Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    වෛද්‍ය ෂාෆි යළි සේවය පිහිටුවීමේ තීරණයක්?

    2021-12-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා සිටින විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා යළි සේවයේ පිහිටුවා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කිරීමත් සමගම සමාජයෙන් යළි දෝෂාරෝපණය වත්මන් ආණ්ඩුව දෙසට එල්ල වුණා. සත්‍ය වශයෙන්ම මෙලෙස තීන්දුවක් ලබා දුන්නා ද යන්න ප

    වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා සිටින විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා යළි සේවයේ පිහිටුවා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කිරීමත් සමගම සමාජයෙන් යළි දෝෂාරෝපණය වත්මන් ආණ්ඩුව දෙසට එල්ල වුණා. සත්‍ය වශයෙන්ම මෙලෙස තීන්දුවක් ලබා දුන්නා ද යන්න පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    පසුගිය දෙසැම්බර් 17 වන දා මව්බිම පුවත්පතේ වඳ සත්කම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ වෛද්‍ය ෂාෆි යළි සේවය පිහිටුවීම සම්බන්ධයෙන් වාර්තා කළ පුවතක් ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත රැගත් සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    ප්‍රධාන මාධ්‍ය වෙබ් අඩවිද මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මේ අයුරින්.

    Hiru News| Archived Link

    එමෙන්ම තවත් පුවත් වෙබ් අඩවි වෛද්‍ය සාෆි යළි සේවයේ පිහිටුවා ඇති බවට වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link |Archived Link|Archived Link

    “සිසේරියන් සැත්කම්වලින් පසු තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා ”යනුවෙන් 2019 වර්ෂයේ මැයි 23 වන දා දිවයින පුවත් පත මගින් සහ එහි වෙබ් අඩවිය මගින් පුවතක් පළ කර තිබුණු අතර ඒ පිළිබඳව සාක්ෂි සහිතව තොරතුරු හෙළි වේ යනුවෙන් පවසමින් පුවත් වාර්තාවේ දැක්වුණේ, සිංහල බෞද්ධ මවුවරුන් 4000කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩාවමක් පුළුල් විමර්ශන ආරම්භ කර තිබුණු බවයි. 

    මේ ඔස්සේ ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් සමාජයේ ඇති වූ අතර එම ආන්දෝලනාත්මක පුවත පළවීමෙන් දින දෙකකට පසුව වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනිණි.

    2019 වර්ෂයේ මැයි මස 24 වැනි දා සිට විශේෂඥ වෛද්‍ය සාෆි අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.

    රක්ෂිත බන්ධානාගාරගත කරනු ලැබ සිටි වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි ඇප මත මුදාහරින මෙන් පසුගිය ජුලි 25 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් නියෝග කර තිබුණා. ඒ ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සනාථ කිරීමට නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීමෙන් අනතුරුවය. ඒ බවට පළ වූ පුවත් වාර්තාවක් මෙතනින් සහ මෙතනින්. Archived Link.

    2019 වර්ෂයේ මැයි මස 24 වැනි දා සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි අනිවාර්ය නිවාඩු යවා ඇති කාලය තුළ කාලයට අදාල සියලු වැටුප් ගෙවීම සම්බන්ධයෙන් හා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් යන කරුණ ඔස්සේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙතට පසුගිය දෙසැම්බර් 06 වන දා ලිපියක් යොමු කර තිබුණා.

    කෙසේ වෙතත් මෙහි නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ලිපියේ මාතෘකාවේ සඳහන් කළද, එම ලිපියේ අන්තර්ගතයේ එ් සම්බන්ධයෙන් කිසිදු කරුණු පැහැදිලි කිරීමක් සිදු කර නොතිබුණු අතර අදාළ වෛද්‍යවරයා අනිවාර්යය නිවාඩු යැවූ කාලය තුළ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ :20.2 අනුව වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් එයින් දන්වා තිබූ අතර ආයතන සංග්‍රහයට අනුව හිඟ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් හේතුවූ කරුණු කුමක්ද යන්නත් එම ලිපියෙන් විමසා තිබුණේ මෙලෙසින්.

    ආයතන සංග්‍රහයේ අදාළ කොටස පහතින්

    ඉහත ලිපිය පාදක කොට ගෙන ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු අනෙකුත් පුවත් වලද සමාජ මාධ්‍ය තුළ ද මේ සම්බන්ධයෙන් වාර්තා කරනු ලැබුවේ, වෛද්‍ය ෂාෆි මහතා හිඟ වැටුප් ද සහිතව යළි සේවයේ පිහිටුවා ඇති බවටයි.

    කෙසේ මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු තහවුරු කරනු ලැබුවේද, වෛද්‍ය ෂාෆි යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කර නොමැති බවත්, අදාළ වෛද්‍ය වරයාට අනිවාර්‍ය නිවාඩු යැවීම සිදු කළ කාලය තුළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පමණක් කටයුතු කළ යුතු බවට දැන්වූ බවයි. 

    කෙසේ වෙතත් වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊයේ (17) ඩී.එල්.යූ. පීරිස් මහතා ද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

    ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා අනිවාර්ය නිවාඩු ගැන්වූ කාලය සඳහා ලැබිය යුතු වැටුප් ගෙවන ලෙසට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දී තිබුණ ද කිසිදු අවස්ථාවක වෛද්‍ය සාෆි මහතා නැවත සේවයේ පිහිටුවීමට උපදෙස් දීමක් කර නැතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    වෛද්‍ය ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස අවස්ථා කිහිපයකදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අභියාචනා ඉදිරිපත් කරන ලද අතර, ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් අනිවාර්ය නිවාඩු ගැන්වීම සුදුසු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත නිර්දේශ කළ බවද අතිරේක ලේකම්වරයා පවසනවා.

    Dr.-Safi

    මේ පිළිබඳව අපට ඉදිරියේ දී ලැබෙන තොරතුරු අනුව යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-12-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.