දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේද ප්රධාන මාතෘකාවක්. දිනෙන් දින මොහු සම්බන්ධ පුවත් ප්රධාන ධාරාවේ මාධ්යවල මෙන්ම සමාජ මාධයයේ ද පළවන ආකාරයක් දැකගත හැකියි. දේශබන්දු තෙන්නකෝන් සහ එක්සත් ජාතික පක්ෂයට අදාළව මේ දිනවල සමාජ මාධ්යෙය් හුවමාරු වන නොමග යවන සුළු ආකාරයේ සටහනක සත්යතාව පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“දේශබන්දු තෙන්නකොන් මහතාට ලබා දුන් අත්තනෝමතික තීන්දුව සම්බන්ධව” යන ශීර්ෂය යටතේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය 22 වනදා මාධ්යයට යොමු කරන ලද ලිපියක් බව හඟවමින් මෙම ලිපිය සමාජ මාධ්ය ඔස්සේ පළකර තිබුණා.
ශ්රී ලංකා පොලිසියේ කීර්ති නාමයට කළු පැල්ලමක් එකතු කිරීමින් ආණ්ඩුව ඉතිහාසගත තීන්දුවත් ලබා දී ඇති බවත් පොලිස් ඉතිහාසයේ ක්රියාශීලීම සහ නීතියේ ආධිපත්ය තහවුරු කිරීමට දිවි හිමියෙන් කැප වූ දේශබන්දු තෙන්නකෝන් මහතා එක්තරා කමිටුවක අනුහසින් ධූරයෙන් පහ කිරීමට වැරදි පිට වැරදි පටවා ඔහුගේ ප්රතිරූපයට භානී වන අකාරයට රජය කටයුතු කිරීම අයුක්ති සහගත බවත් එම ලිපියේ සඳහන් ය. තව ද ඉතිහාසයේ අඳුරුතම යුගවලදී පවා රනිල් වික්රමසිංහ වැනි නායකයන් ආරක්ෂා කරමින් එවැනි නායකයන්ගේ උපදෙස් අනුව යමින් මාතෘභූමිය, පිරිසිදු රටක් කිරීමට ජනාතාව අතර රැඳෙමින් ඔහු රාජකාර්යට එහාගිය කාර්යභාරයක් ඉටු කළ බව ත් එහි සඳහන් වේ. මීට අදාළව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේදී ප්රකාශයක් සිදු කිරීමට නියමිත බව ද සඳහන් කර තිබූ එම ලිපිය පහතින්.
ෆේස්බුක් ඔස්සේ ද, මෙම සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

සමාජ මාධ්ය පරිශීලකයින් මෙම ලිපිය බහුලව හුවමාරු කර ගෙන තිබුණේ මේ අයුරින්.
|
|
|


