Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඉන්දීය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් චීනයේ නිෂ්පාදිත කෘත්‍රිම කාන්තාවක්? (VIDEO)

    2024-02-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයන්හි ඇතිව තිබෙන සීග්‍ර තාක්‍ෂණික දියුණුව නිසා, විවිධ අරමුණු සඳහා රොබෝවරුන් මේ වන විටත් නිෂ්පාදනය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම නි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයන්හි ඇතිව තිබෙන සීග්‍ර තාක්‍ෂණික දියුණුව නිසා, විවිධ අරමුණු සඳහා රොබෝවරුන් මේ වන විටත් නිෂ්පාදනය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම නිර්මාණ ගැන බොහෝ උනන්දුවක් දක්වන නිසාම ඒ ඔස්සේ පළ වන අසත්‍ය තොරතුරුත්, සත්‍ය බව ට ග්‍රහණය කර ගනිමින් නොමග යන අවස්ථා සුලබව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් නොමග යෑමට ලක් වෙමින් හුවමාරු වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “චීනයේ නිෂ්පාදිත කෘත්‍රිම කාන්තාව චීන වෙළෙඳපොළට නිකුත් කර ඇත. සිරුරේ මස් සිලිකොන් කොටස් සහිත 100% Fanta Flesh ද්රව්ය වලින් සාදා ඇත. එක් ආරෝපණයක් බාධාවකින් තොරව පැය 72 ක් පවතී. ආත්මයක් නැත. ආහාර අවශ්ය නොවේ. එය “HOORI” ලෙස නම් කර ඇති අතර වෙළඳපල මිල රුපියල් 200000 + බදු වේ. එය කෘත්‍රිම බුද්ධිය මත ක්‍රියා කරන බැවින් 99% නිරවද්‍යතාවයකින් ඕනෑම භාෂාවක් කථා කළ හැක. ඉන්දියාවේ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් මෙම “HOORI” නුදුරේදීම ඉන්දියාව තුළ දියත් කිරීමට සමාගම සැලසුම් කර ඇත. දෑවැද්ද නැත. කේන්දර නෑ. උයන්න, ගෙදර දොරේ වැඩ සියල්ල කරයි, තර්ක නැත, ඉල්ලීම් හෝ නියෝග නැත!” යනුවෙන් සඳහන් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ එම කෘතිම කාන්තාවගේ බවට වීඩියෝවක් ද, එක් කරමින්.

    Facebook

    මෙම තේමාවෙන් පළ වූ ෆේස්බුක් ඔස්සේ බහුල ව හුවමාරු වී තිබූ අයුරු

    මෙම වීඩියෝව WhatsApp ඔස්සේ ද බහුලව හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා බලන ලෙස අපට ඉල්ලීම් කිහිපයක් ලැබුණු අතර ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් සිදුකළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. 

    “Detroit: Become Human – Shorts: Chloe I PS4” යන මාතෘකාව යටතේ 2018 මැයි මාසයේදී නිල PlayStation YouTube නාලිකාව විසින් පළ කරන ලද වීඩියෝවක් දැක ගන්නට ලැබුණු අතර එමගින් අනාවරණය කර ගැනීමට හැකි වූයේ ඉහත වීඩියෝව සැබෑ නිර්මාණයක් හෝ කෘතිම කාන්තාවක් නොවන බවත්, එය පරිගණක ක්‍රීඩාවක කොටසක් පමණක් බවත් ය. එම වීඩියෝව පහතින්.

    Quantic Dream විසින් සාදන ලද ‘Detroit – Become Human” නම් වීඩියෝ ක්‍රීඩාවකින් එම වීඩියෝ කොටස උපුටා ගත් බව මින් පැහැදිලි වන අතර මෙම පරිගණක ක්‍රීඩාවේ දැක්වෙන කාන්තා රූපය ඉහත සටහනේ පෙන්වා දෙන පරිදි “HOORI” නොව “Chloe” වේ. ඇය මෙම පරිගණක ක්‍රීඩාවේ එන චරිතයකි.

    fandom.com

    මෙම ක්‍රීඩාවේ Chole නම් ප්‍රබන්ධ චරිතය පිළිබඳ ව දැක්වෙන තවත් YouTube වීඩියෝවක් පහතින්.

    Detroit’s Become Human යන මෙම ක්‍රීඩාව පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link

    Read in English: Has China Created An Artificial Woman, As This Video Claims? Find Out The Facts…

    Also Read: රොබෝ තාක්ෂණයෙන් ගොයම් කපන වීඩියෝවේ ඇත්ත කතාව!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය):

    චීනය විසින් නිර්මාණය කරන ලද කෘත්‍රිම කාන්තාවක් බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ වීඩියෝව නොමඟ යවන සුළු වේ.  එම වීඩියෝවේ දැක්වෙන කාන්තාව කෘත්‍රිම නිෂ්පාදනයක් නොවන අතර, 2018 වසරේ දී නිකුත් කරන ලද “Detroit Become Human” නම් පරිගණක ක්‍රීඩාවක චරිතයකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-02-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.