
ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ට ඊයේ(22) අලුයම ආරක්ෂක අංශ විසින් එල්ල වූ ප්රහාරය හමුවේ, පහර කෑමට ලක් වූ කාන්තාවකගේ ඡායාරූපයක් සමාජ මාධ්ය ඔස්සේ බහුලව සංසරණය වුණා. මුහුණ නොපෙන්වා සිරුරේ පිටුපස පිට ප්රදේශය පමණක් පෙන්වා තිබූ එම ඡායාරූපයේ සිටින තරුණිය යනුවෙන් දැක්වීමට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ තරුණියන් දෙදෙනෙකුගේ ඡායාරූප වල දැක්වෙන්නේ, සත්ය වශයෙන්ම ඔවුන් ද යන්න පිළිබඳ අප කළ සොයා බැලීමක් පහතින්.
සමාජ මාධ්ය සටහන් :
“අයියේ ගහන්න එපා. කියලා කෑ ගැහැව්වත් මට ගැහැව්වත් මට ගැහැව්වේ මොන හිතකින්ද ඇත්තටම උබලාට නංගිලා දරුවෝ නැද්ද කියලා හිතුනා. කමක් නෑ බන් මම ගුටිකෑවේ මගේ අනාගතේ දරුවන් වෙනුවෙන්. ඉක්මන් සුවය ලැබේවා!” යනුවෙන් සඳහන් කරමින් තරුණියකගේ ඡායාරූපයක් මෙන්ම එම තරුණිය එලෙස පහරකෑමකට ලක් වූ ආකාරයක ඡායාරූපයක් ලෙසට හඟවමින් සමාජ මාධ්ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

එමෙන්ම තවත් ඡායාරූපයක් සංසරණය වී තිබුණේ පහර කෑමට ලක් වූ තරුණිය සඳනි නමැති තරුණියකගේ බවට හඟවමින් ඡායාරූප සටහනක් ද, පළ වී තිබුණේ මේ අයුරින්.
සත්ය වශයෙන්ම ඊයේ (22) ප්රහාරයට ලක් වූ තරුණිය හා පිරිස් සම්බන්ධ තොරතුරු පිළිබඳ අප විමසා බැලීමක් සිදු කළා.
පසුගිය 22 වන දා අලුයම කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර පිහිටි ‘ගෝඨා ගෝ ගම’ අරගල භුමියේ රැදී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ විසින් ප්රහාර එල්ල කර තිබුණේ මෙලෙසින්.
මේ අතර මෙලෙස පහර කෑමට ලක් වූ පුද්ගලයන්ගේ ඡායාරූපද, සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.
Many protestors were assaulted by the military at GGG, including Lahiru Weerasekera, BBC journalist – Jerine Samuel, Rasika Gunawardena, lawyer – Chamara Jayasinghe, Faizan Ahmad & Shabeer Mohamed.
— Mari (@EmDeeS11) July 21, 2022
Why strike like a coward at 1am Ranil? pic.twitter.com/pg4SQSW3fz
එමෙන්ම ඉහත ඡායාරූපය, ඊයේ(22) දින පහර කෑමට ලක් වූ කාන්තාවක්ගේ ඡායාරූපයක් බවට පවසමින් සමාජ මාධ්ය ඔස්සේ මෙවන් සටහන්ද, සංසරණය වුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
ඉසයිප්රියාගේ ඡායාරුපයක් ඊයේ පහරදීම ලක්වූ කාන්තාව ලෙස පෙන්වූ අවස්ථාවක්
එම කාන්තාව ලෙස ඉහත සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ පළමු ඡායාරූපයේ සිටින්නේ, ශ්රී ලාංකික දෙමළ මාධ්යවේදිනියක් සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE)රූපවාහිනී නිවේදිකාවක් වන ශෝබා නොහොත් ශෝබනා ධර්මරාජාගේ ඡායාරූපයකි. ඇය බොහෝ දෙනෙකු හඳුන්වනු ලබන්නේ ඉසයිප්රියා (Isaipriya) ලෙසයි.
එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වී පස් වසර සැමරෙද්දී බ්රිතාන්ය දෙමළ සංසදය ඡායාරූප කිහිපයක් පළ කරමින් පවසා ඇත්තේ, 2009 වසරේදී ඉසයිප්රියා ශ්රී ලංකා හමුදාව විසින් පණ පිටින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරා දමා ඇති බවයි. ඒ පිළිබඳව පළ වූ BBC මාධ්ය වාර්තාව මෙතනින්. Archived Link
පසුගිය මැයි මස ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට පැමිණි පා ගමනකදී, ඉසයිප්රියාගේ රුව රැගත් බැනරයක්ද දැක ගන්නට ලැබුණා. ඒ පිළිබඳ Tamil Guardian වෙබ් අඩවිය පළ කර තිබුණේ මෙලෙසින්. Archived Link
Justice demanded for Isaipriya at Galle Face protest
— Tamil Guardian (@TamilGuardian) May 3, 2022
Protestors at Colombo’s Galle Face Green called for justice for famed Tamil newsreader Isaipriya, who was executed by the Sri Lankan army in 2009.
Yesterday marked her 40th birthday.https://t.co/KiFJ2V4cvF pic.twitter.com/4BC6bh8VsT
මෙහි පෙන්වා දී ඇති ඉසෙයිප්රියාගේ ඡායාරුපය ඊයේ (22) පහර කෑමට ලක්වූ කාන්තාව ලෙස පෙන්වා දී තිබූ සටහන් හි යොදා ගෙන ඇති බව ඒ අනුව පෙනී යනවා.
එසේම ඉසෙයිප්රියාට මීට වසර ගණනකට පෙර අත්වූ ඉරණම අද සිංහල කාන්තාවන් ට ද අත්වන බව දැක්වීමට සංකේතාත්මක ව ද ඇයගේ සේයාරුව යොදා ගනිමින් බොහෝ සටහන් හුවමාරු වී තිබුණා.
එවැනි සටහනක් පහතින්.

