Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කියාපල්ලා බලන්න මේවා කරල තියෙන්නෙ හැමදාම බනින 226 ද නැත්තන් ඉතුරු මිලියන 20 ද?

    2019-11-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මාධ්‍ය ජාලය පරිශීලනය කරන්නන්ට අවශ්‍ය දැනුම, විනෝදය මෙන්ම උපහාසය ලබාදීම සඳහා නොයෙකුත් ආරූඪ නම්වලින්  සටහන් තබන ගිණුම් හිමියන් බොහෝ සෙයින් දැකගැනීමට හැක. සමහර අවස්ථාවන්හිදී මොවුන් සිදුවීම් හෝ ප්‍රවෘත්ති විකෘති කොට ඉදිරිපත් කිරීමට පෙළඹී සිටියි. පසුගිය දිනෙක

    මාධ්‍ය ජාලය පරිශීලනය කරන්නන්ට අවශ්‍ය දැනුම, විනෝදය මෙන්ම උපහාසය ලබාදීම සඳහා නොයෙකුත් ආරූඪ නම්වලින්  සටහන් තබන ගිණුම් හිමියන් බොහෝ සෙයින් දැකගැනීමට හැක. සමහර අවස්ථාවන්හිදී මොවුන් සිදුවීම් හෝ ප්‍රවෘත්ති විකෘති කොට ඉදිරිපත් කිරීමට පෙළඹී සිටියි.

    පසුගිය දිනෙක “කිඹුලා” නම් ෆේස්බුක් ගිණුමක “කියාපල්ලා බලන්න මේවා කරල තියෙන්නෙ හැමදාම බනින 226 ද නැත්තන් ඉතුරු මිලියන 20 ද” යනුවෙන් සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් කර තිබුණි. මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර හුවමාරුව තිබූ අතර, විශාල සංඛ්‍යාවක් ප්‍රතිචාරද දක්වා තිබුණි. පක්ෂව සහ විපක්ෂව පලවුණු මෙම ප්‍රතිචාරයන් අතර, මෙම සේයාරුව ලංකාවේ සිදුවීමක් නොවන බවද යෝජනා කර තිබුණි. 

    Facebook LinkArchived Link

    එම ඡායාරූපයේ සිටින මිනිසුන්ට, ලාංකිකයන්ගේ හැඩයටට අසමාන වීම නිසා මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම සටහනේ වූ සේයාරුව Google Reverse Image සෙවීමකට යොමු කළෙමු. එහිදී මෙම සේයාරුවට සමාන සේයාරු මෙන්ම, එම සේයාරුව භාවිතා කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල පලවූ සටහන් රාශියක්, පිලිපිනයේ බුලාකාඕ, සේබු නගරය (Bulacao, Cebu City, Philippines) සම්බන්ධයෙන් අපට දැක ගත හැකි විය. මෙකී සටහන් සියල්ලේකම වගේ දක්වා තිබුනේ “සෙබු නගරයේ බුලකාවෝ හි අපිරිසිදු අපද්‍රව්‍ය නවත්වන්න” (Stop the dirty waste in Balacao, Cebu City) යනුවෙනි.

    Google Reverse Image Search

    අප මෙම ලිපි සහ සටහන් කිහිපයක් පරීක්ෂා කළෙමු. පිලිපීනයේ “ද ෆ්‍රීමන්” පුවත්පතේ වෙබ් අඩවියේ මේ පිළිබඳව සවිස්තරාත්මක සටහනක් ඇතුලත් විය. 

    The Freeman Web LinkArchived Link

    වැසි දිනයන්හිදී සෙබූ නගරය ජලයෙන් යටවීම වැළැක්වීම අරමුණ ඇතිව, කානු පද්ධතිය පිරිසිදු කිරීම සඳහා නිත්‍ය පිරිසිදු කිරීමේ කණ්ඩායමක්, “මෙනෝස් බහා කාර්ය සාධක බලකාය” (“Menos Baha Task Force”)  පිහිටවූ බවට යටිතල පහසුකම් පිළිබඳ කමිටුවේ සභාපති ජෙරී ගුආඩෝ (Jerry Guardo) නිර්දේශය මත සිදු විය යනුවෙන් එහි කරුණු පැහැදිලි කර තිබු අතර අදාල ඡායාරූපය ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් ලබාගත් බවද දන්වා තිබුණි.

    පහත දක්වා තිබෙන්නේ Jerry Guardo ෆේස්බුක් ගිණුමේ, 2018 අප්‍රේල් මස 7 වැනිදා පලව තිබු එම ඡායාරූපය සහිත සටහනයි.

    Facebook LinkArchived Link

    එම නිසා එම ඡායාරූපය පිලිපීනයේ සෙබූ නුවර කානු පද්ධතිය පවිත්‍ර කිරීමේ කාර්යයේ නිරතව සිටි තැනැත්තෙකුගේ ඡායාරූපයක් බව සනාථ විය

    අවසාන නිගමනය

    මේ අනුව අපගේ විමර්ෂණයෙන් පෙනී යන්නේ උපහාසාත්මක කෝණයකින් පළකර ඇති “කියාපල්ලා බලන්න මේවා කරල තියෙන්නෙ හැමදාම බනින 226 ද නැත්තන් ඉතුරු මිලියන 20 ද” යන සටහන සඳහා පිලිපීනයේ සෙබූ නුවර කානු පද්ධතිය පවිත්‍ර කිරීමේ කාර්යයේ නිරතව සිටි තැනැත්තෙකුගේ ඡායාරූපයක් යොදාගෙන ඇති බවයි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.