Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Facebook ඔස්සේ Viarl වුණේ කුමාර ධර්මසේනගේ සටහනක්ද?

    2021-11-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බොහෝ අවස්ථා වලදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පරිශීලකයින් අතර සංසරණය කර ගනු ලබන්නේ, එම සටහන් තමන්ගේ ජීවිතයට මොනයම් විදියකින් සම්බන්ධ නම් හෝ එම සටහනින් දැක්වෙන කරුණු පිළිබඳ තව කෙනෙකු දැනුවත් කිරීමේ අරමුණින් නැතහොත් හාස්‍ය උපදවන සුළු බව නිසායි. ඇතමුන්

    බොහෝ අවස්ථා වලදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පරිශීලකයින් අතර සංසරණය කර ගනු ලබන්නේ, එම සටහන් තමන්ගේ ජීවිතයට මොනයම් විදියකින් සම්බන්ධ නම් හෝ එම සටහනින් දැක්වෙන කරුණු පිළිබඳ තව කෙනෙකු දැනුවත් කිරීමේ අරමුණින් නැතහොත් හාස්‍ය උපදවන සුළු බව නිසායි. ඇතමුන් දේශපාලනික වාසි උදෙසාද ඇතැමුන්, වෙනත් වාසි උදෙසාද අසත්‍ය කරුණුද සමාජ ගත කිරීමට සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කරනවා. වර්තමානය වන ව්‍යාපාර ප්‍රචාරය කිරීමටද මහඟු අත්වැලක් ලැබෙනවා.

    සමාජ මාධ්‍යය ඔස්සේ ලියවෙන අදහස් සම්බන්ධයෙන් කතෘ අයිතිය සුරකින්න නැතහොත් ප්‍රකාශන අයිතිය උල්ලංඝණය නොකරන ලෙස දන්වා ඇති සටහන්, ඡායාරූප පිළිබඳවද අපට දැකගන්නට ලැබෙන අතර එලෙස සටහන් නොකරන ඇතැම් සටහන් ෆේස්බුක් නිදහස් අවකාශයේ සංසරණය කර ගනු ලබනවා අපට දැක ගන්නට පුළුවන්. එලෙස නිදහස් අවකාශයේ තිබූ සටහනක් මෙරට ප්‍රසිද්ධ පුද්ගලයෙක් සංසරණය කර ගෙන තිබීම හේතුවෙන් ජනතාව නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

     “එක දිගට අවුරැදු 5 ක් කිලෝමීටර් සිය ගණන් බයික් එකේ තෙමුනු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනව…😥 ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන වාහන දිහා අහින්සක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ…. ඒ හැමවෙලේම සිහින දැක්ක,, මාත් කවදහරි නොතෙමී යනව කියලා…. 

    අද මම නොතෙමී යනවා… ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ… 😥😥 මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී,, යද්දී පුදුම හැගීමක්… මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි… ඒත් හදවතින් පතනව හැම මොහොතකම උබල හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මණටම….😥😥😥
    KD“
    යනුවෙන් සටහනක් සඳහන් කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන් ක්‍රිකට් තරග විනිසුරු කුමාර් ධර්මසේන මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණා.

    Facebook | Archived Link

    ඉතාමත් සංවේදි වූ එම සටහන බොහෝ දෙනෙකු සංසරණය කරගෙන තිබුණේ, කුමාර් ධර්මසේන මහතා විසින් මෙම සටහන ලියූ බවකි.

    ඒ බවට සඳහන් ෆේස්බුක් සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link| Archived Link

    එමෙන්ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වෙබ් අඩවිද මේ පිළිබඳව සඳහන් කර තිබුණේ, මෙලෙසින්. Archived Link

    කෙසේ වෙතත් Fact crescendo අපගේ ෆේස්බුක් පිටුව හරහා ඇතැම් පිරිස් දැනුවත් කළේ මෙම සටහන අයිති වෙනත් පුද්ගලයෙකුට බවයි. 

    ඒ ඔස්සේ අප කළ විමර්ශනයයි මේ.

