Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හෙලිකොප්ටර් යානයකින් මුදල් හෙළන අවස්ථාවක් ද?

    2024-03-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව එදිනෙදා ජීවිතය ගෙන යාම සඳහා විශාල අරගලයක යෙදෙන බව නොරහසක්. එමෙන් ම දුගී ජනතාවගේ අසීරු කම් ප්‍රයෝජනයට ගනිමින් දේශපාලඥයින් විසින් ජනතාව නොමග යවන ක්‍රිය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මෙරට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව එදිනෙදා ජීවිතය ගෙන යාම සඳහා විශාල අරගලයක යෙදෙන බව නොරහසක්. එමෙන් ම දුගී ජනතාවගේ අසීරු කම් ප්‍රයෝජනයට ගනිමින් දේශපාලඥයින් විසින් ජනතාව නොමග යවන ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාව වෙත පිළිකුලක් ඇති වී තිබෙනවා. 

    මේ අතර කුතුහලය දනවමින් මේ දිනවල හෙලිකොප්ටර් යානා මගින් ජනාකීරණ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මුදල් පහතට හෙළන බවට සඳහන් කළ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව දක්නට ලැබුණා. මේ පිළිබඳ ව බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබූ අතර ඇතැම් පිරිස් මේ ඔස්සේ නොමග ගොස් තිබුණා. එමනිසා මෙහි සත්‍ය කරුණු සොයා කරුණු විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගත්තා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “වැලිගම නගරයේ හෙලිකොප්ටර් සල්ලි හැලෙයි. ආයේ මොන යුගයකටද” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාජ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

    හෙලිකොප්ටර් යානාවකින් ගුවනේ සිට යම් කොළ වර්ගයක් ජනාකීර්ණ ප්‍රදේශයකට හෙළන බව ත්, එ්වා ඇහිඳ ගැනීමට මිනිසුන් ඔබමොබ යන දර්ශනයත් දැක ගන්න ට ලැබෙන අතර, මෙම වීඩියෝවෙන් අදහස් කර තිබුණේ, මෙය යම්කිසි පක්ෂයක ට අයත් මැතිවරණ ප්‍රචාරණයක් බවට යි.

    Facebook

    මෙවැනි වීඩියෝව ක් Tiktok ඔස්සේ ද, සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    @_____innocent_risu

    Today Aluthgama 😃 Money Money Money 😂😂😂 #aluthgama #benthota_🇱🇰 #money #hellycopter🚁 #fypシryou #fyppppppppppppppppppppppp #onemillionaudition #100kviews

    ♬ Ridichcha Hadawatha Sinhala song – Reshani Thermila

    මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙය කුමක් ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු උනන්දු වී ඇති බවයි. එමෙන් ම මේ පිළිබඳ ව බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවයි.

    මේ හේතුවෙන් අප මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනය කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

    ඉහත පළ මු වීඩියෝවේ දැක්වෙන්නේ වැලිගම නගරයේ  ප්‍රධාන බස් නැවතුම්පළ අසළ බැවින් මෑතකදී ගුවනේ සිට මුදල් විසකළ සිදුවීමක් වූවා ද, යන්න අප එම ප්‍රදේශයේ ප්‍රාදේශී මාධ්‍යවේදීන්ගෙන් විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ, යම්කිසි ප්‍රවර්ධන වැඩසටහනක ට සමගාමී ව කූපන් පත් ගුවනේ සිට ජනාකීර්ණ ප්‍රදේශ වලට දමා ඇති බවයි.

    ඒ අනුව අප වැඩිදුර විමර්ශනයේදී දැක ගන්න ට ලැබුණේ, එය කිසියම් පක්ෂයක් විසින් සිදු කරන මැතිවරණ ප්‍රචාරණයක් හෝ උඩු ගුවනේ සිට මුදල් විසි කරන අයුරු හෝ නොවන බවයි.

    එය ස්වරණවාහිනි නාලිකාව විසින් ”ස්වර්ණ ශ්‍රී පුදුමය උඩ බැලුවත් බිම බැලුවත් සල්ලි” යන තේමාව යටතේ සිදු කරන ප්‍රවර්ධන වැඩසටහනක් බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ, මුළු දිවයිනම ආවරණය වන පරිදි හෙලිකොප්ටර් යානා මගින් ගුවනින් කූපන්පත් බෙදීම මේ වන විට ආරම්භ කර ඇති බව ත්, හෙලිකොප්ටර් යානා මගින් ගුවනින් හෙලන කූපන් පත් වලින් තෝරා ගන්නා කූපන් පත් එම ආයතනය හරහා දැනුම් දීමෙන් පසු දිනුම් අදින ලද කූපන් පත් සඳහා පමණක්  මුදල් ත්‍යාග පිරිනමනු ලබයි. ඒ සම්බන්ධයෙන් පළ වූ සටහනක් මෙතෙනින්. Archived Link එමෙන් ම මේ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනි නාලිකාවේ Live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශෙයේ පළ වූ පුවතක් මෙතනින්.

    ස්වර්ණවාහිනියේ ඩිජිටල් අංශයේ කළමණාකරතුමාගෙන් අප මෙම ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් විමසා සිටි අතර ඔහු තහවුරු කළේ ද, මෙය එම ආයතනයේ ප්‍රවර්ධන වැඩසටහනක් බව ත්, මුදල් නොව කූපන් පත් උඩු ගුවනේ සිට හෙලිකොප්ටර්යකින් පහතට හෙළන බව ත්, එම කූපන් ලබා ගත් පුද්ගලයන් විසින් ඔවුන්ට හිමි අංකය SMS ආකාරයකින් දැනුම් දීමෙන් අනතුරුව එම කූපන් අංක අතරින් අහඹු ලෙස තෝරා ගන්නා ජයග්‍රහකයෙක් ට මුදල් ත්‍යාග හිමි වන බව ත් සඳහන් කළා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok|WhatsApp

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-03-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.