Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    භික්ෂුවක සහ කාන්තාවක සමීපව සිටින ආකාරයක් නිරූපනය වෙන අයුරින් දැක්වෙන සමාජ ජාලා සටහන් පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !

    2023-02-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව ථේරවාද බුදු දහම පවතින රටක් . භික්ෂුන් වහන්සේලා සමාජය තුළ හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් විනය පිටකය තුළ පැහැදිලිව සටහන්ව තිබෙනවා. විනය පිටකය අනුව භික්ෂුව ගත කල යුත්තේ සම්පුර්ණ බ්‍රහ්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ලංකාව ථේරවාද බුදු දහම පවතින රටක් . භික්ෂුන් වහන්සේලා සමාජය තුළ හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් විනය පිටකය තුළ පැහැදිලිව සටහන්ව තිබෙනවා. විනය පිටකය අනුව භික්ෂුව ගත කල යුත්තේ සම්පුර්ණ බ්‍රහ්මචාරී /අනගාරික ජිවිතයක්.එවන් පසුබිමක් තුළ භික්ෂුන් විසින් විනය නීති උල්ලංඝනය කරමින් හැසිරෙන අවස්ථා පිලිබදව නිතර සමාජ ජාලාවල සදහන් වනවා.

    මෙම සමහර සමාජ ජාලා සටහන් සත්‍ය කරුණු මත පදනම්ව සැකසුනත් ,තවත් සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.මේ එවන් නොමගයවන සුලු සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු පැහැදිලි කිරීමක් .

    සමාජ ජාලා සටහන් 

    කාන්තාවක ඉතා සමීපව ස්වාමීන් වහන්සේ නමක් සිප වැළදගෙන සිටින ආකාරයක් දැක්වෙන පහත ආකාර සමාජ ජාලා සටහන් තිබෙන ආකාරයක් අපට දැකගන්නට ලැබුණා.

    Facebook | Archived

    ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    මේ ආකාර බොහෝ සටහන් අන්තර්ජාලය තුළ පවතින බවක් අපට දැකගන්නට ලැබුණා.

    මේ සේයාරූ වල මුලාශ්‍රය කුමක්ද ආදී කරුණු පිළබදව කරුණු විමසීමක් කිරීමට අප උත්සාහ කළා.

    Explanation( කරුණු විමසා බැලීම )

    අප Reverse Image Search කිරීමක් සිදු කල අතර එහිදී අපට දැකගන්නට ලැබූණේ මෙම සේයාරුවල මුලාශ්‍රය “සංසාරිකා “ නම් කෙටි චිත්‍රපටයක් බවයි.ඔබට එම චිත්‍රපටය පහත වීඩියෝව ඔස්සේ පහතින් නැරබිය හැකියි.

    මෙය සත්‍ය ලෙසම ස්වාමින් වහන්සේ නමක් කාන්තාවක් සමග සිටින දර්ශන නොව නළු නිලියන් උපයෝගී කර ගනිමින් සකසන ලද චිත්‍රපටයක දර්ශනයි.

    මෙහි ස්වාමින් වහන්සේ නමක් ලෙස රගපාන්නේ චලින් මනුරංග වන අතර ,කාන්තාව ලෙස රගපාන්නේ සුලෝචනා විරසින්හයි.

    මෙම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂවරයා/නිෂ්පාදකයා වන්නේද චලින් මනුරංග යි.

    ඒ අනුව පැහැදිලි වන කාරණය නම් මෙය සිනමා නිර්මාණයක් මිසක සැබෑ සිදුවිමක සේයාරූ නොවන බවයි.

