Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගෑස් සිලින්ඩර් පිපිරීමේ අවධානම අවම කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂණ උපදෙස් මාලාවක්!

    2021-12-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගෑස් ලිප්, ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව දිවයිනේ ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ පිපිරීම් දිගින් දිගටම වාර්තා වීමත් සමඟම ඒ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් මේ දින වල දැක ගන්නට ලැබෙනවා. තවමත් නිසියාකාරව මේ පිළබඳ තහවුරු වූ තොරතුරු නොමැති වීම හේතුවෙන් ජනතාව පසු වන්නේ ඒ ප

    ගෑස් ලිප්, ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව දිවයිනේ ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ පිපිරීම් දිගින් දිගටම වාර්තා වීමත් සමඟම ඒ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් මේ දින වල දැක ගන්නට ලැබෙනවා. තවමත් නිසියාකාරව මේ පිළබඳ තහවුරු වූ තොරතුරු නොමැති වීම හේතුවෙන් ජනතාව පසු වන්නේ ඒ පිළිබඳව විමසිල්ලෙන්. මෙවන් පසුබිමක ලංකාවේ මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩර් පිපිරීම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයක් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පත්‍රිකාවක් පිළිබඳව ද කිහිප දෙනෙක්ම විමසිලිමත් වී තිබුණා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ගෑස්.පිපිරීම් වලින් බේරෙන්න එක්සත් ජාතීන්ගේ කාර්යාලයෙන් උපදෙසක්” යනුවෙන් ශ්‍රී ලංකා එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සඳහන් කළ උපදෙස් මාලාවක් බවට දක්වමින් උපදෙස් පත්‍රිකාවක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය නොවැම්බර් 29 වන දා ආරක්ෂාව සම්බන්ධයෙන් උපදේශන මාලාවක් යන තේමාව යටතේ ගෑස් සිලින්ඩර් පිපිරීම සම්බන්ධයෙන් එහි දක්වා තිබෙනවා.

    එහි සඳහන් වූයේ මෙම උපදෙස් මාලාවට හේතු වූයේ පසුගිය සති කිහිපයේ මෙරට තුළ සිදුවූ ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් රට තුළ නොයෙක් ප්‍රදේශ වලින් ලබා ගන්නා සාම්පල 15 ක් ලබා ගෙන ගෑස් සිලින්ඩරයන්හි ගුණාත්මක තත්ත්වට විමර්ශන කරන බවටත්, කෙසේ වෙතත් මතු ආරක්ෂාව සඳහා LPG ගෘහස්ථ ගෑස් සිලින්ඩර් භාවිතා කිරීමේදී සැලකිය යුතු කරුණු සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන ලද කරුණු වල පරිවර්තනය මෙසේය.

    LPG ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ වෑල්වය උඩු අතට සිටින සේ සිරස් අතට ගෑස් සිලින්ඩරය තිබිය යුතු බව, 

    LPG ගෑස් සිලින්ඩර බිම් මට්ටමේ ස්ථාපනය කළ යුතු අතර කිසි විටෙක බිම් මට්ටමට පහළින් ස්ථාපනය නොකළ යුතුයි.

    LPG ගෑස් සිලින්ඩරය වාත්‍රාශය හොඳින් නොලැබෙන ස්ථානයක ස්ථාපනය නොකළ යුතුයි.

    LPG ගෑස් සිලින්ඩරය වසා ඇති රාක්කයක(කබඩ්)  ස්ථාපනය කරයි නම්, එම ස්ථානයය හොඳින් වාත්‍රාශය ලැබෙන සේ ස්ථාපනය කළ යුතුයි.

    LPG ගෑස් සිලින්ඩරය හිස් වූවත්, ගෑස් පුරවා ඇති වූවත් මුළුතැන් ගෙයි ස්ථාපනය නොකල යුතුවේ.

    පිසීමේ උපකරණ පොළව මත හෝ ලී මේස මත ස්ථාපනය නොකළ යුතුයි.

    මුළු තැන්ගෙයි හෝ ආසන්නයේ ගිනි ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීම Ex: දුම් / ගෑස් කාන්දු අනාවරකය, තාප අනාවරකය සහ ගිනි නිවන උපකරණ (රසායනික කුඩු) ස්ථාපනය කළ යුතුයි.

