Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනපතිගේ නිල ෆේස්බුක් ගිණුමේ ස්ක්‍රීන් ශොට්ස් ලෙස පළවන සටහන් පිලිබඳ කරුණු දැක්වීමක්!

    2025-02-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    Update :

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් සිතා අරඹේපොල මහත්මිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුව විසින් පළ කර තිබූ බවට පැවසෙන සටහන ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට ඔවුන් පෙන්වා දුන්නද, බොහෝ පාඨකයන් විසින් අපට පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුවේ මෙය සත්‍ය වශයෙන් ම පළ වී තිබූ අයුරු දැක ගන්නට ලැබුණු බවත්, ඔවුන් ඒ අවස්ථාවේ දී ලබාගත් ස්ක්‍රීන් ෂොට්ස් සත්‍ය බවත්, පසුව එම අදාළ සටහන් එම ගිණුමෙන් ඉවත් කරගෙන ඇති බවයි.

    මේ හේතුවෙන් අප Meta ආයතනයේ කරුණු විමර්ශන අංශයේ තාක්ෂණික සහය පතා ඇති අතර ඉහත සඳහන් ලෙසින් ජනාධිපති ෆේස්බුක් පිටුවේ මෙම සටහන පළ කර ඉවත් කර ඇත්තේ ද යන්න තාක්ෂණික පරීක්ෂා කිරීමක් සිදුකර ගැනීමේ හැකියාව පිළිබඳව විමසා ඇති අතර, ඒ ප්‍රතිචාරය අනුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    ඉහත සමාජ මාධ්‍ය ඡායාරූපය සංස්කරණය කරන ලද ද, නැද්ද යන වග තහවුරු වී නොමැති බැවින් මෙම කරුණු වාර්තාව පාදක කර ගනිමින් සිදු කර තිබූ සියලුම ශ්‍රේණිගත කිරීම් (Rating) ඉවත් කර තිබේ.

    සමාජ ජාලා සටහන්

    ජනපති අනුර කුමාර දිසානායක විසින් අශ්ලීල බසින් සිය නිල දෙමළ මාධ්‍ය සමාජ ජාලා පිටුව ඔස්සේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සීතා  අරඹේපොල  ඇමතු බවට සමාජ ජාලා සටහන් හුවමාරු වුනේ පහත අයුරින්.

    FB | Archived

    ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරගේ නිල සමාජ ජාලා ගිණුම්වල මෙලෙස අස්ලිල බසින් සාමාන්‍යයෙන් විවේචන සිදු නොකරන නිසා මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    කරුණු විමසා බැලීම

    ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති ‘අරගලය’ ක්‍රියාත්මක වූ සමයේ, නිවාස හා දේපළවලට ගිනි තැබීමෙන් සිදුවූ හානි හේතුවෙන් විවිධ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ලබා ගත් වන්දි ප්‍රමාණයන් පිළිබඳව පසුගිය දා ඇමති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී කරුණු දක්වා සිටියා.

    අමාත්‍ය නලින්ද සඳහන් කළ නම් අතර සිතා අරඹේපොල හිටපු අමාත්‍යවරියගේ නමද තිබුණි. ඇයගේ නිවෙස අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් අනතුරුව මිලියන 13.7ක් හෙවත් ලක්ෂ 137ක වන්දි මුදල් රජයෙන් ලබාගත් බවට සඳහන් වී තිබුණා. ඒ පිලිබඳ පුවතක් මෙතනින්, මෙතනින්.

    මේ සමඟම අදාළ සීතා ඇරඹේපොළ හිටපු අමාත්‍යවරිය ඇතුළු අදාළ නම් සඳහන් විශේෂයන්ම වැඩි මුදලක් වන්දි වශයෙන් ලබාගෙන තිබු හිටපු මැති ඇමතිවරු අළලා විවිධාකාරයේ සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය විය. සීතා ඇරඹේපොළ ගැන එසේ පළවී තිබු සටහනක් මෙතනින්.

    ජනාධිපතිවරයාගේ දෙමළ  නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පළකර තිබු බවට දක්වා තිබුනේ ද එම සටහන වන අතර එයට “කුඩෙත් ආණ්ඩුවේ සල්ලිවලින් ගත් සීතක්කා..” යනාදී වදන් පෙළක් ද එකතු කර තිබුණි. කෙසේනමුත් අප ජනපතිගේ දමිළෆේස්බුක් පිටුව පරීක්ෂා කළ අවස්ථාවේ, එම ෆේස්බුක් පිටුවේ මෙම සටහන දැක ගන්නට ලැබුනේ නැහැ. එම ගිණුමට පිවිසිය හැකියි මෙතනින්.

    ඉන්පසුව, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ එකම විනාඩියකට පෙර ලබාගත් සටහනක් ලෙස දැක්වෙන ඡායාරුපයක් බැවින්, අප ජනාධිපති මාධ්‍ය ඩිජිටල් අංශයේ ප්‍රධානියාගෙන් විමසා බැලුවේ ඔවුන් විසින් වැරදීමකින් හෝ මෙවැනි සටහනක් පළකොට එය ඉවත් කර තිබුනේ ද යන්න පිළිබඳවයි.

    නමුත් ඔහු තහවුරු කර සිටින්නේ මෙවන් සටහනක් ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ පල නොකළ අතර මේ ආකාරයටම සංස්කරණය කරන ලද සටහන් රැසක් ද ෆේස්බුක් හරහා හුවමාරු වන බවයි.

    ඒ ආකාරයෙන් පලකල සටහන් ඔවුන් අප සමග බෙදාගත්තේ මෙලෙසින්.

    කෙසේනමුත් සීතා ඇරඹේපොළ මහත්මියගේ ගැන සඳහන් කරමින් පළවූ සටහන් සත්‍ය වශයෙන්ම ජනපතිගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබු බව දුටු බවට පාර්ශව කිහිපයක්ම සඳහන් කර තිබෙන අතර ඒ ගැන වැඩිදුරටත් තාක්ෂණික කරුණු විමසීමක් සඳහා අප ෆේස්බුක් ආයතනයෙන් විමසීමක් සිදුකර ඇති අතර එම තොරතුරු අනුව මෙම ලිපිය යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමු.

    මීට පෙර ද සිදුවීමක් ගැන පලවූ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් පළකර තිබු කරුණු විමසා බැලීමක් පහතින්.

    Read also:  “සජිත් ජනපති – පාඨලී අගමැති” ලෙසින් පාඨලීගේ මාධ්‍ය ලේකම්ගෙන් ෆේස්බුක් සටහනක්?

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-02-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.