Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බේරුට් පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 22ක් මියගොස් ඇති බවට පළවූ සාවද්‍ය පුවතක්!

    2020-09-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අගෝස්තු මස මුල ලෙබනනයේ බේරුට් නගරයේ සිදුවූ පිපිරීමක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය හරහා විශාල වශයෙන් කතාබහට ලක්වූ අතර ශ්‍රී ලාංකකයින් රැසක් එහි විශේෂයෙන්ම රැකියාවේ නිරත වන බැවින් මේ පිලිබඳ සටහන් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද වාර්තා කර තිබුණි.

    අගෝස්තු මස මුල ලෙබනනයේ බේරුට් නගරයේ සිදුවූ පිපිරීමක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය හරහා විශාල වශයෙන් කතාබහට ලක්වූ අතර ශ්‍රී ලාංකකයින් රැසක් එහි විශේෂයෙන්ම රැකියාවේ නිරත වන බැවින් මේ පිලිබඳ සටහන් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද වාර්තා කර තිබුණි. ඒ අතර පිපිරීමෙන් මිනිසුන් ඉහළට වීසි වී ගිය බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප විමර්ශනයක් සිදුකලේ මෙලෙසින්.

    පිපිරීමෙන් මසකට පමණ පසුව “බේරුට් පිපිරීමෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයින් ගණන ඉහලට” යන සිරස්තලය යටතේ පසුගියදා පලවී තිබු පුවත් වර්තාවක තවදුරටත් දක්වා තිබුනේ “පසුගිය දා ලෙබනනයේ සිදුවූ බේරුට් පිපිරීමෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයන් ගණන 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලේබනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න සඳහන් කර තිබෙනවා” යනුවෙනි. එම සටහන පහතින්

    LinkArchived Link

    මෙය පුවත ෆේස්බුක් පිටු කිහිපයක්ම විසින් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

    එවැනි එක සටහනක් මෙලෙසින්

    මෙම සටහන් වලට ප්‍රතිචාර ලබාදෙමින් බොහෝ දෙනෙකු අසත්‍ය පුවත් පළකිරීමෙන් වළකින ලෙස සඳහන් කර තිබීම සහ මෙවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය හරහා නොදුටු බැවින් කෙටි විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    බේරුට් පිපිරීම හමුවේ එහි අගමැති ඇතුළු රජය ඉල්ලා අස්වූ අතර  ජීවිතක්ෂයට පත්වූ පිරිස් පිලිබඳ නවතම වාර්තා පරීක්ෂා කිරීමේදී එම පිරිස 190 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වූ අතර එම පිරිස අතර විදේශිකයින් කිහිප දෙනෙකුද සිටි බවට සටහන් වී තිබුණි.

    පිපිරීමෙන් සතියකට පමණ පසු ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබු 152 දෙනෙකුගේ මරණ ලයිස්තුවේ ලෙබනන ජාතිකයින්ට අමතරව බංගලාදේශ, සිරියානු, පිලිපීන, පකිස්තානු ආදී ජාතිකයින් සිටි නමුත් කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් දැකගැනීමටද නොහැකි විය.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත් වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලාංකික පිරිස් මෙම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූවා දැයි තහවුරු කර ගැනීමට අප ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ විදෙස් කටයුතු පිලිබඳ අමාත්‍යංශයෙන් සිදුකල විමසීමකදී අපට දන්වා සිටියේද මෙය සාවද්‍ය පුවතක් බවත් ලාංකිකයින් කිහිප දෙනෙකුට තුවාල පමණක් සිදුවූ බවත්ය.

    මේ පිළිබඳව ලංකාවේ මාධ්‍ය වාර්තා කිහිපයක් ද පිපිරීමෙන් දින කිහිපයකට පසු අපට දැකගැනීමට හැකි විය. තුවාල ලැබූ කිසිවෙකුගේ තත්වය බරපතල නැති බවට එම වාර්තා වලද සඳහන් කර තිබුණි

    Daily Mirror | BBC Sinhala

    ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනී ශානි කල්‍යාරත්න කරුණාරත්න මහත්මිය අගෝස්තු මස 16 වැනිදා පළවූ “එතෙර මෙතෙර” රුපවාහිනී සාකච්ඡාවකදී කරුණු දක්වමින් පවසා තිබුනේද ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකුට පමණ තුවාල සිදුවුවද කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති බවයි. Embassy of Sri Lanka in Lebanon

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “බේරුට් පිපිරීමෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයින් ගණන ඉහලට” යන සිරස්තලය යටතේ පලවී තිබු පුවත් වාර්තා වල දක්වා තිබු ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 22ක් මියගොස් ඇති බවට පළවූ වාර්තා සම්පුර්ණයෙන්ම සාවද්‍ය වාර්තා බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.