Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරිනි මීනු ගුණසිංහ විසින් සිදු කළ ප්‍රකාශ ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-02
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) තරුණ දේශපාලන ක්‍රියාකාරිනියක වන මීනු ගුණසිංහ විසින් සිදු කළ ප්‍රකාශයන් ලෙස දක්වමින් නොමග යවන සුළු සහ අසත්‍ය ප්‍රකාශ කිහිපයක් තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) තරුණ දේශපාලන ක්‍රියාකාරිනියක වන මීනු ගුණසිංහ විසින් සිදු කළ ප්‍රකාශයන් ලෙස දක්වමින් නොමග යවන සුළු සහ අසත්‍ය ප්‍රකාශ කිහිපයක් තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. එම සමාජ මාධ්‍යය සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    Claim 1

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතා විසින් එවකට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පණ පිටින් බාබකිව් (BBQ) කල බවත්, නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වූ පසු ඇඹුල් තියල් දානවා යනුවෙනුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ දේශපාලන ක්‍රියාකාරිනී මීනු ගුණසිංහ විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link Facebook Facebook Facebook

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මීනූ ගුණසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ (SLPP) තරුණ දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙස දේශපාලනයේ නිරත වන තරුණ ක්‍රියාකාරිනියක් වන අතර, ඇය පොදුජන පෙරමුණු පක්ෂයේ මහජන හමු වල සක්‍රීයව අදහස් දක්වන තැනැත්තියක් බව දැක ගන්නට ලැබේ. 

    හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතා විසින් එවකට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පණ පිටින් බාබකිව් (BBQ) කල බවත්, නාමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වූ පසු ඇඹුල් තියල් දානවා යනුවෙනුත් ඇය විසින්  ප්‍රකාශයක් සිදු කර ඇත්ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළා. නමුත් ඇය විසින් එලෙසින් ප්‍රකාශයක් කළ බව කිසිදු මාධ්‍ය වාර්තාවක හෝ ඇය එවැනි ප්‍රකාශයක් කළ බවට වීඩියෝවක් හෝ දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

    සටහනෙහි දැක්වෙන ඡායාරූපයේ පසුබිම

    ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන මීනු ගුණසිංහ පෙනී සිටින ඡායාරූපය 2026.08.23 දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම සහ කළුතර ආසනයන්හි පැවති ජනහමුවකදී ලබා ගත්තකි. 

    Facebook

    එසේම එම කළුතර ජන හමුවේදී මිනු ගුණසිංහ මෙසේ අදහස් දක්වා තිබු අයුරු ද අපට පරික්ෂා කළ අතර ඒ කිසිවක හෝ ඉහත සමාජ මාධ්‍යය සටහනේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් සිදුකරන්නේ නැහැ.

    මීනූ ගුණසිංහ

    අප මේ පිළිබඳ මීනු ගුණසිංහ සම්බන්ධ කරගනිමින් විමසීමක් සිදු කළ අතර ඇය සඳහන් කළේ, තමන් විසින් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

    එසේම ඇය විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්ද තහවුරු කර ඇත්තේ අදාළ ප්‍රකාශ තමා විසින් සිදු කර නොමැති බවත්, මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විකෘති පළ කිරීම් සම්බන්ධව නීතිමය කටයුතු කරා ද යොමුවන බවයි.

    Facebook

    මෙවැනි සටහනක් නිර්මාණය වීමේ පසුබිම කුමක්ද ? 

    මීට දින කිහිපයකට පෙර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවකදී මීනු ගුණසිංහ විසින් “ඇඹුල් තියල් දෙනවා” යන වචනය භාවිතා කරමින් යම් ප්‍රකාශයක් සිදු කර ඇති බව හඳුනා ගත හැකිය. 

    ඇය සිදුකර ඇති ප්‍රකාශය 

    “අපි දැන් එනකොටත් කතා කරා හයිවේ එක නොතිබ්බ නම් අපි කොහොම එන්නද කියලා. ඔව් එන්.පී.පී ආණ්ඩුවේ කට්ටිය කියන හැටියට හයිවේ එක හැදුවේ ඇඹුල් තියල් ගේන්න. ඔවු. අපි උඹලට ඇඹුල් තියල් ගෙනාවා. ඒ ගේන්නේ ඊළඟ ඡන්දේදී, හොඳ ඇඹුල් තියලක් දෙනවා කියන එක මතක් කරගන්න. අපි මේ සටන ජයග්‍රහණය කරලා මිසක් මේක නතර කරන්නේ නෑ කියන එක හොඳට මතක තියාගන්න.” 

