Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඇස් 4 ක් සහ අං 4 ක් ඇති එළු පැටවකු ලෙස බෝනික්කෙකුගේ ඡායාරුපයක් හුවමාරු වූ අවස්ථාවක්!

    2020-06-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බොහෝ විට සමාජ මාධ්‍යය ඔස්සේ අද්භූත සිදුවීම් පිළිබඳ සටහන් ඉදිිරිපත් වනු දක්නට ලැබේ. පසුගිය දිනක අස්වාභාවික එළුවකු වැනි සත්වයකුගේ ඡායාරූප කිහිපයක් සහිතව “එයාගේ ලස්සන” තේමාවෙන්, “වාර්තාවට අනූව දකුණු සුඩානයේ එක්තරා ගමක ගැබිනි එළු දෙනක් විසින් ඇස් 4 ක් සහ අං 4

    බොහෝ විට සමාජ මාධ්‍යය ඔස්සේ අද්භූත සිදුවීම් පිළිබඳ සටහන් ඉදිිරිපත් වනු දක්නට ලැබේ. පසුගිය දිනක අස්වාභාවික එළුවකු වැනි සත්වයකුගේ ඡායාරූප කිහිපයක් සහිතව “එයාගේ ලස්සන” තේමාවෙන්, “වාර්තාවට අනූව දකුණු සුඩානයේ එක්තරා ගමක ගැබිනි එළු දෙනක් විසින් ඇස් 4 ක් සහ අං 4 ක් ඇති පැටවෙකු බිහි කර තිබේ.” යන කෙටි විස්තරය සහිතව, Capture 360 නමැති ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත්ව තිබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් හයසියයකට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණු මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර කිහිපයකම මෙය අස්වාභාවික සත්වයෙක් නොව Akerbeltz poseable doll යන විසිතුරු ඉරියව් බෝනික්කෙක් බව සඳහන් වීම නිසා, මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    LinkArchived Link

    ෆේස්බුක් පිටු සහ සමුහ කිහිපයකම මෙම සටහන හුවමාරු වී තිබෙණු ද දක්නට ලැබුණි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ප්‍රථමයෙන්ම akerbeltz poseable doll  පිළිබඳව google reverse image සෙවීමක් කළෙමු. එම akerbeltz  විසිතුරු බොනික්කා පිළිබඳව අන්තර්ජාලයේ වාර්තා රැසක්දක්නට ලැබුණු අතර සෑම සටහනක්ම මෙම බොනික්කා පිළිබඳව වෙළඳ ඇණවුම් ලබා ගැනීම සඳහා විය. 

    LinkArchived Link

    Fuegofatuoart නමැති මෙහි නිර්මාතෘ තම Instagram ගිණුමේ මෙම බෝනික්කා පීළීබඳ පහත සටහන ඉදිරිපත් කර තිබුණි.

    “මම ඔබට මේ කුඩා දරුවා අකර්බෙල්ට්ස් හඳුන්වා දෙන්නම්. උතුරු ස්පාඤ්ඤයේ, බාස්ක් ප්‍රාන්තයේ මිථ්‍යා කතාවල සඳහන් මිථ්‍යා ජීවියෙකි. මුලින් සොබාදහම සහ සත්ව ආරක්ෂකයෙකු ලෙස සැලකූවද, පුරාණ යුගයේ සිට මායාකාරියන් හා තණ්හාවන් අතර ඇති සම්බන්ධය නිසා ක්‍රිස්තියානි දහම මොවුන් සාතන්ට සම්බන්ධ නපුරු ජීවියකු ලෙස හඳුන්වයි. ඔබ කුමන මතය විස්වාස කරත්, මෙය වසර ඇරඹීමට යහපත් නොවේද?” යනුවෙන් 2019 වසරේ ඔක්තෝබර් මස මෙම නිර්මාණය වෙළඳපොළට නිකුත් කිරීමට පෙර සටහනක් පල කර තිබුනා.

    LinkArchived Link

    ඔහුගේ Instagram ගිණුමේ සමාජ මාධ්‍ය තුල හුවමාරු වූ සටහනේ පළවූ අනෙකුත් ඡායාරූපද පලවී තිබෙනු දැක ගන්නට ලැබුණු අතර දැනට මේ සඳහා අනව්වුම් රැසක් ලැබී ඇති අතර දැනට ලබාගැනීමට නොමැති බවද දැකගන්නට ලැබුණා.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ දකුණු සුඩානයේ ගැබිනි එළු දෙනක් විසින් බිහිකර ඇති ඇස් 4 ක් සහ අං 4 ක් ඇති පැටවෙකු නොව බාස්ක් මිථ්‍යා කථා අනුසාරයෙන් නිපදවු විසිතුරු බොනික්කෙකු බවයි.

    එනිසා “එයාගේ ලස්සන” තේමාවෙන්, “වාර්තාවට අනූව දකුණු සුඩානයේ එක්තරා ගමක ගැබිනි එළු දෙනක් විසින් ඇස් 4 ක් සහ අං 4 ක් ඇති පැටවෙකු බිහි කර තිබේ.” යන විස්තරය සහිතව ඉදිරිපත්ව ඇති ෆේස්බුක් සටහන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    Title:ඇස් 4 ක් සහ අං 4 ක් ඇති එළු පැටවකු ලෙස බෝනික්කෙකුගේ ඡායාරුපයක් හුවමාරු වූ අවස්ථාවක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.