නොගන්නා ලෙසයි. එම සටහන පහතින්.

නමුත් යුක්රේනයේ Cherkasy දිස්ත්රික්කයේ “222 වන මධ්යම කාලතුවක්කු පතොරම් කඳවුර” (222nd Central Artillery Ammunition Base) ඇති බැවින් එම ගබඩාව අසල වීඩියෝවේ දැක්වෙන ආකාරයේ ස්ථානයක් දැකගන්නට ලැබී ඇති අතර දළ වශයෙන් එම ගබඩාවට 48.7421, 30.1018 සිට එම වීඩියෝව රූගත කර ඇති බවට BBC Africa Eye හි භූ පිහිටිම් නිරික්ෂකයෙකු සහ විවෘත මූලාශ්ර විමර්ශකයින් වන John Marquee සිය ට්විටර් ගිණුම හරහා පළ කර තිබුණා.
Geolocation of explosion outside Palanka in Cherkasy Oblast #Ukraine
— John Marquee (@john_marquee) February 27, 2022
Filmed from approximately 48.7421, 30.1018 https://t.co/EivEAS1Vcd pic.twitter.com/YmOV4fQA5i
Camera orientation does match an ammo storage facility west of town https://t.co/X53zFoE22q pic.twitter.com/e5UD2PUM6S
— John Marquee (@john_marquee) February 27, 2022
කෙසේ වෙතත් මෙම පිපිරීම සිදු වූයේ රුසියාව විසින් මෙහෙයුම් දියත් කළ දින නම්, රටේ ඇඳිරි නීතිය පනවා තිබියදී ජනතාව වීදි බැස තිබෙන්නේ ඇයිද යන්න පිළිබඳ විමසා බැලීමේදී මෙම අවස්ථාව බොහෝ විට රුසියාව යුද මෙහෙයුම් දියත් කිරීමට පෙර ලබා ගත් වීඩියෝවක් බවත් සම්මානලාභී චන්ද්රිකා ඡායාරූප සේවාව සපයන sentinel_hub විසින් මෑතකදී ලබා ගත් චන්ද්රිකා ඡායාරූප පරීක්ෂාව සිදු කර ඇති අතර පෙබරවාරි 21 සහ පෙබරවාරි 26 අතර පිපිරීමක් සිදු වී ඇති බවට පෙන්වා දී තිබේ.
And satellite imagery, courtesy of @sentinel_hub, shows that something — likely an explosion — happened between Feb. 21 and Feb. 26. Satellite imagery is not collected every day, and sometimes it's cloudy too, hence a time period and not an exact day. https://t.co/RiaehkStf9 pic.twitter.com/ui2zGZ1dVg
— Christiaan Triebert (@trbrtc) February 27, 2022
එමෙන්ම දෘශ්ය දත්ත වලට අමතරව චන්ද්රිකාවලට තාප විෂමතා වැනි වෙනත් තොරතුරු ද රැස් කළ හැකි බැවින් රුසියාව යුක්රේනය ආක්රමණය කළ දින එනම් පෙබරවාරි 24 වැනි දින නාසා හි ගිනි ගැනීම් පිළිබඳ දැක්වෙන දත්තයන්හි යුක්රේනයේ Cherkasy ප්රදේශයේ උණ්ඩ ගබඩාවේ විශාල උණුසුම් ස්ථානයක් ලෙස දක්වා තිබෙනවා.
I had a look at the satellite FIRMS fire map, and one fire was detected at the location at time 2022-02-24T10:24. I guess this would mean that it didn't happen today. pic.twitter.com/1ViSzfP183
— Michael Yartys (@MichaelYartys) February 27, 2022
මෙහි දත්තයන් වල පෙන්වන්නේ ක්රියාකාරී ගිනි දත්ත පමණකි. විශාල ගින්නක් ඇති වීමට හේතුව පිළිබඳ මෙහිදී සඳහන් නොවේ.
පෙබරවාරි 24 එම ප්රදේශයේ පිපිරුම සනාථ කිරීම සඳහා තවත් චන්ද්රිකා දත්ත මූලාශ්රයක්
Here's possible IR signal left by that explosion near #Palanka, #Ukraine.
— kosmi 🛰️🌍 (@kosmi64833127) February 28, 2022
Image taken by #Sentinel2 on Feb.24.
I've subtracted cloud band from SWIR just to make sure those aren't clouds and got this. @WED_explorer @AuroraIntel https://t.co/pRV4FLtMLe#war #RussiaUkraineWar pic.twitter.com/QK23nt20T2
Here's short image comparison:
— kosmi 🛰️🌍 (@kosmi64833127) February 28, 2022
Visible light ➡️ false color SWIR➡️ SWIR – band 9
Subtracting clouds can squeeze out pure SWIR signature. pic.twitter.com/lQUf9JOOdD
මෙම වීඩියෝවේ ස්ථානය සහ වේලාව හඳුනා ගැනීමට සහ තොරතුරු සත්යාපනය කිරීමට විවෘත මූලාශ්ර විමර්ශකයින් දායක වී තිබුණේ ඉහත පරිදිය.
නමුත් යුක්රේනයේ මාධ්ය වාර්තා කරන්නේ, පසුගිය 24 වන දා Cherkasy ප්රදේශයේ රොස්සිෂ්කි ගම්මානය අසල හමුදා ඒකකයට සහ ගබඩාවලට ගුවන් ප්රහාරයක් එල්ල වූ බවයි.
Dubiivka (Cherkasy දිස්ත්රික්කය) සහ Rozsishki (Uman දිස්ත්රික්කය) වෙත ගුවන් ප්රහාර හේතුවෙන් එක් සිවිල් වැසියෙකු මිය ගිය අතර 23 දෙනෙකු තුවාල ලබා තිබේ. එම ලිපිය මෙතනින්.
කෙසේවෙතත් ඉහත වීඩියෝව රැගත් නිල පුවතක් විදෙස් මාධ්ය විසින් මෙතෙක් වාර්තා කර නොමැති අතර මේ පිළිබඳ නිල වෙනත් තොරතුරක් ලැබුනහොත් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.
Also Read: යුක්රේන සොල්දාදුවන් විසින් යුද බිමට යෑමට පෙර සිය ආදරණීයන්ට සමුදෙන අයුරු? (Video)
Also Read: NATO හමුදා රුසියාව වැටලුවාද?
Also Read: යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News



