Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : කංසා භාවිතයෙන් කොරොනා වෛරසය මර්දනය කල හැකිද?

    2020-03-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොවිඩ් ආසාදනය සුව කළ හැකි බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පාරම්පරික වෛද්‍ය ක්‍රම, පැළැටි ඇතුළු නොයෙකුත් ක්‍රම පිළිබඳව විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් පිළිබඳව අප කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ මේවා සියල්ලම පාහේ නොමඟ යවන සුළු සහ සායනිකව මෙතෙක් තහවුරු

    කොවිඩ් ආසාදනය සුව කළ හැකි බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පාරම්පරික වෛද්‍ය ක්‍රම, පැළැටි ඇතුළු නොයෙකුත් ක්‍රම පිළිබඳව විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් පිළිබඳව අප කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ මේවා සියල්ලම පාහේ නොමඟ යවන සුළු සහ සායනිකව මෙතෙක් තහවුරු නොකළ කරුණු මත පදනම් වී ඇති ව්‍යාජ සටහන් බවයි.

    සමාජ මාධ්‍ය සටහන්

    මෙවන් පසුබිමක PSYTRaNCE නැමති ෆේස්බුක් පිටුවක සියුම්වට කපා ගත් ශාඛපත්‍ර සහිත සේයාරුවක් සහිත සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ප්‍රවෘත්ති නාලිකාවක දැන් ලැබුණු පුවතක් දැක්වීමට උත්සාහ ගෙන තිබූ මෙම සේයාරුවේ, “Weed Kills Corona Virus, Scientists are shocked to discover that weed kills corona virus” වදන ආරෝපනය කර තිබුණි. එහි සිංහල අර්ථය, “කංසා කොරොනා වෛරසය මර්දනය කරයි. කොරෝනා වෛරසය මර්දනය කරන කංසා පිළිබඳව විද්‍යාඥයෝ  මවිතයට පත් වෙති”.

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර හුවමාරු වී තිබුණු මෙම සටහනට ප්‍රතිචාර රස සටහන් රැසක් ද හිමිව තිබුණි. හාස්‍ය උපදන අන්දමට ඉදිරිපත්ව තිබූ ප්‍රතිචාර නිසා, මෙම සටහන පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    එලෙස මේ දිනවල හුවමාරුවන සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    එලෙස හුවමාරුවූ තවත් සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවත සම්බන්දයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක්  මේ සම්බන්ධයෙන් කිසිදු පුවතක් පළකර නොමැති බවයි.

    අප මෙම ඡායාරූපය google reverse image හරහා සෙවීමකට යොමු කළෙමු. ඡායාරූපය අන්තර්ගත වාර්තා සහ සමාජ මාධ්‍ය ජාලා සටන් රාශියක්ම නිරීක්ෂණය විය. ඉන්දියානු චිත්‍ර පට නිෂ්පාදකයකු වන විවේක් රන්ජන් අග්නිහෝත්‍රි මෙම මතය ඉදිරිපත් කළ බව පැවසීමද මෙම සටහන්හි අන්තර්ගත වීම විශේෂත්වයක් විය.

    මෙම වාර්තාවන්ට පාදකවු විවේක් රන්ජන් අග්නිහෝත්‍රිගේ ට්විටර් ගිණුම පරීක්ෂා කළෙමු. “ලොව බොහෝ ප්‍රශ්න වලට විසඳුම ඉන්දියාවේ තිබේ. නමුත් අපගේ ඉපැරණි ඉගැන්වීම්වලට  දැනුම් ක්‍රමයන්ට සමච්චල් ලක් කරනතාක්, අපට එයින් ප්‍රයෝජනයක් ගත නොහැකිය. කංසා විශ්මය ජනක පෑළෑටියකි. 80 දශකය තෙක් රජය විකුණුවේය. රජීව් ගාන්ධි සහ බටහිර ඖෂධ සමාගම් නිසා එයට නරක නාමයක එක්විය. කංසා භාවිතය නීතිගත කරන්න. යන අර්ථය ඇති ඉංග්‍රීසි බසින්වු ට්විටර් පණිවුඩය නිරීක්ෂණය විය”

    Twitter LinkArchived Link

    මෙම ට්විටර් පණිවුඩයේ සහ ෆේස්බුක් සටහනේවු සේයාරුව රූපවාහිණී නාලිකාවක  ප්‍රවෘත්ති ඉදිරිපත් කරන පැතිකඩක් (meme) ලෙස දක්වා තිබූණු බැවින්, එවැනි පැතිකඩ නිර්මාණය කළහැකි නිර්මාණ වෙබ් අඩවි පිළිබඳ ගූගල් සෙවීමක් කළෙමු. එවැනි නිර්මාණ  කරගත හැකි අඩවි රැසක් දක්නට ලැබුණි.