    Explainer (කරුණු පැහැදිලි කිරීම) :

    ඉහත ෆේස්බුක් සටහන පිළිබඳව නිරීක්ෂණයේදී චින්තක නුවන් නමැති පුද්ගලයෙක් පසු ගිය නොවැබ්ර් 25 වන දා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වා තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    කුමාර ධර්මසේන මහතා විසින් ඊයේ(27) දින පළ කළ මෙම සටහන සමාජ ඔස්සේ බහුලව සංසරණය වීමෙන් පසු චින්තක නුවන් යන අයගේ ඉහත ෆේස්බුක් සටහනට ඇතැම් පිරිස ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

    ඊට ප්‍රතිචාර දක්වමින් චින්තක නුවන් යන අයද එම සටහනට පිළිතුරක් එක් කර තිබුණා.

    අප මේ සම්බන්ධයෙන් විමසීමට ක්‍රිකට් තරග විනිසුරු කුමාර් ධර්මසේන මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක් වෙත තමන්ගේ අවධානය යොමු වූ අතර එම සටහනේ දක්වා ඇති සිදුවීම් තමන්ද මුහුණ පා ඇති අත්දැකීම් බැවින් සිය නිල ෆේස්බුක් පිටුව හරහා එම සටහනේ ඇතැම් කරුණු ඉවත් කරමින් එය බෙදා ගත් බවයි. සමාජ මාධ්‍ය තුළ ඊට අවකාශය පැවති හෙයින් තමන් ද එම අදහස බෙදා ගත් බවයි ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ.

    එමෙන්ම මෙම සත්‍ය සටහන බවට දැක්වුණ චින්තක නුවන් යන අයගෙන්ද අප විමසීමක් කළා. ඔහු පවසා සිටියේ, තමන් කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ ගණිතය උගන්වන ගුරුවරයෙක් බවත්, තමන් විසින් සිය ජීවිත අත්දැකීම් අලලා ප්‍රියන්ත බණ්ඩාර නමැති තම මිතුරෙකුගේ ඡායාරූපය යොදා ගෙන එම සටහන රචනා කළ බවයි. 

    එම ගුරුවරයා සඳහන් කළේ, එම හැඟීම තවත් බොහෝ අයට පොදු හැඟීමක් බවත්, ලෝක ප්‍රකට කුමාර ධර්මසේන මහතාත් තමන්ගේම අත්දැකීම් විඳලා තිබීමත් එ් පිළිබඳව ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කිරීම ගැන තමන් සතුටු වන බවත්, එම කතාවේ හැඟීම කාටත් පොදු බැවින් කුමාර ධර්මසේන මහතාට ඒ පිළිබඳව දැක්වීම තමන්ට ද, ගෞරවයක් බවයි. මෙම සටහන සඳහා යොදා ගත් ඡායාරූපය නොමැති නම් තමන්ටද එවැනි ලියමනක් ලිවීමට අවස්ථාවක් නොලැබෙන බවත් ඔහුටද එම ස්තූතිය පළ කරන බවයි ඔහු පවසා සිටියේ.

    පසුගිය නොවැම්බර් 18 වන දා ප්‍රියන්ත බණ්ඩාර නමැති එම පුද්ගලයා විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ ඡායාරූපය පහතින්.

    Facebook | Archived Link

    මේ සම්බන්ධයෙන් ප්‍රියන්ත බණ්ඩාර නමැති එම පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ මෙවන් සටහනක්.

    Facebook | Archived Link

    ෆේස්බුක් ඔස්සේ ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් සඳහන් සබැඳි මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    කුමාර ධර්මසේන මහතා විසින් සිය අත්දැකීමක් හේතුවෙන් එම සටහනේ සිදුවීම් තමන්ට ද සමීප හෙයින් එම සටහ‍න සංසරණය කර තිබූ අතර එහි තමන්ගේ නම භාවිතා කිරීම හේතුවෙන් මෙලෙස ෆේස්බුක් පිටු මගින් හා ඇතැම් වෙබ් අඩවි හරහාද මෙම සටහන නිර්මාණය කරනු ලැබුවේ කුමාර ධර්මසේන මහතා බවට උපකල්පනය කිරීමෙන් මෙලෙස නොමග ගොස් තිබුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.