Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact-Check :ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානයේ සහය ගෝඨාභයට ද?

    2019-10-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලන චරිත වලට අමතරව ක්‍රීඩකයින්, කලාකරුවන් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයින් මෙන්ම ආන්දෝලනාත්මක චරිත කුමන පක්ෂයකට හෝ අපේක්ෂකයයකුට සහය දක්වන්නේද යන්න පිළිබඳ කතිකාවත් සෑම මැතිවරණ සමයකදී ම දැක ගත හැක. “ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානය මෙවර ජනධිපතිවරණයට පොහොට්

    දේශපාලන චරිත වලට අමතරව ක්‍රීඩකයින්, කලාකරුවන් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයින් මෙන්ම ආන්දෝලනාත්මක චරිත කුමන පක්ෂයකට හෝ අපේක්ෂකයයකුට සහය දක්වන්නේද යන්න පිළිබඳ කතිකාවත් සෑම මැතිවරණ සමයකදී ම දැක ගත හැක.

    “ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානය මෙවර ජනධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ හට සහය ලබා දීමට තීරණය කර ඇතැයි එම සංවිධානයේ නායක අබ්දුල් රාසික් පවසයි” යනුවෙන් ප්‍රකාශ ගණනාවක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සියල්ලකම පාහේ ඉතා සීඝ්‍රයෙන් සැරිසරනු අපට පහත පරිදි දැකගන්නට හැකිවිය.

    FB Link 1 Archived Link 1 FB Link 2 Archived Link 2

    ඉහත ප්‍රකාශයම විවිධ ස්වරුපයෙන් වෙබ් අඩවි කිහිපයක් මගින්ද වාර්තා කර තිබෙනු අපට දැකගන්නට ලැබුණි.

    Colombotimes.lk Archived Link Infosrilankanews.info Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    මේ පිලිබඳ කරුණු විමර්ශනය කිරීමේදී මෙසේ පළ වූ සියළුම සටහන් සහ අන්තර්ජාල වාර්තා වලට මුල් වී තිබුණේ යූටියුබ් වීඩියෝ නිර්මාණ සඳහා නමක් දරා සිටින අශේන් සේනාරත්න විසින් පළ කරන ලද “මගේ සහය ගෝඨාභයට – අබ්දුල් රාසික්” නමැති  Youtube වීඩියෝවක් හේතුවෙන් බව පැහැදිලි විය.

    මෙම සම්පූර්ණ වීඩියෝව විනාඩි 10ක පමණ කාලයක් වන අතර එහි දී සිලෝන් තව්හිද් ජමාත් (Ceylon Thowheed Jamath) සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මහතා , අශේන් සේනාරත්න මහතා සමඟ යෙදෙන සංවාදයක් පෙන්වා දී ඇත. මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම නැරඹීමෙන් අපට පැහැදිලි වූයේ, සුළු ජාතීන්ගේ ප්‍රශ්න වලට ද නිසි පිළිතුරු ලබාදෙමින් විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳවද කරුණු ඇතුලත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කරන්නේ නම් එය සලකා බැලීමෙන් පසුව ඕනෑම අපේක්ෂකයෙකුට සහාය දැක්වීමට තමා ඇතුළු සංවිධානය සූදානම් බවත්, පෞද්ගලිකව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණට තමාගේ පැහැදීමක් ඇති බවත්ය.

    අබ්දුල් රාසික් මහතා මෙම අදහස් පල කරන කොටස් කිහිපයක සංවාද පහත පරිදි දක්වා ඇත. සමාජ මාධ්‍ය ජාලාවල සීඝ්‍රයෙන් හුවමාරු වන බොහෝ සටහන්වලදී මෙම වීඩියෝවේ කොටසක් පමණක් යොදා ගනිමින් නියම අර්ථය නිරූපනය නොවන අයුරින් පළ කිරීම් සිදුකර ඇති බව අපට පැහැදිලි විය

    Ashen Vlogs Youtube Link Archived Link

    ඉහත ප්‍රකාශවලට තම අප්‍රසාදය දක්වමින්ද බොහොමයක් ෆේස්බුක් සටහන් නිකුත් කර තිබූ අතර mahinda.info යන මහින්ද රාජපක්ෂ නිල අන්තර්ජාල කණ්ඩායම මගින් ප්‍රවත්වාගෙන යන වෙබ් අඩවියේ සඳහන් කර තිබුනේ “ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අබ්දුල් රාසික්ගේ සහයෝගයක් ලබා නොගන්නා බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.” යනුවෙනි.

    mahinda.info article Archived link

    තවද ජාතික ආරක්ෂාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බොහොමයක් ප්‍රකාශවල දී ඉස්මතු වන කාරණයක් වී ඇති බව අපට පෙනී ගිය අතර අතර ඊයේ (12)  දැරණියගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් පවසා සිටියේ රටේ ජනතාව බලාපොරොත්තු වන සුරක්ෂිත රටක් ආරක්ෂිත දේශයක් ලබා දීමේ හැකියාව තමා සතුව ඇති බවයි.

    Ada Derana Video Link Archived Link

    තවද අද දින (13) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා දන්වා සිටියේ ඉහත ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් හෙළා දකින බවයි.

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානයේ සහය ගෝඨාභයට” යනුවෙන් සිදු කර ඇති ප්‍රකාශය නොමග යවන සුළු බවයි. ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශයන් සළකා බැලීමෙන් පසු සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය විසින් කුමන අපේක්ෂකයෙකුට සහාය පළ කරන්නේදැයි තීරණය කිරිමට නියමිත අතර මේ වන තෙක් කුමන අපේක්ෂකයකු වෙත සහය දක්වන්නේදැයි ප්‍රකාශ කර නොමැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SS

    Sathyajith Subasinghe

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.