සදිනි ධීරරත්නගේ ඡායාරුපයක් සමඟ පහර කෑමට ලක්වූ අයෙකුගේ පිට ප්රදේශයේ සේයාරුවක්!
ඉහත සටහන්හි දැක්වෙන අනෙක් ඡායාරූපයේ සිටින්නේ ඊයේ (22) දින චතුරංග ප්රදීප් කුමාර සහ ශ්රී ලංකා පුවත්පත් ආයතනය යටතේ පැවැත්වෙන කරුණු පරීක්ෂක කණ්ඩායමේ කසුන් කුමාරගේ යන මාධ්යවේදීන් දෙදෙනා ඇතුළු පිරිසකට ආරක්ෂක අංශ විසින් ප්රහාර එල්ල කළ අවස්ථාවේ සමාජ මාධ්ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවේ දක්නට ලැබුණු සදිනි ධීරරත්න නම් තරුණිය සහ පිට ප්රදේශයට පහර දීමකට ලක්ව තිබූ පුද්ගලයෙකුගේ ඡායාරුපයක්.
එම අවස්ථාව පිළිබඳව සඳහන් ෆේස්බුක් සටහනක් මෙතනින්. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්, මෙතනින්.
පිට ප්රදේශයට පහර දීමකට ලක්ව තිබු කාන්තාවක් බව දැක්වෙන ඡායාරුපය, සදිනි ධීරරත්න බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබුනේ, රෝහලේ ප්රතිකාර ලබන සදිනි ඇතුළු අනෙක් පිරිසගේ ඡායාරූප සමාජ මාධ්ය ඔස්සේ පළ වීම හේතුවෙන් විය හැකි බවට උපකල්පනය කළ හැක. එම ඡායාරූප එකතුවක් පහතින්.