    ගෑස් කාන්දුවීමක් ආඝ්‍රාණය වුවහොත් එම ස්ථානයෙන් පිටත්ව එළිමහනකට යායුතුයි.

    එවන් අවස්ථාවකදී ප්‍රථමාධාර සඳහා අවශ්‍ය සියල්ල ලඟ තබා ගත යුතුය.

    ඔබ රැඳී සිටින ස්ථානයේ හදිසි පිටවීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත යුතුය.

    අවන්හලකදී මුළුතැන්ගෙය ඈතීන් සහ හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනෙක අසුන් ගන්න.

    හදිසි ඇමතුම් අංක, එමෙන්ම ගිනි නිවන අංශවල දුරකතන අංක නිවසේ එක් දොරක හෝ ගසා තබන්න.

    ගින්නක් හෝ ගෑස් කාන්දුවීමක් හෝ දුමක් සම්බන්ධයෙන් ඔබේ නෙත ගැටුණු සැනින් ගිනි නිවන අංශ සහ පොලීස් හදිසි ඇමතුම් ඒකකය දැනුවත් කිරීමට පියවර ගන්න යනුවෙනි.

    මෙම සටහන WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ ද බහුල වශයෙන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    ෆේස්බුක් ඔස්සේ පරිශීලිකයින් අතර සංසරණය වී තිබූ අයුරු පහතින්.

    මෙම උපදෙස් මාලාව සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද්දක්ද නැතහොත් අසත්‍ය සටහනක් ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු අපගෙන් විමසා සිටියා. ඇතමුන් මෙම උපදෙස් මාලාව අසත්‍ය බවටද ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

    මේ පිළබඳව විමසීම සඳහා අප මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුර නිලධාරීතුමාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, මෙම උපදෙස් මාලාව නිකුත් කරනු ලැබුවේ මෙරට ශාඛාවේ තුළ සිටින සේවක මණ්ඩලයේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ගැන දැනුවත් කිරීම පමණක් බවත්, එය සාමාන්‍යයෙන් යම් කිසි සංවිධානයක් තුළ, ආයතනයක් තුළ ලබා දෙන මග පෙන්වීමක් පමණක් බවත්, තම රජයේ බලධාරීන් විසින් සපයනු ලබන සියලුම ආරක්‍ෂිත උපදෙස් මහජනතාව පිළිපැදීම යෝග්‍ය බවත් ඔහු සඳහන් කර සිටියා

    ලොව පුරා කර්මාන්ත සඳහා ප්‍රමුඛ පෙළේ සමස්ත තත්ත්ව සහතික සපයන්නෙකු වන SAI Global වෙබ් අඩවියේ LP ගෑස් ගබඩා කිරීම සහ හැසිරවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු/නවසීලන්ත ප්‍රමිතිය පිළිබඳ දැක්වෙන වාර්තාවේ ගෑස් සිලින්ඩර අනතුරු සම්බන්ධයෙන් ලබා දී ඇති මාර්ගෝපදේශය මෙතනින්.

    ගෑස් සිලින්ඩරය ගිනි ගත්තොත් කළ යුතු දේ සම්බන්ධව සිංහල බසින් පළ වූ වාර්තාවක් මෙතනින්. Archived Link

    පසුගිය පුරා දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි වාර්තාවූ ගෑස් සිල්න්ඩරය,ගෑස් ලිප් ආශ්‍රිතව හටගත් පිපිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට හා විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් ඊයේ (01) පස්වරුවේ මොරටුව විශ්වවිද්‍යාලයේදී පවත්වා තිබේ. එසේම ප්‍රදේශ දොළහකින් ලබාගත් ගෑස් සිලින්ඩර් පරීක්ෂාවට ලක් කරමින් ඒ පිළිබඳ  විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරිමට නියමිත අතර කමිටු වාර්තාව ඉදිරි දෙසතිය ඇතුළත ජනාධිපතිවරයා වෙත භාර දීමට සැලසුම් කර ඇති බවටත් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-12-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.