Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඉන්දීය සුපිරි නළු අමීර් කාන් පාන්පිටි මලු වල සඟවා මුදල් බෙදා ඇති බවට සමාජ මාධ්‍ය තුල සංසරනය ව්‍යාජ පුවතක්

    2020-05-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනප්‍රිය හින්දි නලුවකු වෙන අමීර් කාන් විසින් පාන් පිටි මලු වල මුදල් සඟවා පාන් පිටි මලු ලෙස දුප්පත් ඉන්දීය ජනතාව අතර බෙදා හැරි බවට පුවතක් ඉන්දියාවේ මෙන්ම ශ්‍රි ලංකාවේද මුහුනුපොතේ බහුලව හුවමාරු වන බව දකින්න ලැබුනා. එම පුවතින් දැක්වූ අදහසට අනුව අමීර් කාන් වි

    ජනප්‍රිය හින්දි නලුවකු වෙන අමීර් කාන් විසින් පාන් පිටි මලු වල මුදල් සඟවා පාන් පිටි මලු ලෙස දුප්පත් ඉන්දීය ජනතාව අතර බෙදා හැරි බවට පුවතක් ඉන්දියාවේ මෙන්ම ශ්‍රි ලංකාවේද මුහුනුපොතේ බහුලව හුවමාරු වන බව දකින්න ලැබුනා.

    එම පුවතින් දැක්වූ අදහසට අනුව අමීර් කාන් විසින් සැබෑ අවශ්‍යතාවයක් ඇති දුප්පත් මිනිසුන් සොයා ගැනීමේ උපක්‍රමයක් ලෙස පාන් පිටි කිලෝ එක බැගින් මලු සකස් කර දුප්පත් ගම්මාන වලට ගොස් එම මලු ‍රැගෙන යන ලෙස දන්වා තිබුනු බවයි කියවුනේ.

    දුප්පත් පුද්ගලයන් නිවසට ගොස් එම මලු ලෙහා බලනවිට එතුලින් පාන් පිටි අතර සඟවා තිබූ ඉන්දීය රුපියල් 15000ක් එක් මල්ලක තිබූ බව ප්‍රචාරය වී තිබුනා.

    මෙය ඉතා යහපත් සත් ක්‍රියාවක් බැවින් මේ පුවත සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් සංසරනය වූ බවක් අපිට දක්නට ලැබුනා.

    “චත් රූ” නමින් හැන්දින්වුනු ෆේස්බුක් පේජයකින් පලකල තිබූ මෙම පුවත 1200කට අධික පිරිසක් අතර හුවමාරු වී තිබිනි.එලෙසම “For the Public Service” නම් ෆේස්බුක් පිටුවක පල කර තිබූ සටහන 4500කට අධික පිරිසක් හුවමාරු වී තිබුනේද මෙම වදන් පෙළත් සමඟය.

    “මිනිස් වෙස් ගෙන ආ දෙවියෙක්? 🌷

    ♥️ Amir Khan ♥️ අමීර් ඛාන්….💙❤️💙🙏

    සැබෑ අවශ්‍යතා ඇති මිනිසුන්ට උදවු කිරීමට ඉංදීය සුපිරි නලු අමීර් කාන් අපූරු ක්‍රමයක් යොදාගෙන තිබෙනවා.. පාන්පිටි කිලෝ එක බැගින් වූ මලු ලොරියක් රැගෙන දුප්පත් ගම්මාන වෙත ගොස් පාන් පිටි කිලෝ එකක් අවශ්‍යය ඇවිත් ලබාගන්නා ලෙස දැනුම්දී ඇත..
    පාන්පිටි කිලෝ එකක් වුවත් වටින දුගී ජනතාව පැමින පාන්පිටි මලු රැගෙන ගොස් ඇත.. නිවෙස් වලට ගොස් එම මලු ලිහා බලද්දී ඒවායේ සගවා තිබූ ඉංදීය රුපියල් 15000ක් ( SLR:35000) හමුවී ඇත..අතිවිශාල මුදලක් මෙලස බෙදාහැර කිසිදු ප්‍රසංසාවක් නොලබා ඔහු පිටවගොස් ඇත.. ♥️

    ප්‍රසිද්ධිය වෙනුවෙන් මිනිසුන්ගේ අසරනකම විකුනගෙන කෑ සියලු දෙනාටම මෙම සිද්දිය දරුනු අතුල් පහරක් වනු ඇත.. 🙏🏻” 

    එම මුල් සටහනක් පහතින්.

