Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Snapchat මිලදී ගැනීමට ඊලොන් මස්ක් සැරසෙනවාද?

    2022-12-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊලොන් මස්ක් විසින් Twitter සමාගම පවරා ගැනීමෙන් අනතුරුව Snapchat යෙදුම ද මිලදී ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් හේතුවෙන් විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ඊලොන් මස්ක් විසින් Twitter සමාගම පවරා ගැනීමෙන් අනතුරුව Snapchat යෙදුම ද මිලදී ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් හේතුවෙන් විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඊලෝන් මස්ක් විසින් Snap Chat මිලදී ගන්නා බවත්, පසුව එහි ඇති සියලුම ෆිල්ටර්ස් ඉවත් කරන බවත්, ඒ හේතුවෙන් කාන්තාවන් සත්‍ය අවබෝධ කරගන්නා බවටත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මත කෝණයෙන් සටහනක් පළ වුණා. 

    ඊලෝන් මස්ක් විසින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඒ පිළිබඳ පවසා ඇති බවට දක්වා තිබුණා.

    Facebook | Archived Link

    මෙහි නිරවද්‍යතාවය පිළිබඳ අප කරුණු විමසා බැලූවේ ඊලොන් මස්ක් විසින් ස්නැප්චැට් මිලදී ගත්තා ද යන්නයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන් බිලියනපතියෙකු වන ඊලොන් මස්ක් විසින් ඇමරිකානු බහුමාධ්‍ය ක්ෂණික පණිවිඩකරණ යෙදුමක් සහ සේවාවක් වන Snapchat මිලදී ගැනීමට සැරසරන බවට ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණා ද යන්න පිළිබඳව අප නිරීක්ෂණය සිදු කළා.

    නමුත් එවැනි පුවතක් වාර්තා වී නොතිබුණි. එමෙන්ම ඊලොන් මස්ක්ගේ නිල Twitter හසුරුව ඔස්සේ ද, ඔහු විසින් එවැනි Twitter පණිවිඩයක් නිකුත් කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කළ අතර අපට එවැනි පණිවිඩයක් දැක ගන්නට නොලැබුණි. 

    මෙවැනි තොරතුරක් පළ වූ පළමු මූලාශ්‍රය කුමක් ද, යන්න පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, එය උපාහාසාත්මක කෝණයෙන් පළ කරන ලද සටහන් ඇතුළත් Twitter හසුරුවක් වන @juicysharts විසින් පළ කරන ලද පණිවිඩයක් බවයි. මෙම පණිවිඩය මේ වන විට 35,000කට අධික සංඛ්‍යාවක් බෙදාගෙන තිබේ.

    Archived Link

    ඊලොන් මස්ක් Snapchat සම්බන්ධයෙන් මස්ක් Twitter ඔස්සේ මෑතක දී සඳහන් කළ එකම සඳහන වන්නේ මැයි 27 වන දා පමණයි. ඔහු එහිදී හෝ Snapchat යෙදුම මිලදී ගැනීම ගැන කිසිවක් පවසා නොතිබුණි.

    පසුගිය ජනවාරි මාසයේ සිට ඊලොන් මස්ක් ට්විටර්හි කොටස් මිලදී ගනු ලැබූ අතර අප්‍රේල් මාසයේදී, ඔහු එහි විශාලතම කොටස් හිමියා බවට පත් විය. අප්‍රේල් මස අවසානයේ සමාගම ඩොලර් බිලියන 44 කට මිලදී ගැනීමට ගිවිසුමකට එළඹෙන්නට විය. කෙසේ නමුත් මැයි මස වන විට Twitter ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා ව්‍යාජ ගිණුම් පවතින බවට ප්‍රකාශ කරමින් මිලදී ගැනීම පිළිබඳ ඔහුගේ අදහස වෙනස් කිරීමට පටන් ගත්තේය. මේත් සමඟ Twitter සමාගම ඊලොන් මස්ක් නීත්‍යානුකූලව මේ සම්බන්ධයෙන් බැඳී ඇති බව ප්‍රකාශ කරමින් ගනුදෙනුව සඳහා තබා ගැනීමට නඩුවක් ගොනු කළේය. නීතිමය ගැටුම් වලින් අනතරුව ඔක්තෝම්බර් වන විට මස්ක් අවසානයේ Twitter පවරා ගනු ලැබීය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. මේ හේතුවෙන් Snapchat යෙදුම ද, මිලදී ගනු ඇති බවට හඟවමින් මෙම නොමඟ යවන සුළු සටහන් නිර්මාණ වීමට ඇති බව අනුමාන හැක. 

    මෙම සටහන් මීට පෙර ජාත්‍යන්තර වශයෙන් ද හුවමාරු වූ අතර රොයිටර් පුවත් සේවය විසින් මේ පිළිබඳ කරන ලද කරුණු විමර්ශනය මෙතනින්. වෙනත් ජාත්‍යන්තර කරුණු පරීක්ෂක කණ්ඩායම් විසින් සිදු කළ කරුණු විමර්ශනයන් මෙතනින් සහ මෙතනින්. ඒ සියල්ලේ ම ද මෙම සටහන් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද බව පෙන්වා දී තිබෙනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Elon Musk විසින් Snapchat  මිලදී ගන්නා බවට පවසමින් උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ  පළ කරන ලද Twitter පණිවිඩය නොමග යවන සුළු අතර Elon Musk විසින් එවැනි Twitter පණිවිඩයක් පළකර නොමැති බවයි. Elon Musk විසින් නිකුත් කළ Twitter පණිවිඩයක් ලෙස දක්වමින් ව්‍යාජ ලෙස උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය වූ සටහනකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-12-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.