Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Tillykke ලෙස කමෙන්ට් කර ජංගම දුරකථනය Original එකක්දැයි බැලීමට ක්‍රමයක් නොමැත

    2020-09-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ වන විට බොහොමයක් දෙනා ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන අතර විවිධ වර්ගයේ ජංගම දුරකතන මෙරට අලෙවි වෙනවා.මේ අතරින් ඇතැම් දුරකතන නියම තත්වයේ පවතින අතර අනුකරන සහිත ජංගම දුරකතනද අඩු මිලට වෙලඳපලේ අලෙවි වන අතර ඒවා අනුකරණ බව තහවුරු කර ගැනීමට අපහසු වන තරමටම නිපදවා

    මේ වන විට බොහොමයක් දෙනා ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන අතර විවිධ වර්ගයේ ජංගම දුරකතන මෙරට අලෙවි වෙනවා.මේ අතරින් ඇතැම් දුරකතන නියම තත්වයේ පවතින අතර අනුකරන සහිත ජංගම දුරකතනද අඩු මිලට වෙලඳපලේ අලෙවි වන අතර ඒවා අනුකරණ බව තහවුරු කර ගැනීමට අපහසු වන තරමටම නිපදවා ඇති අවස්ථාද දැකගනන්ට පුළුවන්.

    මේ අතර පසුගිය දිනෙක හොඳම යාලුවෝ නම් ෆේස්බුක් සමූහයක Dilhani Rathnayaka නම් අයෙකු ජංගම දුරකතන original එකක්ද නො එසේ නම් ව්‍යාජ (copy) එකක්ද යන්න සොයා බැලීමට හැකි ක්‍රමයක් පිලිබඳව දක්වා ඇති සටහනක් අපට දැකගන්න ලැබුනා. එම ෆේස්බුක් සටහනින් දක්වා තිබුනේ එම ෆේස්බුක් පෝස්ට් එක සඳහා tillykke ලෙස කමෙන්ට් කල පසු එය දම් පැහැයෙන් දිස්වේ නම් එම ජංගම දුරකතනය මුල් (original) එකක් බවත් එසේ නොවේ නම් copy එකක් බවටත් කිව හැකි බවයි. 

    Original LinkArchived Link

    දහසකට වැඩි පිරිසක් මෙම සටහන හුවමාරු කර ගෙන තිබු අතර එම තේමාව යටතේම තවත් සටහන් කිහිපයක්ම දැකගන්නට ලැබුණා. කලින් කලට මේ හා සමාන ෆේස්බුක් පුවත් පලවන බැවින් මෙම කරුනේ සත්‍යතාවය පිලිබඳව සොයා බැලීමට අප කටයුතු කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවතේ සත්‍යතාය සොයා බැලීමට මෙම වචයේ තේරුම පිලිබඳව සොයා බැලුවා. tillykke නම් වචනය ඩෙන්මාක් භාශාවේ වචනයක් බව පෙනී ගියා. සුභපැතුම් (congratulations) යන තේරුම සහිත එම වචනය tillykke ලෙසත් til lykke  ලෙසත් භාවිතා වෙන අතර wordsense වෙබ් අඩවිය එම වචන්යේ තේරුම පැහැදිලි කර තිබුනේ පහත පරිදියි

    Link

    ෆේස්බුක් වෙබ් අඩවිය විසින් සුභ පැතුම් යන වචනය භාශාවන් බොහොමයකින් ලියා දැක්වෙන අයුරට අදාලව සජීවීකරන අංගයන් ලබා දී ඇති බව අපට දැකගනන්ට ලැබුණා.ඒ අනුව මෙම tillykke   ඩෙන්මාක් වචනයට අදාලවද එම සජීවීකරනය ලබා දී ඇති බව අපට තහවුරු උනා.

    මේ පිලිබඳව දීර්ග සටහනක් ලෝ ප්‍රසිද්ධ medium වෙබ් අඩවියේ පල කර තිබුනු අතර එහිද මෙම tillykke ඇතුළු සුභ පැතුම් සඳහා ලොව විවිධ භාෂාවලින් යොදාගන්නා වචන කමෙන්ට් කරන විට සජීවීකරනයක් දිස්වන බව එහිද දක්වා තිබෙනවා. Facebook text delight නමින් හැඳින්වෙන මෙම විවිධ වූ සජීවීකරන පිලිබඳව පළව තිබූ තවත් මෙසේය.

    මීට පෙරද මෙවැනි වචන සජීවීකරණ පිළිබඳව සාවද්‍ය සටහන් පලවී තිබු අතර BBF / BFF ලෙසින් කමෙන්ට් කිරීමෙන් ඔබේ ෆේස්බුක් ගිනුමේ ආරක්ශිත බව තහවුරු කල හැකි බවට පළවූ සාවද්‍ය සටහනක් පිලිබඳ අප සිදුකල අනාවරණය මෙසේය.

    කෙසේ නමුත් මෙසේ ෆේස්බුක් මගින් පෝස්‍ටුවකට කමෙන්ට් කල පමනින් ජංගම දුරකතනයක ගුණාත්මක බව තහවුරු කල හැකිද යන්න අප මෙරට පරිඝනක ක්ෂේතයේ ප්‍රවීනයන් ප්‍රවීනයන් කිහිපදෙනෙකුගෙන්ම විමසා බැලුවා.එහිදීද ඔවුන් තහවුරු කලේ ෆේස්බුක් හරහා ජංගම දුරකතනයක ව්‍යාජ බව සෙවීමට ක්‍රමයක් නොමැති බවයි.ජංගම දුරකතනයක් ඔරිජිනල්ද යන්න සොයා බැලීමට විවිධ ක්‍රම ඇති අතර ජංගම දුරකතන වල IMEI අංකය භාවිතයෙන්, වෙබ් අඩවි හරහා, වෙනත් තුන්වන පාර්ශවයක මෙවලම් හරහා වැනි ක්‍රම බොහොමයක් යොදා ගත හැක. කෙසේ නමුත් ජංගම දුරකතනයේ නිශ්පාදන ආයතනයට අනුව එම දුරකතන නියම ඒවාදැයි සොයා බැලීමට විවිධ වූ අනන්‍ය ක්‍රම පවතින අතර ඒවා ජංගම දුරකතන නිශ්පාදන සමාගමට අනුව එකිනෙකට වෙනස් වන අවස්තා දක්නට හැකියි. Link

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව සලකා බලන කල tillykke ලෙස සටහන් තැබීමෙන් පසු දම් පැහැයෙන් එම අකුරු දිස්වීම කිසි ලෙසක ජංගම දුරකතනයක් ඔරිජිනල්ද නැතිද යන්න පිලිබඳව තහවුරු කිරීමට ක්‍රමයක් නොවන බව අපට තහවුරු කල හැකියි. එය ෆේස්බුක් සමාගම මඟින් හඳුන්වා දී ඇති වචන සජිවීකරනයේ එක අංගයකි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.