Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2017 රැලියකදී එල්ල වූ ප්‍රහාරයක් ජුනි 9 රැළියේ දුමින්ද නාගමුව මහතාට එල්ලකළ ප්‍රහාරයක් ලෙස පෙන්වීමක්!

    2020-06-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කළු ඇමරිකානුවකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් මිනියාපොලිස් පොලිස් නිලධාරියෙකුගේ කෲරත්වය නිසා මරණයට පත්වීම කරණකොට ගෙන ඇමරිකාව පුරා පැතුරුණු විරෝධතා රැල්ල ලෝකය පුරා පැතිර ගියේය. ලංකාවේද වාමාංශික දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජුනි මස 9වන දින කොළඹ පිහිටි

    කළු ඇමරිකානුවකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් මිනියාපොලිස් පොලිස් නිලධාරියෙකුගේ කෲරත්වය නිසා මරණයට පත්වීම කරණකොට ගෙන ඇමරිකාව පුරා පැතුරුණු විරෝධතා රැල්ල ලෝකය පුරා පැතිර ගියේය. ලංකාවේද වාමාංශික දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජුනි මස 9වන දින කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි. එහෙත් ශ්‍රී ලංකා පොලිසිය එම විරෝධතාවය නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් ලබා ගත්තේය. එම අධිකරණ නියෝගය නොතැකු පෙරටුගාමි සමාජවාදි ක්‍රියාකාරිහු කොළඹ රැස්වද්දි, පොලිසිය ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළහ. ක්‍රියාකාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට පත්වු බවටද වාර්තා විය.

    එවන් පසුබිමක පෙරටුගාමි සමාජවාදි ක්‍රියාකාරිකයකු වන දුමින්ද නාගමුව තුවාලව සිටින ඡායාරූපයක් සහිතව “දුමින්දලාගේ දේශපාලන මති මතාන්තර අදාළ නොමැත-තිරිසන් ලෙසින් පහරදුන් අසික්කිත සුනඛයන් පිළිකුලෙන් හෙළා දකිමු.” තේමාවෙන් රංජිත් රූපසිංහ නමැත්තෙකුගේ ෆේස්බුක් සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1000කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරුවී තිබෙනු නිරීක්ෂණය විය.

    LinkArchived Link

    මෙම සටහනට හිමිවු ප්‍රතිචාර අතර මෙම සේයාරුව පැරණි සේයාරුවක් බවට යෝජනා කර තිබු බැවින්, මෙම සටහන පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අවධානය යොමු විය. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහනට හිමිවු ප්‍රතිචාර අතර මෙම සේයාරුව 2017 පුබුදු ජාගොඩගේ ෆේස්බුක් පිටුවෙන් ඉදිරිපත් කරතිබු  සටහනක සේයාරුවක් බවට පවසා තිබීම නිසා අප ඔහුගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. 2017 ඔක්තෝබර් මස 12 දින ඉදිරිපත් කර තිබු පහත සටහන නිරීක්ෂණය විය.

    LinkArchived Link

    දසුන් වානගුරු නමැත්තකුද 2017 ඔක්තෝබර් මස 12 දින මෙම සේයාරුව සහිත  මේ 2015 ජනවාරි 08 වනදා,“මෛත්‍රී පාලනයක්” යහපාලනයක්, අපමණ අගයක්, වෙනසක් වෙනුවෙන් කැපවී ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්, එවරම ජනාධිපති ධූරය සඳහා තරඟ කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ දුමින්ද නාගමුව සහෝදරයාය ! ජයග්‍රහණය කළ අපේක්ෂකයා මැතිවරණ ප්‍රචාරණයේදී “ආයේ ආයේ නොම විමසන්” නමින් විකාශය කළ ආකර්ෂණීය වෙළඳ දැන්වීමද මේ මොහොතේ සිහිවන බව නොකියාම බැරිය !” යන කථාංගය අන්තර්ගත කර සටහනක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය.

    LinkArchived Link

    2017 වසරේ ඔක්තෝබර් මස පෙරටුගාමි සමාජවාදි පක්ෂය සංවිධානය කළ විරෝධතා ව්‍යාපාර පිළිබඳව ගූගල් සෙවීමක් කළෙමු. පෙරටුගාමි සමාජවාදි පක්ෂය  සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය වෘත්තීය සමිති සංවිධානය කළ සයිටම් විරෝධි පාගමනකට පොලිසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට විසිරවු බවට සෑම ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන්හි වාර්තා කර තිබිණ.

    Lanka Views නමැති ඉංග්‍රිසි බසින් පලවන වෙබ් අඩවියක “Brutal Police Attack Cause Surgery for Duminda Nagamuwa” සිරස්තලයෙන් වාර්තා කර තිබුණේ පෙරටුගාමි සමාජවාදී ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පොලිස් ප්‍රහාරය හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වූ බවය.

    LinkArchived Link

    හිරු පුවත් වෙබ් අඩවියේ එම පුවත වාර්තාකර තිබුනේ මෙලෙසිනි.

    LinkArchived

    මෙම සටහන පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. ජෝර්ජ් ෆ්ලොයිඩ්  ඝාතනයට විරුද්ධව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයේ දී එම පක්යේ නායක කුමාර් ගුණරත්නම් සහ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අත්අඩංගුවට ගන්නා කෙටි වීඩියෝ පටයක් එහි අන්තර්ගත කර තිබූණි.

    https://www.facebook.com/frontlinesocialist/videos/580998952550514/

    ඊයේ අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ තුවාල කරණකොටගෙන දුමින්ද නාගමුව ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා සේයාරූ කිහිපයක් අන්තර්ගත කර සටහනක් ඉදිරි පත් කර තිබිණි. එහි හුවමාරු වූ ඡායාරූපයේ පෙන්වූ පරිදි පහරදීමක් පෙනෙන්නට තිබුණේද නැත.

    LinkArchived Link

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2017 සයිටම් විරෝධී රැළියක් අතරතුරදී එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ දුමින්ද නාගමුව මහතාගේ ඡායාරුපයක් ඊයේ රැළියේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ එල්ල වූ ප්‍රහාරයක් ලෙස පෙන්වීමක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.