Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    චරිත හේරත් සහ සෝරත හිමි ලෙස හුවමාරු වූ සටහන් පිලිබඳ කරුණු විමසා බැලීමක්…

    2022-12-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. භික්ෂු ජිවිතයකට පත්වෙන සියලුම දෙනා සිය මුලු ජිවිත කාලයම පැවිද්දන් ලෙස ගත කරන්නේ නැහැ. ඇතැමුන් පැවිදි වී නැවතත් ගිහියන් බවට පත්වෙනවා. ලංකාවේ ද මෙවැනි අවස්ථා රැසක් දැක ගන්නට ලැබෙන අතර එම පු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    භික්ෂු ජිවිතයකට පත්වෙන සියලුම දෙනා සිය මුලු ජිවිත කාලයම පැවිද්දන් ලෙස ගත කරන්නේ නැහැ. ඇතැමුන් පැවිදි වී නැවතත් ගිහියන් බවට පත්වෙනවා. ලංකාවේ ද මෙවැනි අවස්ථා රැසක් දැක ගන්නට ලැබෙන අතර එම පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ඇතැම් විට සමාජයේ කතිකාවත් ද නිර්මාණය වෙනවා.

    පසුගියදා පාර්ලිමේන්තු විවාදයක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ පැවිද්දන් ලෙස විශ්ව විද්‍යාලවලට ඇතුළුවන්නේ නම් ඔවුන් පැවිද්දන් ලෙසම විශ්වවිද්‍යාලයෙන් පිට විය යුතු බවත් එවැනි අවස්ථාවක දී පමණක් උපාධිය පිරිනැමීමට හැකිවන පරිදි ක්‍රියා කළ යුතු බවයි. 

    ඒත් සමගම යම් සේයාරූ සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස වර්තමානයේ කටයුතු කරන මහචාර්ය  චරිත හේරත්, අතීතයේ විශ්ව විද්‍යාල සමයේ  භික්ෂුවක් ලෙස කටයුතු කල බව සදහන් කරමින්, භික්ෂුවක්ව සිටි අවධියේ ඡායාරුපයක් බව හඟවන සේයාරුවක් ද සමඟ සමාජ ජාලා සටහන් පැතිරුණා.

    ඒ සමබන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.

    සමාජ ජාලා සටහන් 

    මහාචාර්ය චරිත හේරත් භික්ෂුවක් ලෙස කටයුතු කල අවධියේ සේයාරුවක් ලෙසින් හුවමාරු වූ ඡායාරූප සටහනක දක්වා තිබුනේ පැවිදි දිවියේ දී කඹුරුගමුවේ සෝරත නමින් හැඳින්වුණු චරිත හේරත්, පශ්චාත් උපාධිය හැදෑරීමට ඇමරිකාවට ගොස් සිවුරු හළ බවක්.

    Facebook| Archived

    ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    එම සටහන් ෆේස්බුක් වල ව්‍යාප්තව පැවතියේ මෙලෙසින්.

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    කරුණු විමසා බැලීම

    අප මුලින්ම මෙසේ හුවමාරු වන සටහන්හි දක්නට ලැබෙන ස්වාමින්වහන්සේගේ සේයාරුව Reverse Image සෙවීමකට ලක් කළා. එහිදී අපට දක්නට ලැබුණේ අපවත්වී වදාළ අමරපුර නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ සේයාරුවකට, චරිත හේරත්ගේ මුහුණක් යොදා ගනිමින් සංස්කරණයට ලක්කිරීමෙන් මෙම ඡායාරුපය සකසා ඇති බවයි.

    එම ඡයාරූප සංසන්දනය පහතින්.

    ඉන් අනතුරුව අප මෙම සටහන්හි දක්වා තිබු අනෙක් කරුණු සම්බන්ධයෙන් ද සොයා බැලුවා. එහිදී අපට දක්නට ලැබුණේ මෙම කරුණ සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට පෙරදී ද සාකච්චාවකට ලක්ව ඇති බවයි.

    දේශපාලන සහ සමාජ විශ්ලේෂක චින්තන ධර්මදාස විසින් උපුල් ශාන්ත සන්නස්ගල සමග පැවති සංවාදයක දී පවසන්නේ තමන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල නිරතවන වකවානුවේ සෝරත හිමි ලෙස සඳහන් භික්ෂුන් වහන්සේ නමක් තම ගුරුවරයෙක් විසින් එහි සිටි බව සහ ඒ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වන බවයි. එම සංවාදයට සවන් දිය හැකියි පහත වීඩියෝවෙන් .( 15 වන මිනිත්තුවේ සිට සවන් දෙන්න)

    එසේම මේ සම්බන්ධයෙන් 2020 වසරේදී පලකරන ලද ට්විටර් සටහනක් මෙතනින්. Archived මේ ඔස්සේ ඇත්ත වශයෙන්ම සෝරත හිමිගේ නම කඹුරුගොඩ සෝරත යනුවෙන් ද කිහිප දෙනෙක්ම පෙන්වා දී තිබු අතර ඒ සම්බන්ධව 2012 වසරේ පළවී තිබු වාර්තාවක් මෙතනින් Archived

    මහාචාර්ය චරිත හේරත්ගේ මාධ්‍ය

    කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගේ මාධ්‍ය අංශය සදහන් කර සිටියේ මෙම සමාජ ජාලා සටහන් ඔස්සේ පැතිරෙන සේයාරුව සංස්කරණය කරන ලද එකක් මිස සත්‍ය ඡායාරුපයක් නොවන බවයි. එහෙත් අප විසින් එම සටහන්වල දක්වා තිබු අනෙකුත් පැවිදි හිමිනමක් ලෙස දැක්වූ බොහෝ කරුණු වලට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් පැවසුවේ එය අවශේෂ කරුණක් බවත් මහාචාර්යවරයාගේ පුද්ගලික ජිවිතයට අනවශ්‍ය ලෙස එබී බැලීමක් වන බවයි.

    එසේම මෙසේ හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සදාචාර විරෝධී බවත්, පටු දේශපාලනික වාසි ලබා ගැනීම සඳහා මහාචාර්ය චරිත හේරත් ඉලක්ක කරගනිමින් සිවුරු හැරීමට එල්ල කරන ප්‍රහාරයක් බවටත් ඇතැමුන් අදහස් දක්වා තිබුනේ මෙලෙසින්

    කෙසේ වෙතත් මුලික උපාධිය වශයෙන් 90 දශකයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබද විශේෂ උපාධියක්   හිමි කරගන්නා චරිත හේරත් , 2004 වසරේදී සිය MA උපාධිය හිමි කරගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ Ohio විශ්ව විද්‍යාලයෙන් බව මන්ත්‍රීවරයාගේ විස්තර ලෙස පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ ද සදහන් වෙනවා. ඒ සම්බන්ධ විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-12-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.