    Link

    අප එම වෙබ් අඩවියක් පරීක්ෂා කළෙමු. එහි පහත ඇති ප්‍රවෘත්ති පැතිකඩ ලබා ගැනීමට හැකිවු අතරතවදුරටත් කරුණු සෙවීමේදි අනාවරනය වුයේ en.dopl3r.com නමැති වෙබ් අඩවිය භාවිතා කර ට්විටර් පණිවුඩයේ සහ ෆේස්බුක් ගිණුමේවු සටහනේ සේයාරුවේ අන්තර්ගත පැතිකඩ ලබාගෙන ඇති බවය.

    en.dopl3r.com නමැති වෙබ් අඩවිය භාවිතා කර ලබාගත් පැතිකඩ.

    කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන ඇද්දැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය පරික්ෂා කළෙමු. අද වනතෙක් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගෙන නොමැති බව ඔවුන් අවධාරණය කර තිබුණි.

    WHO Link

    කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ඖෂධයක් පිළිබඳව තහවුරු කර ගැනීම පිණිස අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. මේ වන තෙක් එවැනි නිශ්චිත ඖෂධයක් සොයා ගෙන නොමැති බව ඔවුන්ද තහවුරු කළේය.

    අනතුරුව Google reverse image සෙවීමේදී නිරීක්ෂණය වූ කරුණු විමර්ශන වාර්තාව පරීක්ෂා කරනලදී. අප අධ්‍යනය කළ vishvasnews.com වෙබ් අඩවියේ විමර්ශනයෙන් ඇතුළු විමර්ශන රැසකින් ද අනාවරණය වී තිබුණේ කොරෝනා වෛරස් ආසාදනයට මේ වන විට නිශ්චිත ඖෂධයක් නොමැති බව සහ කංසා භාවිතය එම රෝගයට ප්‍රතිකාරයක් නොවන බවයි.

    ගංජා අවට ඇති පෆ්-ඇන්ඩ්-පාස් (puff-and-pass)  චාරිත්‍රය ලොවපුරා භාවිතා කරනන් අතර ප්‍රකට ක්‍රමයකි. මෙය COVID-19 ඇතුළු ඕනෑම වෛරසයක් පැතිරීමට උපකාරී වන බැවින් එවැනි ක්‍රමවලින් වැලකි සිටින ලෙසද වෙබ් අඩවි මඟින් පුවත් පළකර තිබෙනු දක්නට ලැබුණි.

    Link

    Update Jan 2022: කංසා මඟින් ලබාගත් සංයෝග (කැනබිනොයිඩ) යොදාගනිමින් පර්යේෂණාගාර තුළ දී සිදුකරන ලද අධ්‍යයනයන් මඟින් COVID-19 ඇතුල්වීම වැළක්වීමේ හැකියාවක් තිබිය හැකි බවට යම්කිසි ඉඟි පළවී තිබුණත්, මීට පෙර ද මේ ආකාරයට බොහෝ ලැබුණු මුලික විමර්ෂණ ඔස්සේ සිදුකළ සායනික පරීක්ෂණවලදී බොහෝ ඖෂධ සාර්ථක වී තිබුනේ නැති බැවින්, තවමත් පර්යේෂකයින් පවසන්නේ මේ පිලිබඳ විශ්වාසයක් තවමත් ඇතිකරගත යුතු නැති බවත්, සායනික අත්හදා බැලීම් මඟින් වැඩිදුර විමර්ශනය කිරීමට අවශ්‍ය බවයි. ඔවුන් අවධාරණය කර සිටින්නේ මෙතෙක් කොවිඩ් ආසාදන තත්වයන් වැලක්වීමට වඩාත්ම සාර්ථකම ක්‍රමය එන්නත්කරණය බවයි. මේ පිලිබඳ වාර්තා මෙතනින්

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ කොරෝනා වෛරස් ආසාදන තත්වයන් වැලක්වීමට මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම සාර්ථකම ක්‍රමය එන්නත්කරණය වන අතර කංසා භාවිතය මෙම රෝගයට ප්‍රතිකාරකයක් නොවන බවට සායනිකව මෙතෙක් ඔප්පු වී නොමැති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-03-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.