සමාජ මාධ්ය සටහන් සඳහා යොදාගෙන තිබුනේ සදනිගේ ඉහත රෝහල් ඇඳක් මත සිටින ඡායාරූපයයි.
කෙසේ වෙතත් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන යම්කිසි පුද්ගලයෙකුගේ පිටට පහර දී ඇති අයුරු පෙන්වන ඡායාරූපය සදිනි ධීරරත්නගේ බවට ඇතැම් අය පවසා තිබීමත් සමග මේ පිළිබඳව ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරමින් පවසා තිබුණේ, එම ඡායාරූපවල සිටින්නේ තමන් නොවන බවයි.

රෝහල් ගත කිරීමේන් අනතුරුව තමන් ඇතුළු පිරිස සුවෙන් පසුවන බවට එම මාධ්යවේදී කණ්ඩායම විසින් පළ සටහනක් මෙතනින්.
එමෙන්ම කාන්තාවන්ද,ඊයේ දින එල්ල කළ ප්රහාරයට ලක් වී තිබුණා. ඒ සම්බන්ධ වීඩියෝවක් මෙතනින්.
තව ද ඇතැම් ෆේස්බුක් සටහන් පෙන්වා දී තිබුණේ, එසේ පිට ප්රදේශයේ පහර කෑමට ලක්ව තිබු ඡායාරූපයේ දැක්වෙන්නේ කාන්තාවක් නොව පිරිමි පුද්ගලයෙකු බවයි.
මෙම සටහන සඳහා දක්වා තිබූ ඇතැම් ප්රතිචාර වල සඳහන් කර තිබුණේ, එම ඡායාරූපයේ සිටින්නේ, සංක්රාන්තික සමාජභාවී (Transgender) පුද්ගලයෙකු බවයි.

කෙසේ වෙතත් අප මේ පිළිබඳව කළ සොයා බැලීමේදී දැක ගන්නට ලැබුණේ ඉහත සටහන් වල දැක්වෙන පරිදි කහ වස්ත්රයෙන් සැරසී සිටින සමරිසි ප්රජාවට අයත් පුද්ගලයෙක් ඊයේ දින ප්රහාරයට ලක් වී ඇති බවයි. එම පුද්ගලයා ද, ඡායාරූපයේ දැක්වෙන පරිදි කහ වර්ණයෙන් කමිසය ඇඳ තිබුණා. (2.27 කොටස)
https://www.facebook.com/watch/?v=718236432808187
කෙසේ වෙතත් අපට මෙම තොරතුරු පිළිබඳ අරගල භූමියේ සිටි ප්රහාරයට ලක් වූ පුද්ගලයන්ගෙන් විමසා ඇති අතර මෙම පුද්ගලයා සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.
Update : 07/25/22
ඉහත ප්රහාරයට ලක් වූ කාන්තාව(සංක්රාන්තික සමාජභාවී) සම්බන්ධ කර ගැනීමට අපට හැකියාව ලැබුණු අතර ඇය සඳහන් කළේ, තමන් සංක්රාන්තික කාන්තාවක් බවත්, චානු නිමේෂා වන ඇයටද, එදා එල්ල වූ ප්රහාරයෙන් දරුණු ලෙස තුවාල ලැබූ බවයි. තමන්ට ඒ මෙහොතේ ඇතිවූ වේදනවා සහ පීඩනය හේතුවෙන් තමන්ව වීඩියෝ කිරීමට පැමිණි පිරිසට තමන්ට එල්ල වූ ප්රහාරයන් පිළිබඳ පෙන්වීම සඳහා ඇඳ සිටි බ්ලවුසය ඉවත්කොට පෙන්වූ බවත්, ඒ මොහොතේ ඇති වූ පීඩාව නිසා තමන් අතින් එලෙස සිය ආවේගය පිට කළ බවයි ඇය සඳහන් කළේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Title:ජුලි 22 අළුයම අරගල භුමියට එල්ලවූ ප්රහාරයේ දී පහර කෑමට ලක්වූ කාන්තාව ලෙස හුවමාරු වන ඡායාරූප සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!
Fact Check By: Pavithra SandamaliResult: Explainer



