Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මින්නේරියේ නිවුන්නු යනුවෙන් හුවමාරු වූ අප්‍රිකානු ඇත් පැටවුන් දෙපළක්!

    2020-09-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලක් ඉතිහාසයේ වාර්තා වී ඇති අන්දමට මුල්ම වරට නිවුන් ඇත් දරු උපතක් සිදු කර තිබෙන බවට පුවත් වාර්තා රැසක් සෑම ප්‍රධාන මාධ්‍යකම පාහේ මීට මාස දෙකකට පමණ දැකගනන්ට ලැබුණා. මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වී තිබු මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනා සම්බන්ධයෙන් සටහන්

    ලක් ඉතිහාසයේ වාර්තා වී ඇති අන්දමට මුල්ම වරට නිවුන් ඇත් දරු උපතක් සිදු කර තිබෙන බවට පුවත් වාර්තා රැසක් සෑම ප්‍රධාන මාධ්‍යකම පාහේ මීට මාස දෙකකට පමණ දැකගනන්ට ලැබුණා. මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වී තිබු මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනා සම්බන්ධයෙන් සටහන් පෙළක් පසුගිය දා හුවමාරු වෙනු අපට නිරීක්ෂණය වුනේ මෙලෙසින්

    LinkArchived LinkLinkArchived Link

    “මින්නේරියේ නිවුන්නු දෙන්නා” යනුවෙන් හුවමාරු වී තිබු මෙම සටහන් පෙළේ සිටි ඇත් පැටවුන් දෙදෙනා බලු බැල්මටම ලංකාවේ අලි පැටවුන්ට වඩා වෙනස්වීමේ නිසා බොහෝ දෙනෙක් විසින් මේවා සාවද්‍ය සටහන් ලෙස හඳුනා ගනිමින් ප්‍රතිචාර සටහන් ද දක්වා ඇති අයුරු පෙනෙන්නට විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ හුවමාරු වී තිබු සටහන් සඳහා ඇත්ත වශයෙන්ම යොදාගෙන තිබුනේ අප්‍රිකානු අලි පැටවූ දෙදෙනෙකුගේ ඡායාරූප බව අපගේ විමර්ෂණයෙන් තහවුරු වුනා. 

    ඉහත සටහන් වල ඡායාරුප Google Reverse Image සෙවුමක් හරහා පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියේ මෙම ඡායාරූප යොදාගත් ජාත්‍යන්තර පුවත් වාර්තා රැසක් 2019 වසරේ ජනවාරි මාසයේදී මෙසේ පළව තිබු බවයි. එසේ පළව තිබු වාර්තාවල සටහන් වී තිබුනේ ඉනෙස් අලීන් විඩෝ (Inez Allin-Widow) නමැති නෙදර්ලන්ත ජාතික කාන්තාවක් විසින්, දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ ඡායාරූප ලබාගනිමින් සිටියදී මෙම දඟකාර ඇත් පැටවුන් දෙදෙනාගේ දසුන් පෙළ ලබාගෙන තිබු බවයි. එම පුවත් වාර්තා කිහිපයක් පහතින්.

    Catersnews | DailyMail

    එසේම ඇයගේ ඡායාරුප එකතු ඇතුළත් සටහන් කිහිපයක එම ඡායාරූප පෙළ පළව තිබුනේද මෙලෙසින්. Link 1 | Link 2

    එබැවින් මෙම අප්‍රිකාවේ ලබාගත් ඡායාරූප පෙළ , සමාජ මාධ්‍ය ඔස්සේ මින්නේරියේ උපන් නිවුන් ඇත් පැටවුන් දෙදෙනා ලෙස හුවමාරු වන බව පෙනී ගියා.

    එසේම මීට දින කිහිපයකට පෙර, එනම් අගෝස්තු මස 03 වැනිදා මින්නේරිය ජාතික වන උද්‍යානය විසින් හුවමාරු කර ගෙන තිබු සටහනක නිවුන් අලි පැටවුන්ගේ ඡායාරුපයක් පළකර තිබුනේ මෙලෙසින්. එය තිලාන් විජේසිංහ නමැති ඡායාරුප ශිල්පියෙකු විසින් පසුගිය ජුලි මස ලබාගෙන තිබු ඡායාරුපයක් බව අපට මෙසේ පෙනී ගියා. 

    ලංකාවේ නිවුන් අලි පැටවුන් දෙදෙනාගේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අප්‍රිකාවේ අලි පැටවුන් දෙදෙනාගේ ඡායාරුප සංසන්දනයක් පහතින්.

    අප්‍රිකානු අලි පැටවුන්ගේ කන්පෙතිවල හැඩයෙන්ද ඔවුන් ආසියානු ඇත් පැටවුන් නොවන බව පෙනී යයි. මින්නේරිය අලි පැටවුන් හඳුනාගත් මුල් අවධියේදී පළවූ වීඩියෝවක් මෙසේය

    මෙසේ අප්‍රිකානු අලි පැටවුන් යොදාගත් සටහන් මුල්වරට ජුලි මස 08 වැනිදා උදැසන හුවමාරු වී තිබු අතර මේ පිළිබඳ පාඨකයින් කිහිප දෙනෙකුම අපගෙන් සිදුකල විමසීම වලට ප්‍රතිචාර ලෙස සත්‍ය තොරතුරු ලබාදීමත් සමඟ එම සටහන් වලට සත්‍ය තොරතුරු ඇතුලත් ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර බොහෝ දෙනෙකු මෙසේ නොමඟ යවන සුළු ආකාරයෙන් සාවද්‍ය ඡායාරුප යොදාගැනීම හෙළාදැක තිබුණි. ඇතැම් ෆේස්බුක් සටහන් තැබූ පිටු විසින් තමන් විසින් සිදුකර තිබු වරද පිළිගෙන මෙසේ එය නිවැරදි කරගෙන තුබූ අයුරුද ඇතැම් සටහන් එහි මින්නේරි අලි පැටවුන් සිටින බවට දක්වා තිබු සටහන මෙසේ ඉවත් කරගෙන ඇති අයුරුද අපට පෙනී ගියා

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2019 වසරේ නෙදර්ලන්ත ජාතික කාන්තාවක් විසින් දකුණු අප්‍රිකාවේ වනෝද්‍යානයකදී ලබාගත් ඡායාරුප පෙළක් මින්නේරිය නිවුන් අලි පැටවුන් දෙදෙනා ලෙස හුවමාරු වී ඇති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.