
පසුගිය දින කිහිපයේ දී ඉන්ධන හිඟය ඉතා උග්ර අතකට හැරී තිබුනේ, දිවයිනේ පවතින ඉන්ධන සංචිත ඉතා අඩු අගයක තිබීම හේතුවෙන්, ලංකා IOC ඉන්ධන හල් කිහිපයක් සහ අත්යාවශ්ය සේවා සඳහා ඉන්ධන සපයන ස්ථාන කිහිපයක් හැර, දිවයින පුරා ඉන්ධන හල් වෙත පෙට්රල් සහ ඩීසල් ලබාදීම, රජය අත්හිටුවා තිබීමත් සමඟයි.
මෙවන් අතිශය ගැටලුකාරී තත්ත්වයක් මතුව පවතින වාතාවරණයක සමාජ ජාල තුළ, ඉන්ධන නැවත ලැබීමේ කාල වකවානු පිලිබඳ නොයෙකුත් සංවාද නිරන්තරයෙන් ඇති වී තිබෙන අතර ඇතැම් නොමඟ යවන සුළු ප්රචාර නිසා ජනතාව තව තවත් මානසිකව ඇද වැටෙනවා. අගමැති උපදේශක සාගල රත්නායක මහතා විසින් ඉන්ධන නැවත ලැබෙන දිනයන් පිළිබදව සිදු කල ප්රකාශයක් ඔස්සේ, සම්පුර්ණ කරුණු දැක්වීමකින් තොරව සමාජ මාධ්ය ඔස්සේ එලෙසින් නොමඟ යවන සුළු කෝණයෙන් හුවමාරු වූ සටහන් පෙළක් පිළිබඳව අපගේ විමසුම මෙලෙසින්.
සමාජ ජාලා සටහන් :
ජූලි 22 තෙක් ඉන්ධන නැවක් නොපැමිණෙන බවට අග්රාමාත්ය උපදේශක සාගල රත්නායක පැවසූ බවට වන සටහන් සමාජ ජාලාවල පැතිරුණේ පහත අයුරින්.

ඇතැම් ප්රධාන මාධ්ය ද, මේ පිළිබඳව වාර්තා කර තිබුණේ මේ අයුරින්.

සත්ය වශයෙන්ම සාගල රත්නායක මහතා මෙවන් ප්රකාශයක් සිදු කළාද යන්න පිළිබඳ අප කරුණු විමසා බැලුවා.
ඉහත ප්රකාශය සිදු කළ බවට දැක්වෙන ජුනි මස 29 වෙනිදා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ ප්රවෘත්ති කතුවරුන් අතර පැවති මාධ්ය සාකච්ඡාව පිළිබඳ අපගේ අවධානය අප ප්රථමයෙන් යොමු කළා.
එහි සම්පුර්ණ මාධ්ය ආවරණය නිරීක්ෂණය කළ අපට පැහැදිලි වූයේ අග්රාමාත්ය උපදේශක සාගල රත්නායක මහතා පවසන්නේ, ජූලි මස 11 සහ 15 අතර ඩීසල් නැවක් පැමිණෙන බවත්, පෙට්රල් සැපයුම සම්බන්ධයෙන් ස්ථීර තීරණයක් නොමැති බවත්, ඉන්දියාව පෙට්රල් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙන අතර එම පෙට්රල් නෞකාව මෙරටට පැමිණීමට නියමිත වන්නේ, ජූලි මස 22 වන දා බැවින්, එම කාලය දීර්ඝ වීම හේතුවෙන් ඊට පෙර පෙට්රල් ලබා ගැනීම සඳහා සැපයුම්කරුවන් සමග සාකච්ඡා කරන බවත්, 22 වන දා ඉන්දියාව විසින් විශේෂ උපකාරයක් ලෙස ලබා දෙන පෙට්රල් ද, ලබා ගන්නා බවත් ඔහු සඳහන් කරනු ලබයි.
එම මාධ්ය හමුවේ දී සාගල රත්නායක මහතාගේ කරුණු දැක්වීමේ කොටස ඇතුළත් වීඩියෝ කොටස පහතින්.
මෙහිදී පැහැදිලි වන්නේ ජූලි 22 වන දා තෙක් පෙට්රල් නෞකාවක් මෙරටට නොපැමිණෙන බවට සඳහනක් සාගල රත්නායක අග්රාමාත්ය උපදේශකවරයා නොපැවසූ බවයි.
මේ සම්බන්ධයෙන් අද දෙරණ වාර්තා කර තිබුණේ මෙලෙසින්. ඩේලිනිවුස් පුවත්පත් වාර්තාවක් මෙතනින්. එහි දැක්වෙන්නේ ද තහවුරු කරන ලද පෙට්රල් ඇණවුමක් ලැබීමට නියමිත ජුලි 22 වන දා ට පෙර වෙනත් ඉන්ධන තොග ලබාගැනීම ද විවිධ පාර්ශව සමඟ සාකච්ඡා සහ උත්සාහයන් ක්රියාත්මක කරන බවයි.
අප මේ සම්බන්ධයෙන් ජුනි 29 වන දා පළකර තිබු ෆේස්බුක් සටහන මෙතනින්
ඉන් අනතුරුව ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට රටේ මතුව පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද අප සොයා බැලුවා. එහිදී අපට නිරීක්ෂණය වුවේ පහත කරුණුයි.
කාංචන විජේසේකර ,විදුලි බල හා බල ශක්ති අමාත්යවරයා විසින් ජූලි මස 3 වන දින ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ වන විට ඇති දත්ත වලට අනුව තෙල් නැව් පැමිණෙන දින වකවානු පවසනවා. ඔහු නිකුත් කර ඇති Twitter පණිවිඩය පහතින්.
1) CPC Cargo Schedule –
— Kanchana Wijesekera (@kanchana_wij) July 3, 2022
Confirmed Arrivals July –
Diesel – Coral 8-9, Vitol 11-14
Petrol – IOC 22-23
Crude Oil – Coral 15 July & 12 Aug
Furnace Oil – Coral 10/11
Awaiting Arrival Confirmation
Petrol – 10/11 July – Malaysia
Diesel – 15-17 July – IOC-upon advance payment
එම පණිවුඩයේ සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් මේ වන විට තහවුරුව ඇති දත්තවලට අනුව ඩීසල් නැව් 2ක් පැමිනීමට නියමිත අතර එම නැව් 2 ජූලි 8-9 වකවානුවේ සහ 11-14 දිනවල පැමිණීමට නියමිතයි. IOC ඔස්සේ පෙට්රල් නැවක් 22-23 දිනවල පැමිණෙනු ඇත. එමෙන්ම ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සඳහා පෙට්රල් සහ ඩීසල් ඉන්ධන 2 ම රැගත් නැව් 2 ක් ,ජූලි 13-14 සහ 30-31 දිනවල පැමිණෙනු ඇත.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News