    Original PostArchived PostOriginal PostArchived Post

    අමිර් කාන් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද අති මහත් ජනප්‍රියත්වයක් උසුලන බැවින් මෙලෙස පලවන පුවත් සඳහා විශාල ප්‍රචාරයක් හිමිවේ.කෙසේ උවත් මෙම පුවත සම්බන්ධයෙන් ෆැක්ට්  ක්‍රෙසෙන්ඩෝ අප විසින් සත්‍යතාවය කෙසේදැයි සොයා බැලුවා

    Fact Check (සත්‍ය බව තහවුරු කිරීම)

    මේ පුවත පිලිබඳ යම් කරුනක් ඇත්දැයි අප අමීර්කාන්ගේ සමාජ මාධ්‍ය පි‍ටුවල පලවී ඇත්දැයි සොයා බැලුවා.

    එහිදී අපිට අමීර් කාන් ගේ ට්විටර් ගිනුමේ මේ පිලිබඳව යෙදූ සටහනක් දකින්නට ලැබුනා.ඔහුගේ එම ප්‍රකාශයෙන් දක්වා තිබුනේ එලෙස පිටි මලු වල මුදල් දමා මුදල් බෙදූ බව ඔහු විසින් කල එකක් බවට පලවන පුවත වැරදි එකක් බවයි.

    ඔහුගේ ට්විටර් පණිවුඩයේ සිංහල පරිවර්තනය මෙසේය

    “යාලුවනේ, පාන් පිටිමලු වල මුදල් දැමූ පුද්ගලයා මම නොවේ. එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ කතාවක් හෝ තමා ගැන හෙළි කිරීමට අකැමති රොබින් හුඩ්ට කෙනෙක් විය හැක!

    පරිස්සමින් ඉන්න.”

    https://twitter.com/aamir_khan/status/1257165603678240768

    එමෙන්ම අමිර් කාන් විසින් දිල්ලියේ දුප්පතුන්ට මුදල් ලබා දුන් බවට කිසිඳු පුවතක් නොමැති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුලු ඉන්දීය මාධ්‍ය ආයතන බොහොමයක් වාර්ථා කර තිබුනා.

    තවදුරටත් මෙම මුදල් සහිත පාන් පිටි පාර්සලය හොඳින් නිරීක්ශනය කලොත් පැහැදිලිවම දැකගත හැකි වන්නේ ඉන්දියානු රුපියල් 2000-2500 වැනි මුදලක්.

    එමෙන්ම මෙම වසරේ අප්‍රේල් මස 6 වැනිදා පලවූ හින්දුස්තාන් ටයිම්ස් පුවතකට අනුව ඉම්රාන් කාන් විසින් යම් කිසි මුදලක් PM Cares Fund, Maharashtra Chief Minister’s Relief Fund සඳහා බැර කර තිබෙනවා.

    Link

    එහි සඳන් අන්දමට තවත් බොහෝ ආයතන වලට මුල්‍යමය දායකත්වය දක්වා ඇති නමුත් පාන් පිටි මලුවල බහා දුප්පතුන්ට මුදල් ලබා දුන් බවක් 6 වැනිදා පලවූ වාර්ථාවකට අනුව ප්‍රකාශ කර නෑ. 

    මෙම පුවත පිලිබඳ ඉන්දියාවේද විශාල වශයෙන් හුවමාරු වූ අතර Factcrescendo ඇතුළු ඉන්දීය සමාගම් රැසක් මේ පිලිබඳ විමර්ෂණයක් සිදුකර තිබු අතර පුවත් ආයතන රැසක්ද එම පුවත මෙලෙසින් වාර්තා කර තිබුණි.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු පිලිබඳව සලකා බැලීමේදී අපිට තහවුරු වන්නේ පාන්පිටි මලු වල සඟවා මුදල් බෙදා ඇති බවට සමාජ මාධ්‍ය තුල සංසරනය වන පුවත ව්‍යාජ එකක් බවයි.එම නිස මෙම පුවතට අදාල වැරදි තොරතුරු බෙදා නොගන්න ලෙස අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ඉන්දීය සුපිරි නළු අමීර් කාන් පාන්පිටි මලු වල සඟවා මුදල් බෙදා ඇති බවට සමාජ මාධ්‍ය තුල සංසරනය ව්‍යාජ පුවතක්

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.