Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මීගමුව රෝහලට කොරෝනා වෛරසය පිලිබඳ සැකපිට ඇතුළත් කළ රෝගීන් පිළිබඳව පළවන ප්‍රවෘත්ති

    2020-03-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මධ්‍යම චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ලෝකයේ රටවල් සියයකට අධික ප්‍රමාණයකට පැතිර ගොස් ඇත. හාරදාහකට ආසන්න ආසන්න ප්‍රමාණයකට මරු කැඳවා ඇත. දකුණු කොරියාව, ඉතාලිය, ජපානය සහ ඉරානය යනාදී රටවලටද මෙම රෝගය තදින් ව්‍යාප්ත වීමත් සමඟම

    මධ්‍යම චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ලෝකයේ රටවල් සියයකට අධික ප්‍රමාණයකට පැතිර ගොස් ඇත. හාරදාහකට ආසන්න ආසන්න ප්‍රමාණයකට මරු කැඳවා ඇත. දකුණු කොරියාව, ඉතාලිය, ජපානය සහ ඉරානය යනාදී රටවලටද මෙම රෝගය තදින් ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තත්වය ගෝලීය වසංගතයක් (Pandemic)  ලෙස මෙතෙක් නම් නොකළේ මන්ද යනුවෙන් බොහෝ පාර්ශව මඟින් කොට ඇත.  ලංකාවට විදේශිකයින් සහ විදේශ ගතව සිටින ලාංකිකයන් පැමිණෙන ප්‍රධාන ස්ථානයක් වන කටුනායක ගුවන් තොටුපලේ මේ  දිනවල මෙම රටවල් වලින් පැමිණෙන්නන් දැඩි විමර්ශණයකට ලක් කරයි. කටුනායක ගුවන්තොටුපළට සමීපව පිහිටා ඇති මීගමුව දිස්ත්‍රික් රෝහල ගුවන් මගින් පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානමින් තබා ඇත.

    මෙවන් පසුබිමක, බාස් කොලුවා නමැති ෆේස්බුක් පිටුවක මීගමුව රෝහලේ සේයාරුවක  “කොරොනා රෝගීන් හතර දෙනක් මීගමුව රෝහලේ. ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙක් අතර ඉන්නවා, හැමෝටම ටික ටික අමතක වී ගෙන ගියාට දැන් තමයි මේ වෛරස් එක අපේ රටට පැතිරෙන්න පටන් ගන්න යන්නේ. හැමෝම පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි” යන වදන් රෝපණය කර සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර හුවමාරු වෙමින් තිබූ මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර බොහෝමයකින් පවසා තිබුණේ මෙය පිළිගත නොහැකි ප්‍රවෘත්තියක් බවයි.

    LinkArchived Link

    මෙබඳු සටහන් රැසක් බොහෝ පිරිස් අතර සීග්‍රයෙන් හුවමාරු වෙමින් පැවති නැවත වරක් මාර්තු මස 5 වැනිදා සිට සටහන් පෙලක්ද හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. පහත දැක්වෙන්නේ AHIMI PEMA නම් ෆේස්බුක් පිටුවේ ඉහත කතංශයම යොදාගනිමින් “පරිස්සමින් යහළුවනේ” යන තේමාව යටතේ පළකර තිබු එවැනිම සටහනකි.

    FB LinkArchived Link

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    මෙම සටහන් වලට පාදක වූ ප්‍රවෘත්ති ප්‍රධාන මුද්‍රිත සහ විද්‍යුත් ශාලාවන්හි ඇත්දැයි අපි පරීක්ෂා කළෙමු. සියත රූපවාහිණී නාලිකාව 2020 මාර්තු මස 1 දින රාත්‍රි 9.35 ප්‍රවෘත්ති විකාශයේ, දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ගේ ශරීර උෂ්ණත්ව වැඩිවීම නිසා මීගමුව  දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බවත්, ඔවුන් දෙදෙනා ඇතුළුව සිව් දෙනෙක් කොරෝන වෛරසය පිලිබඳ සැක සහිතව එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවටත් ප්‍රවෘත්තියක් අන්තර්ගතව තිබූ බව නිරීක්ෂණය විය.

