Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඇඳිරි නීති සමයේ යාල වෙරළ තීරයේ සැරිසැරූ මුවන් රංචුවක් නොවේ.

    2020-04-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම පැතිරී යාම වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් සිය ජනතාව නිවෙස්වලට සීමා කර ඇත. එමෙන්ම දේශසීමා වසා දමා, ගුවන් නාවික සහ ගොඩබිම ගමනාගමනය නවතා දමා ඇත. එම නිසා පරිසර දුෂණය විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තා විය.  මිනි

    කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම පැතිරී යාම වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් සිය ජනතාව නිවෙස්වලට සීමා කර ඇත. එමෙන්ම දේශසීමා වසා දමා, ගුවන් නාවික සහ ගොඩබිම ගමනාගමනය නවතා දමා ඇත. එම නිසා පරිසර දුෂණය විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තා විය. 

    මිනිස් ක්‍රියාකාරකම් අඩුවීම නිසා වන සතුන් ද නිදහසේ කාලය ගත කරන බවට ද වාර්තා ලොව නොයෙකුත් ප්‍රදේශවලින් දක්නට ලැබුණි. මෙලෙස පලවන ඇතැම් සටහන් සත්‍යවන අතර ඇතැම් සටහන් සදහා පැරණි ඡායාරූප යොදාගෙන තිබිණ.

    එලෙස පලවු ඡායාරූප කිහිපයක් අසත්‍ය බව අප විසින් මීට පෙර වාර්තා කරන ලදී.

    තිස්සමහාරාම නගරයේ ඇදිරිනීතියේ සුවය නිදහසේ විදින මුවන් තේමාවෙන් නගර වීදියක සුවසේ ලැග සිටින මුව රංචුවකගේ සේයාරුව සහිතව සටහන, පැරණි ඡායාරූපක් යොදාගෙන පලකල සටහනක් බව අප මෙසේ වාර්තා කළේය.

    එමෙන්ම පුත්තලම මුහුද ආශ්‍රිතව තල්මසුන් දර්ශනය වූ බවට පළවූ වීඩියෝව, ඉන්දුනීසියාවේ පළවූ  පැරණි වීඩියෝවක් බව අප වාර්තා කරන ලද්දේද මෙලෙසිනි

    මෙවන් තත්වයක් තුල ඇදිරිනිතී කාලය තුල මුවන් රංචුවක් වෙරළේ නිදහසේ සිටින වීඩියෝවක් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුල ඉතා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී. සමාජ මාධ්‍ය සටහන් අනුව එය යාල අභය භූමිය තුල පිහිටි වෙරල ආශ්‍රිතව ඇදිරිනිතී කාලයතුල රූගත කර තිබේ. 

    බොහෝ පිරිස් එම වීඩියෝව සදහා යහපත්  ප්‍රතිචාර දක්වා තිබුණු අතර, බොහෝ අය පවසන්නේ මිනිස් ක්‍රියාකාරම් අඩුවීම නිසා වන සතුන් නිදහසේ කාලය ගත කරන බවයි.

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන එම සටහන පහතින්.

    “Sri Lankan Sambar Deers took some time to explore human-less Yala beach today!”

    “ශ්‍රී ලංකාවේ සම්බාර් මුවන් අද මිනිසුන් අඩු යාල වෙරළ තීරය ගවේෂණය කිරීමට යම් කාලයක් ගත කළා!” යනුවෙන් සඳහන් වී ඇති මෙම වීඩියෝව 15,000 කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණි. 

    Facebook LinkArchived LinkArchived Video

    Old Video shared in a misleading way as deer in Yala during SL Lockdown from Factcrescndo SL on Vimeo.

    අප්‍රේල් පළමුවැනිදා පළකර තිබු මෙම වීඩියෝවට ලැබී ඇති ප්‍රතිචාර පරික්ෂා කිරීමේදී සියල්ලන්ම වාගේ මෙය සත්‍ය සිදුවීමක් ලෙස විශ්වාස කර තිබෙනු දකන්ට ලැබුණි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේද විවිධ පිරිස් මඟින් මෙය හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසිනි.

    යූටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුල හුවමාරුවන සටහන පහතින්.

    YouTube  Link

    ට්විටර්  සමාජ මාධ්ය තුල හුවමාරුවන සටහනක් පහතින්.

    Twitter LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පලවන වීඩියෝවේ කොටසක් Yandex සෙවුම හරහා අපි නිරීක්ෂණය කළෙමු. එහිදී එම වීඩියෝව සම්බන්ධයෙන් links කිහිපයක් අපට දිස්විය.

    එම දිගු (links) හරහා නිරීක්ෂණය කිරීමේදී අපට 2019 ජනවාරි 5 වැනි දින යූටියුබ් හරහා පළවූ වීඩියෝවක් දිස්විය. ස්පාඤ්ඤ භාෂාවෙන් පලවී තිබූ එම මුල් වීඩියෝවේ ඉංග්‍රීසි පරිවර්තනය මෙසේය.

    “Recorded in Yala National Park, Sri Lanka. A herd of Sambar deer on the beach but it is a mystery what has brought them there”

    “ශ්‍රී ලංකාවේ යාල ජාතික වනෝද්‍යානයේ පටිගත කර ඇත. සම්බා මුවන් රංචුවක් වෙරළේ සිටියත් ඔවුන් එහි ආවේ කෙසේද යන්න අභිරහසකි ”

    Youtube Link 
    https://youtu.be/H6M37r0qqH0?t=9

    මෙම වීඩියෝව සම්බන්ධයෙන් අප තවදුරටත් නිරීක්ෂණය කළෙමු. එහිදී එම වීඩියෝව ‘National Geographic” හි Instagram ගිණුමේ පළවූ සටහනක් අපට දිස්විය.  එය  2017 අප්‍රේල් මස 13 දින පළකර තිබිණ.  එම සටහන අනුව යාල අභය භූමිය තුල පිහිටි වෙරල ආශ්‍රිතව රූගත කර තිබු බව පැහැදිලි විය.

    Instagram LinkArchived Link
    View this post on Instagram

    A post shared by National Geographic (@natgeo)

    එහි පළවූ සටහනින් උපුටාගත් කොටසක් පහතින්.

    “I was wondering why Sambar deer went on the beach in Yala National Park, Sri-Lanka. I was following leopard tracks on the beach and saw sambar tracks that disappeared into the surf. The staff of @kulusafaris told me the sambar go into the surf to get rid of the ticks. Pretty incredible huh? I was setting up camera-traps with @bertiegregory and @alexbraczkowski on the beach for my @natgeo leopard story.”

    “සම්බාර් මුවන් ශ්‍රී ලංකාවේ යාලා ජාතික උද්‍යානයේ වෙරළට ගියේ ඇයිදැයි මම කල්පනා කළෙමි. මම මුහුදු වෙරළේ දිවියන් ලුහුබඳිමින් සිටියදී සම්බාර් පා සටහන් වෙරළ තීරයේ නොපෙනී යන අයුරු දුටුවෙමි. @kulusafaris කාර්ය මණ්ඩලය මට කීවේ කිනිතුල්ලන් ඉවත් කරගැනීමට මෙම සම්බර් මුවන් පැමිණ ඇති බවය. තරමක් ඇදහිය නොහැකි නේද?”

    ඉහත සටහනේ පළවූ කරුණු පරික්ෂකල අප එහි සදහන්  Alexander Braczkowski නමැති ඡායාරූපශිල්පියාගේ Instagram ගිණුම පරීක්ෂාකළ අතර, එහිදී ඔහු විසින් එම වීඩියෝව 2018 නොවැම්බර් 23 දින පල කර තිබිණ.

    Instagram LinkArchived Link

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ ඇදිරිනිතී කාලය තුල යාල අභය භූමිය තුල පිහිටි වෙරල ආශ්‍රිතව මුවන් රංචුවක් වෙරළේ නිදහසේ සිටින අයුරින් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන වීඩියෝව, 2017 අප්‍රේල් මස ‘National Geographic” හි Instagram පිටුවෙහි පළවූ වීඩියෝවක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-04-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.