Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    “ප්‍රජා ප්‍රමිතීන්”<span style="color: revert; font-size: revert;"> උල්ලංඝනය කිරීම නිසා Facebook ගිණුම මකා දමන බව කියන ව්‍යාජ WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!</span>

    2024-08-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් එහි පරිශීලකියන් ව්‍යාජ සබැඳි හරහා වංචනිකයින්ගේ තතුබෑම් වංචාවන්ට හසුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී හුවමාරු වූ එවැනි පණිවිඩයක නිරවද්‍යතාව සොයා Fact Crescendo S

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් එහි පරිශීලකියන් ව්‍යාජ සබැඳි හරහා වංචනිකයින්ගේ තතුබෑම් වංචාවන්ට හසුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී හුවමාරු වූ එවැනි පණිවිඩයක නිරවද්‍යතාව සොයා Fact Crescendo Sri Lanka අප විමර්ශනයක් සිදු කළ එම වාර්තාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඔබේ WhatsApp අංකයට සම්බන්ධ වූ ෆේස්බුක් ගිණුමක් Facebook හි ප්‍රජා ප්‍රමිතීන් වලට නොගැලපෙන අයුරින් බරපතළ උල්ලංඝනයක් සිදු කර ඇති බැවින් ඔබගේ Facebook ගිණුම් ස්ථිරවම Meta ආයතනය විසින් ඉවත් කරන බවට ත්, මෙය සත්‍යාපන(verification)දෝෂයක් නම්,  ගිණුම ඉවත් කිරීම වැළැක්වීමට, ඔබගේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා සබැඳියක් ක්ලික් කිරීමට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කිසිදු ක්‍රියාමාර්ගයක් නොගතහොත් ගිණුම් මකාදැමීම වැනි ක්ෂණික හා දරුණු ප්‍රතිවිපාක අත්විය හැකි බවට සඳහන් කරමින් මෙම පණිවිඩය නිර්මාණය කර ඇති බවට දැක ගන්නට ලැබේ. මෙවැනි පණිවිඩ සඳහා “රතු ඇඟවීම්” සහ “බරපතළ උල්ලංඝනයක්” වැනි වචන භාවිතයෙන්, එය පරිශීලකයාව භීතියට පත් කරමින්ද මෙවැනි පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීමට පෙළඹවීඹට උත්සහ දරයි.

    මෙය එවැනි සටහන් හරහා දක්වා ඇති සබැඳි ක්ලික් කිරීම සඳහා පරිශීලකයන්ගේ තොරතුරු තතුබෑම් සිදු කිරීමට සිදු කරන පොදු උපක්‍රමයකි.

    සැක සහිත සබැඳි : 

    පණිවිඩයේ සඳහන් සබැඳි Facebook සමඟ කිසිඳු සම්බඳතාවක් නොමති බවට දැක ගන්නට ලැබේ.

    වංචනීකයින් විසින් පරිශීලකයින්ව මුලා කිරීමට URL සෑදීමට උත්සාහ කරයි, එමඟින් ඔබට නිවැරදි වෙබ් අඩවියක් බවට පෙනෙන සබැඳියක් ලබා දී ඔබගේ පුද්ගලික තොරතුරු හෝ ගිණුම් විස්තර සොරා ගැනීමට හෝ ලොගින් තොරතුරු සොරා ගැනීමට උත්සාහ කරනු ලබයි.

    Archived Link

    කිසිදු අවස්ථාවක Facebook, WhatsApp හරහා ගිණුම් සම්බන්ධ අනතුරු ඇඟවීම් නොයවන අතර ගිණුම් සත්‍යාපනය කිරීමට නොපැහැදිලි, සත්‍යාපනය නොකළ සබැඳි භාවිතා නොකරයි. Facebook වෙතින් නිල දැනුම්දීම් සිදු කරනු ලබන්නේ Facebook යෙදුම(APP) තුළ හෝ “facebook.com” වසම්(domain) වෙතින් වන ඊමේල් හරහා පමණි.

    Facebook වෙත වාර්තා කිරීමට :

    ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති තොරතුරු Facebook සම්බන්ධ තතුබෑම් වංචාවකට(phishing scam) සම්බන්ධ බැවින්, ඔබට වැඩි විස්තර සඳහා සහ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකම් සත්‍යාපනය කිරීමට නිල Facebook තොරතුරු සඳහා යොමු වී උපදෙස් ලබා ගත හැක. 

    තතුබෑම් සහ ගිණුම් ආරක්‍ෂාව සම්බන්ධයෙන් Facebookහි දක්වා ඇති සබැඳි කිහිපයක් පහතින්.

    Facebook උපකාර මධ්‍යස්ථානය 

    • තතුබෑම් සහ වංචා සඳහා: Avoid Spam and Scams මෙතනින්.
    • Facebook ආරක්ෂක පිටුව: Facebook Security මෙතනින්.
    • Facebook වෙත ගැටලුවක් වාර්තා කිරීමට: Report a Problem to Facebook  
    • ඔබ තතුබෑම් උත්සාහයක් පිළිබඳ සැක කරන්නේ නම්, ඔබට මෙම සබැඳිය හරහා එය Facebook වෙත සෘජුව වාර්තා කිරීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා පිවිසීම මෙතනින් – Reporting a Violation or Infringement of Your Rights

    WhatsApp වෙත වාර්තා කිරීමට :

    • WhatsApp හරහා ලැබෙන මෙවැනි සබැඳි ක්ලික් නොකරන්න. 
    • WhatsApp හි මෙම පණිවිඩය වංචා පණිවිඩයක් ලෙස වාර්තා කරන්න.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    සමාජ මාධ්‍ය පරිශීලකයින් බියට පත් කරමින්,පරිශීලකයින්ගේ තොරතුරු සොරා ගැනීමට උත්සාහ කරන ව්‍යාජ පණිවිඩ වල දක්වා ඇති ව්‍යාජ සබැඳිවල ක්ලික් කිරීමෙන්වළකින්න. මෙවැනි පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමට ප්‍රථම මේවා හි සත්‍යතාව පරීක්ෂා කිරීමේදී, ඔබේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා නිල ගිණුම් (official channels) සේවාවන් පමණක් භාවිතා කරන්න.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-08-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.