Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check කාදිනල් මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට ?

    2019-11-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගෙන ඇති බව, මින් පෙර අවස්ථා කිහිපයකදීම කරුණු විමසීමේදී අපට දැකගැනීමට හැකිවිය “මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට.කතොලික ජනයා ආරක්ෂා කර

    විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගෙන ඇති බව, මින් පෙර අවස්ථා කිහිපයකදීම කරුණු විමසීමේදී අපට දැකගැනීමට හැකිවිය

    “මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට.කතොලික ජනයා ආරක්ෂා කරන්න මම සජිත් ට භාර දෙනවා.ඔහුට එය කරන්න පුළුවන්” යනුවෙන් සටහනක් නිදහස් තරුණ පෙරමුණ නමැති ෆේස්බුක් පිටුව මඟින් පළකර තිබුනේ මෙලෙසිනි.

    Facebook LinkArchived LinkFB Link 2Archived Link 2

    බැලූ බැල්මටම මෙම ඡායාරූපයේ සිටින්නේ කාදිනල් හිමිපාණන් නොවන බව හැඟුණ ද මෙම ඡායාරූපය බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබීම හේතුවෙන් මේ පිලිබඳ වැඩිදුර විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළෙමු. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනය කිරීම සඳහා අප විසින් කාඩිනල් තුමාගේ මාධ්‍ය ඒකකය හා සම්බන්ධවීමේ දී දැනගන්නට ලැබුණේ මෙබඳු කිසිම රැස්වීමකට කාඩිනල් තුමා සම්බන්ධ වී නොමැති බවයි. එසේම මෙම ඡායාරූපය පෙන්වන පරිදි පියතුමන්ගේ බඳපටිය කළු පාටින් දිස් වන අතර කඩිනම් හිමිපාණන් පළඳන්නේ රතු පැහැති බඳ පටියක් බවද අපට දැනගන්නට ලැබුණා.

    තවදුරටත් අපට දැනගන්නට ලැබුණේ මෙම ඡායාරූපයේ සිටින්නේ දැනට විශ්‍රාමික ඇලෙක්සිස් බෙනඩික්ට් (Alexis Benedict) නැමති පියතුමෙක් බවයි. කෙසේ වෙතත් තවදුරටත් මේ පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා දැනට රාගම තේවත්ත පල්ලියේ නේවාසික පියතුමෙක් වශයෙන් සිටින ඇලෙක්සිස් බෙනඩික්ට් පියතුමන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමෙන් පසුව අපට දැනගන්නට ලැබුණේ පසුගියදා වත්තල දී පැවැති ජන රැළියක් සඳහා සහභාගී වූ බවයි. 

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වත්තල ජනතාව අමතමින් සංවිධානය කරන ලද ජන රැලිය සඳහා එතුමන් සහභාගි වී ඇති බව එහි වීඩියෝ දර්ශන නැරඹීමෙන් ද අපට තහවුරු විය. 

    එක්ව ඉදිරියට – විජයග්‍රාහී මහජන රැළිය – වත්තල සිට සජීවීව Youtube Link

    එම වීඩියෝ පටයේ ඡායාරූප වල සිටින පුද්ගලයන් සංසන්දනය කිරීමෙන් එම ඡායාරූපය එදින ලබා ගත් එකක් බව පැහැදිලිය

    අවසාන නිගමනය

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට.කතොලික ජනයා ආරක්ෂා කරන්න මම සජිත් ට භාර දෙනවා.ඔහුට එය කරන්න පුළුවන්” යනුවෙන් සිදු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් මෙම ඡායාරූපයේ සිටින්නේ දැනට විශ්‍රාමික ඇලෙක්සිස් බෙනඩික්ට් ( Fr Alexis Benedict) ප්‍රනාන්දු නැමැති පියතුමකු බවත්ය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.