Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඔස්ට්‍ර්ලියානු වැසි වනාන්තරයක් ආශ්‍රිත ඡායාරූප යොදාගනිමින් කල සාවද්‍ය සටහනක්

    2020-06-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ස්වභාවික සෞන්දර්යයෙන් සහ ජෛව විවිධත්වයෙන් සපිරි ලොව පිහිටි සුන්දරතම දිවයිනක් ලෙස ලංකාව ලොව පුර ප්‍රචලිතය. මෙම ආකර්ශනයන් නිසාම 2019 වසරේ,  සංචාරය කළ යුතු  ලොව හොඳම රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගත් බවට ලොව සුපතල Lonely Planet සංචාරක වෙබ් අඩවියද නිවේදනය කළේය. එමෙ

    ස්වභාවික සෞන්දර්යයෙන් සහ ජෛව විවිධත්වයෙන් සපිරි ලොව පිහිටි සුන්දරතම දිවයිනක් ලෙස ලංකාව ලොව පුර ප්‍රචලිතය. මෙම ආකර්ශනයන් නිසාම 2019 වසරේ,  සංචාරය කළ යුතු  ලොව හොඳම රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගත් බවට ලොව සුපතල Lonely Planet සංචාරක වෙබ් අඩවියද නිවේදනය කළේය. එමෙන්ම දිවයිනේ සුන්දර ස්ථානයන්හි ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයන්හි ඉදිරිපත් වනු දක්නට ලැබිණි. මේ අතර වෙනත් රටවල ඇති සුන්දර ස්ථානවල ඡායාරුප ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ආදේශ කරමින් පළවූ සටහන්ද පසුගිය කාලය පුරාම නිරීක්ෂණය වූ අතර ඒ පිලිබඳ විමර්ෂණ කිහිපයක්ද අප සිදුකලා.

    පසුගිය දිනක Travellogged  නම් ෆේස්බුක් පිටුව “මීගස්ඕවිට, ශ්‍රී ලංකාව” යන තේමාවෙන් ඡායාරූප පෙළක් සහිතව ඉදිරිපත් කර තිබු සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබෙණු නිරීක්ෂණය විය. 

    LinkArchived Link

    එම ඡායාරූ පෙළම TRAVEL CEYLON ෆේස්බුක් පිටුවේද එම සිරස්තලය යටතේම පලවී තිබෙනුද දැක ගන්නට ලැබුනේ මෙලෙසිනි. මෙම ඡායාරූප ලංකාවේ දර්ශණ දැයි සැකසහිත වූ බැවින් බැවින්, මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අවධානය යොමුවිය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ෆේස්බුක් පිටුවේ අන්තර්ගතව තිබු ඡායාරූප අප එකිනෙක google reverse image සෙවීමකට යොමු කළෙමු.  මෙම සටහනේ තිබු සෑම ඡායාරූපයක්ම  ඔස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ  කෙයාන්ස් (Cairns) නගරාසන්නයේ පිහිටි ලොව පැරණිතම වැසි වනාන්තරයක් ලෙස හැඳින්වෙන Daintree නමැති වැසි වනාන්තරය සහ වනෝද්‍යානය ප්‍රවර්ධනය සඳහා යොදාගත් ඡායාරූප බවට තහවුරු විය.

    LinkArchived Link
    LinkArchived Link
    LinkArchived Link
    LinkArchived Link

    Travellogged ෆේස්බුක් පිටුව “මීගස්ඕවිට, ශ්‍රීලංකාව” යන තේමාවෙන් ඉදිරිපත් කර තිබු ඡායාරූප සහ Daintree National Park ප්‍රවර්ධනය කරමින් විවිධ වෙබ් අඩවි වල තිබු ඡායාරූප සමග සංසන්දනය කිරීමේදි එ්වා එකම ඡායාරූප බවට තහවුරු විය

    එමෙන්ම  google maps සහ google earth හරහාද මීගස්ඕවිට ස්ථානගත කිරීමට ගත් ප්‍රයත්න ව්‍යර්ථ විය. 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මීගස්ඕවිට නම් ස්ථානයක් ලංකාවේ නොමැති  බවයි. එමෙන්ම මෙම ඡායාරූප ඔස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ  කෙයාන්ස් (Cairns) නගරාසන්නයේ පිහිටි Daintree වැසි වනාන්තරය සහ වනෝද්‍යානය සහ ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා යොදාගත් එම ප්‍රදේශයේ ඡායාරූප බවයි. 

    එබැවින් Travellogged  ෆේස්බුක් පිටුව “මීගස්ඕවිට, ශ්‍රී ලංකාව” යන තේමාවෙන් ඉදිරිපත් කර ඇති සටහන නොමග යවන සුළු අසත්‍ය සටහනක් බව නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.