    ඇය විසින් “ඇඹුල් තියල්” යන වචනය භාවිතා කරමින් සිදුකර ඇති මෙම ප්‍රකාශය විකෘති කරමින් ඉහත සමාජ මාධ්‍ය සටහන ඇය විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස නිර්මාණය කර ඇති බව හඳුනාගත හැක.

    Claim 2

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “බැසිල්ගෙ මොළෙයි, ගෝඨගෙ නිර්භීතකමයි, මහින්දගේ නායකත්වයයි නාමල් තුළ එකට කැටි වෙලා තියෙනවා” යනුවෙන් මීනු ගුණසිංහ විසින් ප්‍රකාශ කළ බව දක්වමින්ද සටහනක් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වී තිබුණි.

    Facebook | Archived Link Facebook Instagram

    මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අදාළ සටහන හිරු ටීවී නිල ආකෘතියෙන් නිර්මාණය වී තිබූ අතර, ඒ අනුව මෙය හිරු ටීවී ඔස්සේ වාර්තා කරන ලද්දක් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. කෙසේ නමුත් එහිදී අපට හඳුනාගත හැකි වූයේ එවැනි පුවතක් හිරු මාධ්‍ය ආයතනය විසින් වාර්තා කර නොමැති බවයි.

    එසේම මීනු ගුණසිංහ විසින් වෙනත් අවස්ථාවකදී හෝ මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇද්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. එහිදී අපට හඳුනාගත හැකි වූයේ ඇය විසින් මෙවැනි ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවයි. 

    ඡායාරූපයෙහි දැක්වෙන පසුබිම

    ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි තරුණ දේශපාලන ක්‍රියාකාරිනී මීනු ගුණසිංහ පෙනීසිටින අවස්ථාව කුමක්ද යන්න සොයා බැලීමට අප විසින් කටයුතු කළා. අදාළ දර්ශනය 2026 අගෝස්තු 22 දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවේ කුරුණෑගල  දිස්ත්‍රික්කයේ බිංගිරිය සහ කුලියාපිටිය යන ආසනවල ජන හමු සඳහා සහභාගී වෙමින් පැවැත්වූ ජනහමුවක දර්ශනයකි. 

    ඇය එම ජනහමුව අමතමින් කළ සැබෑ ප්‍රකාශය හිරු ටීවී වාර්තා කර තිබේ.

    අදාළ ජන හමුව අමතමින් මීනු ගුණසිංහ විසින් සිදු කර ඇති ප්‍රකාශය හිරු ටීවී විසින් වාර්තා කර තිබේ. එහිදී “අනුන්ගේ යට ඇඳුමත් ඉල්ලගෙන ඇඳපු ජේ.වී.පී කාඩර් එක අපිට උගන්වන්න එනවා රට කරන හැටි” යනුවෙන් මීනු ගුණසිංහ විසින් සිදුකර ඇති ප්‍රකාශය උපුටා දක්වමින් එම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්. කෙසේ නමුත් මෙම ප්‍රකාශය තුළ කිසිදු අවස්ථාවක ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් ඇය විසින් සිදුකළ නැහැ.

    ඒ අනුව පැහැදිලි වන්නේ ජන හමුවේදී ඇය විසින් සිදු කළ සැබෑ ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ටීවී සිදුකළ පුවත් වාර්තාව විකෘති කරමින් ඉහත සමාජ මාධ්‍ය සටහන නිර්මාණය කර ඇති බවයි.

    මීනූ ගුණසිංහ

    අප මේ පිළිබඳ මීනු ගුණසිංහ සම්බන්ධ කරගනිමින් විමසීමක් සිදු කළ අතර ඇය සඳහන් කළේ, තමන් විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. විටින් විට තමා විසින් ප්‍රකාශ නොකළ බොහෝ දේ විකෘති කරමින් සමාජ මාධ්‍යයේ ඉදිරිපත් කිරීම පිළිබඳව ඇය විසින් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කරුණු දක්වා තිබේ. එම සටහන මෙතනින්.

    Also Read: මීනූ ගුණසිංහ, නන්ද මාලිනී සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ දේශපාලන ක්‍රියාකාරිනියක වන මීනු ගුණසිංහ විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස දක්වමින් හුවමාරු වන ඉහත සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. ඇය විසින් සිදු කර තිබෙන සැබෑ ප්‍රකාශයන් විකෘති කරමින් එම ව්‍යාජ සටහන් නිර්මාණය කර තිබේ.

    Result Stamp

    Title: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරිනි මීනු ගුණසිංහ විසින් සිදු කළ ප්‍රකාශ ද?

    Fact Check By: B.P Hansani

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-09-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.