Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මකනයක මිල රු.250 දක්වා ඉහළ ගිය සිදුවීමේ ඇත්ත කතාව!

    2022-12-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙරට පවතින ආර්ථික අවපාතය හමුවේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නොසිතූ ලෙස ඉහළ යෑමත් සමග මෙරට ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. විශේෂයෙන් නව වාරය සඳ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මෙරට පවතින ආර්ථික අවපාතය හමුවේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නොසිතූ ලෙස ඉහළ යෑමත් සමග මෙරට ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. විශේෂයෙන් නව වාරය සඳහා පාසල් ළමුන්ගේ පොත්පත් වල, පාසල් බෑග්, පාසල් සපත්තු වල මිල ගණන් දැඩි ලෙස ඉහළ යාමත් සමග ඒවා දරුවන්ට ලබා දීමට නොහැකි තත්ත්වයන්ට මුහුණ පා තිබෙනවා. මේ අතර පාසල් දරුවන් භාවිත කරන මකනයක මිල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    පාසල් උපකරණ අතර කුඩාම උපකරණයේ වර්තමාන මිල සඳහන් කරමින් මකනයක මිල රු.250 ක් බවට හඟවමින් ඡායාරූප සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප සටහන සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප තීරණය කළේ, බොහෝ දෙනෙකු සාමාන්‍ය මකනයක් රු.250 ක දක්වා මිල ඉහළ ගිය ඇති බවට උපකල්පනය කර තිබූ බැවින්.

    කරුණු පැහැදිලි කිරීම :

    රටේ පවතින උද්ධමනය හමුවේ සියලුම භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගොස් තිබුණා.

    එවැනි වකවාණුවක පාසල් ළමුන් එදිනෙදා භාවිත කරන සාමාන්‍ය මකනයක මිල රු.250 දක්වා මිල ඉහළ ගොස් ඇති බවට දක්වා තිබූ බැවින් ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අප මෙරට ප්‍රධාන පෙළේ, පොත් හලවල් ඔස්සේ මකනවල මිල ගණන් පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

    ඒ අනුව එම්.ඩී.ගුණසේන පොත් හලේ අද වන විට මකන වල විකුණුම් මිල මෙලෙස දැක ගන්නට ලැබුණි.

    Mdgunasena |Archived Link

    එමෙන්ම සරසවි පොත් හලින් ද, මකන වල මිල ගණන් දක්වා තිබුණේ මෙලෙසින්.

    Sarasavi | Archived Link

    ඒ අනුව දැක ගන්නට ලැබෙන්නේ, සාමාන්‍ය මකන රු.50ට වඩා අඩු මිලක් යටතේ පවතින බවයි.

    අප මේ පිළිබඳව ඇතැම් පොත් හලවල් වලින් ද, තහවුරු කරගනු ලැබුවා.

    එමෙන්ම ඇතැම් අලංකාර, කුඩා දරුවන් සිත් ඇඳ බැඳ ගන්නා ආකාරයේ මකන වැඩි මිලක් යටතේ අලෙවි වන බව ද, ඔවුන් සඳහන් කළා.

    අප ඒ පිළිබඳ මාර්ගගත ක්‍රමයට භාණ්ඩ මිලදී ගත හැකි අඩවියක් හරහාද ඒ පිළිබඳ තහවුරු කර ගත් අතර, එහිදී විසිතුරු අයුරින් නිර්මාණය කර ඇති මකන වල මිල ගණන් වැඩි මිලකට පවතින බවට ද, දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    daraz

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ සඳහන් මකනයේ වර්ගය කුමක් ද?

    ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ, Staedler නමැති ජර්මන් මකන වර්ගයකි.

    එය කුඩා ළමුන් ද භාවිතා කළත් බොහෝ විට වෘත්තීය චිත්‍ර ශිල්පියො මෙන්ම වෘත්තීය ගෘහනිර්මාණ ශිල්පියො භාවිතා කරන විශේෂ මකන වර්ගයක් වනවා. අප මේ පිළිබඳ එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් විමසීමක් ද, සිදු කළා.

    ඔවුන් සඳහන් කළේ, ජර්මනියෙන් ආනයනය කරන මෙම ගුණාත්මක තත්ත්වයේ මකන විවිධ වර්ග වලින් විවිධ අරමුණු වෙනුවෙන් මිලදී ගත හැකි බවයි. ඉහත සඳහන් ඡායාරූපයේ මිල රු.207 සිට ඇති අතර මිල අඩුම ජර්මන් නිෂ්පාදිත මෙම Staedler සන්නාමය යටතේ ලංකාවේ අලෙවි වන මකනය රු.73ක් බව ද, සඳහන් කළා.

    Staedler වර්ගයේ මකන වර්ග සහ එහි වර්තමාන මිල ගණන් සම්බන්ධයෙන් ඔවුන් අප වෙත යොමු කළ සබැඳිය මෙතනින්. Archived Link.

    එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත ඡායාරූපයේ දැක්වෙන මකන වර්ගය හැඳිනගත් ෆේස්බුක් පරිශීලකයින් එම සටහන් සඳහා ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

    සැ.යු : ලංකාව මුහුණ දී ඇති දැඩි උද්ධමන තත්වය හේතුවෙන් සියලු භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ ගොස් ඇති බව පැහැදිලි කරුණක් වන අතර අනෙක් සෑම ක්ෂේත්‍රයකම වාගේම පාසල් උපකරණ ක්ෂේත්‍රයේ ද භාණ්ඩවල මිල ගණන් මේ අයුරින් ඉහළ ගොස් තිබෙනවා. මෙම ලිපිය හරහා අපි පෙන්වීමට උත්සහ දැරුවේ පාසල් ළමුන් විසින් භාවිතා කළ මීට පෙර රු.5 – රු.15 දක්වා වූ මිල ගණන් යටතේ තිබූ මකන වර්ග රු.250ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ජනතාව නොමග ගොස් ඇති හෙයින් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් පමණී.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Avatar

    Title:මකනයක මිල රු.250 දක්වා ඉහළ ගිය සිදුවීමේ ඇත්ත කතාව!  

    Fact Check By: Pavithra Sandamali 

    Result: Explainer

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-12-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.