    මෙම කතාවේ දක්නට ලැබෙන ආකාරයට මෙහි සිටින ස්වාමින් වහන්සේගේ ගිහි කල බිරිද වන්නේ මෙහි කාන්තාවයි. ඇය විසින් ඔහුව අතහැර දමා වෙනත් විවාහ ජිවිතයකට ඇතුල් වීමෙන් පසුවයි මොහු පැවිදි වන්නේ. අලුත් විවාහ ජීවිතය අසාර්ථක වීමෙන් අනතුරුව අදාළ කාන්තාව ස්වාමින් වහන්සේ මුණ ගැසීමට අවශ්‍ය බව පවසන අතර ,මේ ඔවුන් දෙදෙනාගේ හමුවීම සිදුවන ආකාරයයි. ඉන් අනතුරුව මෙම කාන්තාව විසින් ස්වාමින් වහන්සේගෙන් නැවත ගිහි ජිවිතයකට පැමිණෙන ලෙස ඉල්ලා සිටියත් ස්වාමින් වහන්සේ එය ප්‍රතික්ෂේප කරනවා. ඉන් දුකට පත්වන කාන්තාව ක්ලාන්තවී ඇදැවටී මරණයට පත්වෙනවා. මෙම කතාවේ සාරාංශය එයයි.

    කෙසේ නමුත් භික්ෂු විනය සම්බන්ධයෙන් සලකන කල මෙම කතාවේ සිටින භික්ෂු චරිතයෙන් විනය නීති උල්ලංඝනය වෙනවා.

    එම නිසා සමහර භික්ෂුන් වහන්සේලා මෙම කතාවේ සදාචාරාත්මක බව පිලිබදව ප්‍රශ්න කර තිබුණා.

    තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ මේ පිලිබදව සිය අදහස් දැක්වීම සිදුකර තිබුණේ පහත අයුරින්.

    කෙසේ නමුත් මාධ්‍ය වාර්තා නිරීක්ෂණය කිරීම ආදිය අනුව අපට පැහැදිලි වන කාරණය නම්, මෙම සිනමා පටයේ සිදුවන සිදුවීමටත් වඩා භික්ෂු විනය උල්ලංඝනය වන අවස්ථා අපේ සමාජයේ ඕනෑතරම් සැබෑ භික්ෂුන් වහන්සේලා අතින් සිදුවන බවයි.

    උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසින් පිලිපැදිය යුතු විනය නීති රීති 227 ක් තිබෙනවා.කාන්තාවන්, හා සම්බන්ධව කටයුතු කිරීමේදී පනවා ඇති නීති රීතින් පහතින්.

    පාරාජිකා විනය රීති 

    කුමන ආකාරයක හෝ ලිංගික සංසර්ගයකට සම්බන්ධ වුවුහොත් ඔහුගේ භික්ෂුත්වය එතැනින්ම අවසන් වෙනවා.

    සන්ඝාධිශේෂ විනය රීති 

    උවමනාවෙන්ම ශුක්‍ර පිට නොකළ යුතයි.

    කාන්තාවක් ස්පර්ශ නොකළ යුතුයි.

    කාන්තාවක් සමග නොමනා ආකාර කතාබස්වල නොයෙදිය යුතුයි.

    ලිංගික සංසර්ගයේ යෙදීම සදහා කාන්තාවකට යෝජනා නොකළ යුතුයි.

    අනියත විනය රීති 

    ලිංගික සංසර්ගයේ යෙදිය හැකි බවට කෙනෙක්ට චෝදනා කල හැකි ස්ථානයක කාන්තාවක සමග හුදෙකලාව සංවාදයේ නොදිය යුතුයි.

    රාගය,ප්‍රේමය මුසු කතාබහක යෙදුනු බවට කෙනෙක්ට සැක සිතිය හැකි ආකාරයක ස්ථානයක කාන්තාවක සමග සංවාදයේ නොදිය යුතුයි.

    පාචිච්තිය විනය රීති 

    හුදෙකලා ස්ථානයක කාන්තාවක් සමග නොසිටිය යුතුයි.

    කතා බහ කරන දේ අන් අයට නොඇසෙන ස්ථානයක කාන්තාවක සමග වාඩිවී නොසිටිය යුතුයි.

    භික්ෂුණින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පිළිපැදිය යුතු විනය රීති වෙනම පනවා තිබුණත් වර්තමානයේ භික්ෂුණි සමාජයක් දක්නට නොලැබෙන අතර දස සිල් මාතාවන් පමණක් දක්නට ලැබෙන නිසා අප එම විනය රීති ඉහත සදහන් කර නොමැත.

    භික්ෂු විනය රීති 227 ම පිළිබද කරුණු දැනගත හැකියි මෙතනින්. Archived 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-02-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.