Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවට මුදල් එවන ලෙස විදේශගත ශ්‍රමිකයන්ගෙන් හඳුන්නෙත්ති ඉල්ලීමක් සිදු කළාද?

    2022-08-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ව කාලීන මාතෘකා ඔස්සේ විටින් විට සමාජ කතිකාවතාවකට භාජනය වනවා. ඒ අතර ව්‍යාජ ප්‍රකාශයන් රැගත් සටහන් ප්‍රමුඛ වනවා. එලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළක නිරවද්‍යතාවය සො

    ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ව කාලීන මාතෘකා ඔස්සේ විටින් විට සමාජ කතිකාවතාවකට භාජනය වනවා. ඒ අතර ව්‍යාජ ප්‍රකාශයන් රැගත් සටහන් ප්‍රමුඛ වනවා. එලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළක නිරවද්‍යතාවය සොයා අප කළ විමසා බැලීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “රටේ මූල්‍ය කළමනාකරණය යම් තරමකට විශ්වාසනීය මට්ටකට පැමිණ ඇති නිසා දැන් ලංකාවට මුදල් එවන ලෙස අප විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා” යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් සඳහා බොහෝ දෙනෙක් උපහාසාත්මක කෝණයෙන් ද ප්‍රතිචාර දක්වා තිබු අතර පසුගිය කාල වකවානුවේ දී විදෙස්ගත ශ්‍රමිකයින් මෙරට එවන මුදල් සම්බන්ධයෙන් ජවිපෙ කිහිප විටක දී ම පැවසීමත් සමඟ මෙම සටහන් පිලිබඳ කරුණු ද ඇතැමුන් විමසා තිබුණා.

    මෙලෙසින් හුවමාරු වූ තිබූ තවත් සටහනක් මෙතනින්. Archived Link 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    මෙහි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා අප ප්‍රථමයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙවන් ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණාද, යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා නිරීක්ෂණයක් සිදු කළා. නමුත් එවැනි ප්‍රකාශයක් පළ වී නොතිබුණි.

    මේ හේතුවෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් අප විමසීමක් සිදු කරනු ලැබුවා. ඔහු පවසා සිටියේ, තමන් විදේශ ශ්‍රමිකයන්ට මෙරටට මුදල් එවන ලෙසට කිසිදු අයුරකින් ප්‍රකාශයක් මෑතක දී සිදු නොකළ බවයි. එමෙන්ම ඉහත සඳහන් ලෙස කිසිදු ප්‍රකාශයක් කිසිදු මාධ්‍ය වෙත හෝ සිදු නොකළ බවත් පවසා සිටියා.

    කෙසේ වෙතත් මෙවැනි සටහන් නිර්මාණය වූ බවට උපකල්පනය කළ හැක්කේ, පසුගිය 18 වන දා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බැංකු බැංකු මූලස්ථානයේ මේ වසරේ 2022 හයවැනි මූල්‍ය ප්‍රතිපත්ති තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු බවට පැවසිය හැක.

    එහිදී අධිපතිවරයා සඳහන් කළේ, පසුගිය මාස කිහිපයේ අත්‍යවශ්‍ය ආනයන ගෙන්වා ගැනීමට කෙටිකාලීන ණය පහසුකම් මත යැපීමට සිදුවූ අහිතකර තත්ත්වයෙන් මිදී යම් තරමකට ආර්ථිකයේ යහපත් තත්ත්වයක් මේ වන විට මතුව ඇති බවයි. එමෙන්ම මේ වසරේ අප්‍රේල්, ජූනි, ජූලි කාලයේ මෙරටට අත්‍යවශ්‍ය ඉන්ධන, ආහාර, බෙහෙත් හේත්, ගෑස් ලබාගැනීම සඳහා කෙටිකාලීන ණය පහසුකම් මත යැපීමට අපට සිදු වුණා. නමුත් අසීරුතා මධ්‍යයේ අප අනුගමනය කළ මූල්‍ය ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ නිසා මේ වන විට යහපත් තත්ත්වයක් මතුවී ඇති බවද, අධිපතිවරයා පවසා තිබුණා. එම වීඩියෝව මෙතනින්. අසීරුතා මැද ගත් මූල්‍ය තීන්දු තීරණ නිසා ආර්ථිකය යහපත් අතට හැරිලා යනුවෙන් ශීර්ෂ පාඨය සමගින් එම පුවත ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් “රටේ මූල්‍ය කළමනාකරණය යම් තරමකට විශ්වාසනීය මට්ටකට පැමිණ ඇති නිසා දැන් ලංකාවට මුදල් එවන ලෙස අප විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා” කළ ප්‍රකාශයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් තමන් විසින් සිදු නොකළ ප්‍රකාශයක් බවත් එය ව්‍යාජ ලෙස නිර්මාණය කළ සටහනක් ලෙස හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-08-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.