Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අද (මාර්තු 24) රාත්‍රීයේ හෙලිකොප්ටර් මගින් විෂබීජනාශක වාතයට ඉසීමක් සිදුවන්නේ නැත!

    2020-03-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට (මාර්තු 24) අසාදිත රෝගීන් සියය ඉක්මවා ඇත. මේ හා සමගම රජය විසින් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප වශයෙන් නම් කල අතර නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවල ඇඳිරින

    ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට (මාර්තු 24) අසාදිත රෝගීන් සියය ඉක්මවා ඇත. මේ හා සමගම රජය විසින් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප වශයෙන් නම් කල අතර නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවල ඇඳිරිනීතිය ඉවත් නොකිරීමට ද තීරණය කර ඇති අතර එම ප්‍රදේශවලට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ බෙහෙත් යනාදිය සමයීමටද ක්‍රියාමාර්ග සකස්වෙමින් පවතී. 

    මෙවැනි පසුබිමක අද පස්වරුවේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හෙළිකොප්ටර මගින් විෂ බීජ නාශක වාතයට ඉසීමට නියමිත බව දන්වමින් සටහනක් විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. ගයනි දිසානායක නම් ෆේස්බුක් ගිණුමක් මඟින් පළවූ එවැනි එක සටහනක් පහතින්.

    “අද රාත්‍රී 11.30 ට කිසිවෙකු එළිමහනෙ නොසිටිය යුතුය.

    කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා හෙලිකොප්ටර් මගින් විෂබීජනාශක වාතයට වීමට නියමිත බැවින් නිවෙස්වල දොරවල් සහ ජනෙල් වසා තිබිය යුතුය කරුණාකර මෙය පිළිබඳව සෑම දෙනාම දැනුවත් කරන්න”

    LinkArchived Link

    එසේ හුවමාරු වූ තවත් සටහනක් මෙසේය.

    FB LinkArchived LinkFB LinkArchived

    මෙවැනිම සටහනක් දෙමළ භාෂාවෙන් ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මීට දින කිහිපයකට පෙරද විශාල වශයෙන් හුවමාරු වූ අතර ඒවා අසත්‍ය බවට අප විසින් කරුණු විමර්ශනය මෙසේ සිදුකරන ලදී.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත ප්‍රවෘත්තිය පිළිබඳව ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා සම්බන්ධ වීමේ දී දැනගන්නට ලැබුණේ එසේ විෂබීජනාශක වාතයට මුදා හැරීමට කිසිදු තීරණයක් මේ වනතෙක් ගෙන නොමැති බවත් අද(මාර්තු 24) දින එසේ විෂබීජනාශක වාතයට මුදා හැරීම පිළිබඳව පලවන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ය

    කෙසේ වෙතත් වැඩි දුරටත් මේ පිළිබඳව කරුණු දැනගැනීම සඳහා එවන් කර්තව්‍යයක් සිදු කරන්නේ නම් ක්‍රියාවට නගන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාර්ගයෙන් බැවින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක තුමා සමග සම්බන්ධ වීම එහිදී එතුමා පවසා සිටියේද මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් මේ පිළිබඳ සියලු මාධ්‍ය වෙත දැනුම් දී ඇති බවත්ය

    ශ්‍රීලංකා ගුවන් හමුදාවේ නිළ ෆේස්බුක් පිටුව පරීක්ෂාකිරීමේදී ද ඉහත ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව සඳහන් කරමින් සටහනක් පළකර තිබෙනු පහත පරිදි අපට දැකගන්නට හැකි විය

    https://www.facebook.com/SriLankaAirForceGuardiansoftheSkies/posts/10157121601347361?__xts__%5B0%5D=68.ARAa096kDxAvRjewj29MF7yH8pzjf-d8DTqMqUzQknYEe5bs6CVIGrw0NQKpNKK3GMcKQjA32Al6FVs7h8eJ-OzyqBcGfvmZjIuWxkXJfye9WaZd3B0RksQnAGhutwuqzqZ-yaVOxOLjzDuJCnmDNOV6jGv-d5x24t0bUH-hw33-2rSrbj5E-S-kc0J9CP_upCDCkZ1tOWmQoBb_OrNgwv0hkSFT89_pvj6SL3cenZkx2N6pJsSwZ5ZUw9JGyYMPgiAYlla1n9fgJEdOzM_6Cit726cbJn7BQ9ABKUMqk8bIpPRW_5kbezt1toG26QglWpH__ryhL2fZpWs-&__tn__=-R

    රජයේ පුවත් දෙපර්තෙමේන්තුව මඟින් ” ගුවනින් විෂබීජ නාශක ඉසින බවට අසත්‍ය ප්‍ර‍චාරයක්” යනුවෙන් එම පුවත හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසිනි.

    https://www.facebook.com/DepartmentOfGovernmentInformation/posts/2851657158281132?__xts__%5B0%5D=68.ARASF6IXQLl2TJ715-OabAHJLGDmKiuevjhXXGKk7JBHlgxYxMhhZVfhX73ytBcS8NV13WMfcmFXy0Ru20VsBQffWRKzPhUPNzK_weQR9fUqjQoXqlxpw6EenKzBsIVg99-vaDgVNa91g4ECY4Lctey20uTp00vPihrS50ytzMVR0PwKwBVEtsJ70CEgy0XEfEfaM5BPTLV0Gma0YqhY1RNhAfTI9mBZ1rs4rYrMWXXf5mAfaJGZk2wtj9UGzsqKTY6wHBLahgfun1EREkVTuIUCmXO5Ol0EvloqZbBRCm6deoHRZyHipZqi0NvCOPX3PJAecAxbgIHBGLbfLQQd_ejMaA&__tn__=-R

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රැසක් ඔස්සේ ද ඉහත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවන සටහන් සියල්ල ම සාවද්‍ය බවට ප්‍රවෘත්ති සටහන් කර තිබෙනු අපට දැකගැනීමට හැකිවිය.

    NewsfirstAda Derana

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “අද රාත්‍රීයේ හෙලිකොප්ටර් මගින් විෂබීජනාශක වාතයට ඉසීමට නියමිත බැවින් නිවෙස්වල දොරවල් සහ ජනෙල් වසා තිබිය යුතුය” යන අරුත් ඇතිව හුවමාරු වූ සටහන් සියල්ලක් ම සාවද්‍ය බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:අද (මාර්තු 24) රාත්‍රීයේ හෙලිකොප්ටර් මගින් විෂබීජනාශක වාතයට ඉසීමක් සිදුවන්නේ නැත!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-03-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.