Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බුර්කා සහ නිජාබ තහනමක් ?

    2019-11-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වීමත් සමඟම ජාතික ආරක්ෂාව විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වූ අතර එවකට රජය ආරක්ෂක අංශ දුර්වල කර දැමූ බවටද චෝදනා නැගෙන්නට ද විය. ජාතික ආරක්ෂාව මැතිවරණ ප්‍රතිපත්ති මාලාවේ මුලික අංගයක් කරගත් පරිණත හම

    පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වීමත් සමඟම ජාතික ආරක්ෂාව විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වූ අතර එවකට රජය ආරක්ෂක අංශ දුර්වල කර දැමූ බවටද චෝදනා නැගෙන්නට ද විය.

    ජාතික ආරක්ෂාව මැතිවරණ ප්‍රතිපත්ති මාලාවේ මුලික අංගයක් කරගත් පරිණත හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමගම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට එතුමා ගත් පියවර යැයි සඳහන් කරමින් විවිධ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන් ගෙන තිබුණි.

    “බුර්කාව සහ නිජාබය අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්” නමැති සටහනක් ෆේස්බුක් පරිශීලකයින් කිහිප දෙනෙකු අතරේම හුවමාරු වී තිබෙනු අපට නිරීක්ෂණය විය.

    Facebook LinkArchived Link

    තවත් සමහර සටහන්වල අපට දක්නට ලැබුනේ නොමඟ යවන සුළු හෙඩිමක් මඟින් අප්‍රේල් මස සිදුවූ බුර්කාව සහ නිජාබ තහනම හා සබැඳි ලිපි, දැන් පලවන සටහන් සේ හුවා දැක්වීමට උත්සාහ කර ඇති බවයි.

    Facebook LinkArchived Link

    මෙම දිනවල ජනාධිපතිතුමා ඇතුළු නව රජය විසින් ගන්නා ලද තීරණ ලෙස හුවා දක්වමින් මෙබඳු ප්‍රකාශ ඇතුළු සටහන් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සැරිසරන බවද අපට  නිරීක්ෂණය විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ආගමික අන්තවාදය දරුණු ලෙස පැවති රාජ්‍යන්හි, අවශ්‍ය ඉලක්කය කරා ගොස් ප්‍රහාරය එල්ල කිරීම සඳහා කාන්තාවන් ලෙස වෙස්වලා ගත් අන්තවාදීන්,  කාන්තා ඇඳුමක් වූ බුර්කාව සහ නිජාබය යොදා ගැනීම නිසා, විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට ජනතාව තුළද මෙම කාන්තා පැළඳුම් පිළිබඳව දැඩි බියක් ඇතිවිය.

    මේ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මස 29 වන දින සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය යටතේ මුහුණ ආවරණය වන ඇඳුම් පැළඳීම සඳහා තහනමක් පැනවීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. කෙසේ වෙතත්, හදිසි නීතිය ඉවත් කිරීමත් සමඟ නිකාබ් සහ බුර්කා ඇතුළු සියලුම මුහුණු ආවරණ ඇඳුම් සඳහා වූ තහනම ඉවත් කරන ලද බව පොලිස් මූලස්ථානය විසින් සැප්තැම්බර් 21 දින තහවුරු කරන ලදී.

    Ada Derana ArticleArchived Link

    නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ බාර ගැනීමත් සමගම ආරක්ෂාව තර කිරීමට එතුමා ගන්නා යම් පියවර යැයි අනුමාන කරමින් නොයෙකුත් ප්‍රවෘත්ති පැතිරී යනු දක්නට ලැබේ. මෙම ප්‍රකාශ වලට පිළිතුරු වශයෙන් එතුමා පහත නිවේදනය පල කර තිබුණි.

     “මා විසින් නිකුත් කරන ලද නිවේදන ලෙස හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සංසරණය වෙමින් පවතී. මාගේ නිල නිවේදන ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ මාගේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව කරුණාවෙන් සලකන්න.” යනුවෙන් එතුමාගේ අත්සන රැගත් සටහනක් අපට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නිරීක්ෂණය විය.

    2
    Gotabaya Rajapaksa Official FB Archived Link

    මෙම උපදෙස් වලට අනුකූලව අපි එතුමාගේ ෆේස්බුක් පිටුව නිරීක්ෂණය කළෙමු. එමෙන්ම නිල ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියද පරීක්ෂාකර බැලුවෙමු. බුර්කාව සහ නිජාබ තහනමක් සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් එහි පළවී නොතිබුණි.

    තවද මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා අප ජනාධිපති කාර්යාලය සමඟ සම්බන්ධ වූ අතර අපට දැන ගැනීමට ලැබුණේ මෙබඳු කිසිදු ප්‍රකාශයක් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කර නොමැති බවයි.

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “බුර්කාව සහ නිජාබය අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්” යන මැයින් පළවී ඇති සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.