    කොරෝන වෛරසය පිලිබඳ සැක සහිතව රෝහල්ගත කරන ලද පුද්ගලයින් පිලිබඳ වාර්තා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බොහොමයක් හරහා පලවී තිබෙනුද අපට දැකගන්නට හැකිවිය.

    Daily News – March 3rd Hiru News March 1st 

    කෙසේවෙතත් වැඩිදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස අප මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට මාර්තු මස 2වනදා දුරකථන ඇමතුමක් ලබගත්තෙමු. මීගමුව දිස්ත්‍රික් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, කොරෝනා වෛරස් රෝගය ආසාදිත යයි සැක කළ  ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් කටුනායක ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශය විසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට යොමු කළ බවත්, ඔවුන්ගෙන් ලබා ගත් තරල සාම්පල පර්යේෂණ සඳහා කොළඹ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා ඇති බවය. ඉන් එක් අයෙකුගේ වාර්තාව ලැබුණු බව එම රෝගියාට කොරෝනා වෛරස් රෝගය ආසාදනය වී නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය සනාථ කර තිබූ බැවින් ඔහු නිදහස් කළ බවත් ඉතිරි දෙදෙනාගේ වාර්තාවන් ලැබෙන තෙක් ඔවුන්ව කොරොනා ආසාදිතයින් සඳහා වෙන්කර ඇති වාට්ටුවේ නේවාසිකව තබාගෙන සිටින බව දැන්වීය.  

    විදේශිකයින් සහ විදෙස්ගතව ලංකාවට පැමිණෙන අය අතුරින කොරෝනා වෛරසය පිලිබඳ සැකපිට රෝගීන් කිහිපදෙනෙකු මේ වනවිටද දිවයිනේ විවිධ රෝහල්වල පරීක්ෂා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ප්‍රකාශ කර තිබුණි. මේ අනුව අද දින (මාර්තු 09) වනදා මිගමුව දිස්ත්‍රික් මහා රෝහල සමඟ සම්බන්ධවීමේදී අපට දැනගන්නට ලැබුනේ ඉහත මාර්තු මස මුල් දින කිහිපයේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මීගමුව රෝහලට ඇතුල් කරන ලද රෝගීන් සියලුදෙනාම පරීක්ෂණය මගින් සෘණාත්මක බව තහවුරු වූ අතර මේ වන විට එසේ සැකපිට මීගමුව රෝහලේ නේවාසිකව රෝගීන් හත්දෙනකු අධ්‍යයනය කරමින් සිටින බවත් ඔවුන් පිළිබඳව නිලවාර්තාව දිනයක් ඇතුළත ලබා ගත හැකි බවත්ය

    කොරෝනා පැතිර යන රටවල සිට පැමිණෙන්නන් අද සිට මඩකලපුවේ ඉදිවෙමින් තිබෙන විශ්ව විද්‍යාලයේ (ෂරියා විශ්ව විද්‍යාලය) සහ වැලිකන්දේ පිහිටි කන්ද කාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන යන  නිරෝධායන මධ්‍යස්ථාන දෙක වෙත යොමුකෙරෙන බව වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ පවසා සිටියේය. 

    Mawbima NewsLankadeepa News

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ කටුනායක ගුවන් තොටුපලේ සෞඛ්‍ය වෛද්‍ය අංශය විසින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් තිදෙනකු කොරෝනා වෛරස් රෝගය ආසාදිත වූ බවට සැක පිට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට මාර්තු මස 01 වැනිදා යොමු කළ බවත්, ඔවුන් සියල්ලන්ටම වෛරසය ආසාදිත වී නොමැති බව වෛද්‍ය පර්යේෂණායතනය සනාථ කිරීම නිසා ඔහුව නිදහස් කළ බවත්ය.

    එනිසා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට කොරෝනා වෛරසය පිලිබඳ සැකපිට ඇතුලත් කරන ලද රෝගීන් මෙලෙසින් වෛරසය ආසාදිත රෝගීන් ඇතුළත් කළ බවට පළවන ප්‍රවෘත්ති සහ සටහන් නොමඟ යවන සුළු සටහන් බවට නිගමනය කරමු.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:මීගමුව රෝහලට කොරෝනා වෛරසය පිලිබඳ සැකපිට ඇතුළත් කළ රෝගීන් පිළිබඳව පළවන ප්‍රවෘත්ති

    Fact Check By: Sahan Perera 

    Result: Partly False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-03-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.