Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස විවෘත වන්නේ කවදා ද?

    2021-12-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update : මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය (ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම අද (2022 ජනවාරි 15) සිදු කෙරුණා. මධ්‍යම අධිවේගි මාර්ගයේ 2 වන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා ද

    Update : මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය (ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම අද (2022 ජනවාරි 15) සිදු කෙරුණා.

    මධ්‍යම අධිවේගි මාර්ගයේ 2 වන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මාර්ගය විවෘත කෙරෙන දින වකවාණුව දිනෙන් දින මාධ්‍ය විසින් වාර්තා කරත් මෙතෙක් එම ප්‍රකාශ කළ දිනයන් හි එම කොටස නොයෙකුත් හේතුන් මත විවෘත කිරීම ප්‍රමාද වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද මෑතකදී පළ කළ පුවත් වාර්තා සහ සටහන් ඔස්සේ පවසා තිබුණේ පසුගිය නොවැම්බර් මස 28 වන දා මීරිගම සිට කුරුණෑගල කොටස විවෘත කෙරෙන බවයි. ඒ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද මුල් කරගනිමින් මේ පිළිබඳව අප කළ කරුණු පැහැදිලි කිරීමයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    මධ්‍යම අධිවේගයේ මීරිගම පොතුහැර දක්වා කොටස නොවැම්බරයේ ජනතා අයිතියට යනුවෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ද මීට මාස කිහිපයකට පෙර සිටම වාර්තා කර තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස නොවැම්බර් 15 ජනතා අයිතියට…

    Mawbima | Archived Link

    තවත් ප්‍රධාන මාධ්‍ය පුවත් වෙබ් අඩවි මේ පිළබඳව වාර්තා කළේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස පසුගිය නොවැම්බර් මස අවසන් වන විට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළ බවයි. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

    Archived Link| Archived Link

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ (CEP)අදියර 4 ක් යටතේ ඉදිකෙරුණු ලබයි ඒ අනුව,

    1 අදියර – කඩවත සිට මීරිගම, දිග ආසන්න වශයෙන් කියලෝමීටර 37.0

    2 අදියර -මීරිගම සිට කුරුණෑගල, දිග ආසන්න වශයෙන් කියලෝමීටර 39.7

     මීරිගම සිට අඹේපුස්ස, දිග ආසන්න වශයෙන් කියලෝමීටර 9.1

    3 අදියර – පොතුහැර සිට ගලගෙදර, දිග ආසන්න වශයෙන් කියලෝමීටර 32.5

    4 අදියර -කුරුණෑගල සිට දඹුල්ල, දිග ආසන්න වශයෙන් කියලෝමීටර 60.3

    මේ පිළිබඳව මධ්‍යම අධිවේගි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අවසාන පාරසරික බලපෑම් වාර්තාව සම්බන්ධයෙන් දක්වා තිබුණේ මෙලෙසින්.

    ඒ අනුව මෙහි දෙවන අදියර යටතේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස මීට පෙර ද විවෘත කිරීමට මේ වසරේ මාර්තු මසදී සිදු කෙරෙනු බවට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා තිබුණා. ඒ බවට පළ වූ පුවතක් මෙතනින්. Archived Link

    කෙසේවෙතත් මෙම කොටසේ ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත් සමාගම හිතාමතාම ඉදිකිරීම් ප්‍රමාද කරමින් සිටින බැවින්  සැලසුම් කළ පරිදි මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන කොටසේ ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි බව ද මහා මාර්ග අමාත්‍යවරයා සඳහන් කළ පුවත් පත් වාර්තාවක් මෙතනින්. Archived Link

    පසුගිය මාර්තු මාසයේදී විවෘත කිරීමට තිබූ මෙම කොටස විවෘත කිරීම ප්‍රමාදය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතාගෙන් මීට පෙර අප්‍රේල් මස දී අප විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ, කොවිඩ්19 තත්වය ඇතුළු විවිධ ප්‍රයෝගික අභියෝග හමුවේ කල්ගත වී ඇති බවත්, දැනට සැලසුම් කර ඇති පරිදි කටයුතු නිම කිරීමට හැකිවේ නම්, බොහෝදුරට  සැප්තැම්බර් මාසයට පෙර එම කොටස විවෘත කිරීමට හැකිවනු ඇති බවක්.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස නොවැම්බර් මස 15 වන දා ජනතා අයිතියට පත් කරන බවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවා. ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන අදියරේ රුක් රෝපණය කිරිමේ වැඩසටහනට එක්වෙමිණි.

    https://www.facebook.com/johnstonfernando/videos/4250358265085130/

    ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී, හිටපු මහමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස විවෘත කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී වර්තමාන මහමාර්ග අමාත්‍ය වරයා සඳහන් කළේ  එම කොටස නොවැම්බර් මස විවෘත කිරීමට පියවර ගන්නා බවයි.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස දෙසැම්බර් මස තුළදී විවෘත කිරීමට නියමිත බවයි අප කළ විමසීමේදී මහාමාර්ග අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක පවසා සිටියේ.

    එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතාගෙන්ද අප මේ පිළිබඳව විමසා සිටි අතර ඒ මහතා සඳහන් කළේ, මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස දෙසැම්බර් මස තුළදී ජනතා අයිතියට පත් කිරීමට තීරණය කර ඇති බවත්, දිනයක් මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බවත්, මාර්ගයේ තවත් වැඩකටයුතු කිහිපයක් සිදු කිරීමට නියමිත බැවින් පෙර සැලසුම් කළ පරිදි පසුගිය නොවැම්බර් 28 වන දා එම කොටස විවෘත කිරීම කල් දැමීමට සිදුවූ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතාගෙන් අප කළ විමසීමේදී සඳහන් කළේ.

    කෙසේ වෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 16 වනදා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට තීරණය කර ඇති බවට නෙත් News වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්නFacebook | Twitter | Instagram | Google News

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-12-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.