Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    බෞද්ධ කොඩියට සමාන සාරිවලින් තරුණියන් ගමන් ගත් පුවත විවාහ උත්සවයකට සම්බන්ධ සිද්ධියක් නොවේ!

    2020-09-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාව ව්‍යවස්ථාවෙන්ම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන අතර බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බව සඳහන් වේ.  බෞද්ධ කොඩියක  වර්ණයන් නියෝජනය වන ඔසරියෙන් සැරසි මලකළඹක් අතින් ගෙන සිටින යුවතියන් පස්දෙනෙකු සහිත ඡායාරූපයක “බෞද්ධ කොඩියෙන් වෙඩින් හ

    ශ්‍රී ලංකාව ව්‍යවස්ථාවෙන්ම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන අතර බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බව සඳහන් වේ. 

    බෞද්ධ කොඩියක  වර්ණයන් නියෝජනය වන ඔසරියෙන් සැරසි මලකළඹක් අතින් ගෙන සිටින යුවතියන් පස්දෙනෙකු සහිත ඡායාරූපයක “බෞද්ධ කොඩියෙන් වෙඩින් හෙලු වසාගැනීම.  වෙන රටක මෙහෙම උනානම් දුකක් නෑ.” වදන රෝපණය කර “ඔබ මේ පිලිබද කුමක් සිතන්නේද”තේමාවෙන් සකුරා නැමැති ෆේස්බුක් පිටුවක් සටහනක් ඉදිරිපත් කර තිබුණි. 2800 අධික ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබුණු මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර අතර මෙය පැරණි සිදුවීමක් බවත් අසත්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා තිබීමත් නිසා මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහනේ අන්තර්ගත කරුණු තහවුරු කර ගැනීම පිණිස අප එම සේයාරුව Google Reverse Image සෙවීමකට ලක් කළෙමු. “බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්” සිරස්තලයෙන් හිරු රූපවාහිනී නාලිකාව 2017 අගෝස්තු 30 දින ඉදිරිපත් කර තිබු ප්‍රවෘත්තියක් වෙත අවධානය යොමු විය.

    “හික්කඩුව සීනිගම  දේවාලයේ මහා පෙරහැර අතරතුර බෞද්ධ කොඩියට සමාන වර්ණයන්ගෙන් යුත් සාරි වලින් සැරසුන තරුණියන් පිරිසක් ගමන් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා

    එමගින් ඉල්ලා ඇත්තේ පෙරහර කමිටුවේ ප්‍රධානීන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කර නිසි විමර්ශනයක් කරන ලෙසයි.

    හික්කඩුව සීනිගම දේවාලයේ දවල් පෙරහැර පසුගිය 26 සහ 27 වනදා පැවැත්වුණු අතර එහි පළමු දිනයේ බෞද්ධ කොඩියේ වර්ණ නියෝජනය වන ආකාරයේ සාරි වලින් සැරසුණු තරුණියන් පිරිසක් පෙරහරට සම්බන්ධ කර තිබුණා.

    අදාල තරුණියන් එලෙස සාරි වලින් සැරසී පෙරහරට එක්ව සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ජාල 27 ඔස්සේ ප්‍රචාරය වීමත් සමග 27දා දහවල් පෙරහරේදී එම තරුණියන්ගේ සාරි වෙනස් කිරීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ”

    LinkArchived Link

    සියත මාධ්‍ය ජාලය ද සිය ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා වල විකාශය වූ මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණි 

    “බෞද්ධ කොඩි සාරියේ වරද නිවැරදි කරගත් හැටි.” සිරස්තලයෙන් වාර්තාකර තිබූ එම පුවතේ අන්තිම ඡේදයේ මෙසේ දක්නට ලැබුණි. “හැබැයි බොහෝම පිරිසිඳු චේතනාවෙන් පවත්වන සීනිගම පෙරහරේ මෙහෙම දෙයක් වුණේ කොහොමද කියලා සියත 24 අපි හොයලා බැලුවා. එතකොටයි අපිට දැනගන්න ලැබුනේ මුලින්ම පෙරහරේ මේ තරුණියන් බෞද්ධ කොඩිය සහිත සාරි ඇඳන් ගිහින් තියෙන බව. හැබැයි ඒ අවස්ථාවේ බොහෝ දෙනා මේ සිද්ධියට විරෝධය පල කරපු නිසා ඊළගට සාරිය වෙනස් කර මේ තරුණියන් පෙරහරට එක් කරලා තියෙනවා. සංවිධායකයෝ කියලා තිබුනේ වැඩ අස්සේ මෙහෙම දෙයක් තිබුනා දැක්කේ නැහැ කියලයි.”

    LinkArchived Link

    සකුරා ෆේස්බුක් පිටුවේ තිබූ ඡායාරූපය සහ 2017 වසරේ මාධ්‍ය වාර්තාවල පලව තිබූ ඡායාරූප සමඟ සැසඳීමේ දී එය එකම ඡායාරූපයක් බවට සනාථ විය.

    Also Read: බ්‍රිතාන්‍යයේ පල්ලි දෙකක් බෞද්ධ භාවනා මධ්‍යස්ථාන බවට පත්වීම සම්බන්ධයෙන් පළවූ සටහන් පෙළක්!

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ බෞද්ධ කොඩියක  වර්ණයන් නියෝජනය වන ඔසරියෙන් සැරසි මලකළඹක් අතින් ගෙන සිටින යුවතියන් සහිත ඡායාරූපය මංගල උත්සවයක ඡායාරූපයක් නොව 2017 වසරේ සීනිගම දේවාලයේ දහවල් ‍පෙරහැරේ ගමන් ගත් යුවතියන් පිරිසක් බවයි.

    එබැවින් බෞද්ධ කොඩියක  වර්ණයන් නියෝජනය වන ඔසරියෙන් සැරසි මලකළඹක් අතින් ගෙන සිටින යුවතියන් පසදෙනකු සහිත ඡායාරූපයක “බෞද්ධ කොඩියෙන් වෙඩින් හෙලු වසාගැනීම.  වෙන රටක මෙහෙම උනානම් දුකක් නෑ.” වදන රෝපණය කර සකුරා ෆේස්බුක් ඉදිරිපත් කර ඇති සටහන නොමඟ යවන සුළු අසත්‍ය සටහනක් බව නිගමනය කරමු.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.