Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව ඉස්ලාම් ආගම වැළඳගත්තාද?

    2020-05-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ආගමික සංවිධාන සහ පුද්ගලයින් තම දහම ප්‍රචාරය කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලය උපයෝගි කර ගනී. ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ද මෙවැනි සටහන් රැසක් පසුගිය දිනවල දක්නට ලැබුණි. “නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව සත්‍ය දහම ඉස්ලාමය වැළඳ ගනී” තේමාවෙන් රූමත් තරුණියකගෙ සහ කතෝලික පියතු

    ආගමික සංවිධාන සහ පුද්ගලයින් තම දහම ප්‍රචාරය කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාලය උපයෝගි කර ගනී. ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ද මෙවැනි සටහන් රැසක් පසුගිය දිනවල දක්නට ලැබුණි.

    “නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව සත්‍ය දහම ඉස්ලාමය වැළඳ ගනී” තේමාවෙන් රූමත් තරුණියකගෙ සහ කතෝලික පියතුමකුගේ ඡායාරූපයක් අන්තර්ගතකර Yaha.maga නමැති ෆේස්බුක් පිටුවක සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1100 ක් අතර සංසරණය වී තිබුණු මෙම සටහනට හිමියෝ ප්‍රතිචාර කිහිපය ද මෙහි සත්‍යතාවය පිළිබඳව මතු කර තිබූ නිසා ඒ පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    එම සහන පරීක්ෂාකර බැලීමේදී ඡායාරූපයට යටින් ඉංග්‍රීසි බසින් දක්වා තිබුණේ “daughter of Christian pastor converted to religion of truth…Islam in New zealand”යනුවෙනි. කතෝලික පූජකවරු විවාහ දිවියට නොඑළඹෙන නිසාත්, ක්‍රිස්තියානි දේවගැති වරු ලෝගුවක් නොඅඳින නිසාත් මෙම ඡායාරූප දෙක google reverse image සෙවීමකට භාජනය කළෙමු. කතෝලික පූජක තුමා ගේ ඡායාරූපය වාර්තා සටහන් රැසක්  අන්තර්ජාලය තුල යොමුවිය. හැම වාර්තාවකින් ම සනාථ වූයේ Sky Atlantic, HBO, and Canal+. නමැති නාලිකා වෙනුවෙන් Paolo Sorrentino විසින් නිපදවු, The Young Pope නමැති ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය රඟපාන Jude Lawගේ ඡායාරූපයක් බවය. New York Times පුවත් පත “In HBO’s ‘The Young Pope,’ the Vatican Gets an Eccentric New Resident” විචාරාත්මක වාර්තාව පහත දක්වා ඇත.

    LinkArchived Link

    Yaha.maga නමැති ෆේස්බුක් පිටුවේ ඇති  ඡායාරූපය සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවේ තිබූ ඡායාරූපය සංසන්දනය කිරීමේදී The Young Pope ටෙලි නාට්‍ය මාලාවෙන් ලබාගත් ඡායාරූපයක් බව තහවුරු වේ.

    එලෙසම තරුණියගේ ඡායාරූපයද google reverse search සෙවීමක් කළ විට, එම ඡායාරූපය සහිත සටහන් සහ වාර්තා රැසක් අන්තර්ජාලයෙහි නිරීක්ෂණය විය. එම තරුණියගේ ඡායාරූපය මුස්ලිම් කාන්තාවන් පළඳින ඇඳුමක් වන හිජාබය ප්‍රචාරය කිරීම සඳහා යොදා තිබූ බව දක්නට ලැබුණේය. තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේ දී අනාවරණය වූයේ “Smiling girl in hijab covering her eyes with happiness in Dubai Marina” තේමාවෙන් Taras-studio කැමරා කාචයට හසු වූ තරුණියකගේ ඡායාරූප පෙලක් ලෙස Shutterstock ඡායාරූප වෙබ් අඩවියේ පළකර තිබු ඡායාරූපයක් බවයි.

    LinkArchived  Link

    Yaha.maga නමැති ෆේස්බුක් පිටුවේ ඇති තරුණියගේ ඡායාරූපය සහ Shutterstock ඡායාරූප වෙබ් අඩවියේ ඇති තරුණියගේ ඡායාරූපය සංසන්දනය කිරීමේදී එය එකම ඡායාරූපය බව සනාථ විය.

    කෙසේ වෙතත් මෙවැනි සිද්ධියක් නවසීලන්තයේ සිදුවී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා අප ගූගල් සෙවීමක් සිදුකර අතර එහිදී මෙබඳු පාදිලිතුමෙකුගේ දියණියක් ඉස්ලාම් දහම වැලඳ ගැනීම පිළිබඳව වාර්තාවක් දැකගන්නට ලැබුණේ නැත. තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ 2019 වසරේ මාර්තු මාසයේ සිදුවූ තස්ත ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් පිළිබඳව ඊට සතියකට පසු විශාල පිරිසක් නවසීලන්තයේ උද්‍යානයක යාච්ඤා කිරීමට පැමිණ සිටි වීඩියෝවක් පසුගිය දිනවල ඉස්ලාම් දහම වෙනුවෙන් යාඥා කරන අවස්ථාවක් ලෙස පෙන්වීමන් හුවමාරු වී තිබු අතර එය අසත්‍ය පුවතක් බව කරුණු විමර්ශකයන් වාර්තා කර තිබු බවයි. 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කතෝලික පියතුමකු ගේ ඡායාරූපය The Young Pope ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය රඟපාන Jude Law ගේ බව සහ  තරුණියගේ ඡායාරූප  Shutterstock ඡායාරූප වෙබ් අඩවියේ පළවූ ඡායාරූපයක් බවයි.

    එනිසා “නියුසිලන්ත පාදිලිතුමන්ගේ දුව සත්‍ය දහම ඉස්ලාමය වැළඳ ගනී” තේමාවෙන් තරුණියකගෙ සහ කතෝලික පියතුමකුගේ ඡායාරූපයක් අන්තර්ගතකර Yaha.maga නමැති ෆේස්බුක් පිටුවේ  ඉදිරිපත් කර ඇති සටහන සම්පූර්ණයෙන් අසත්‍ය හා සාවද්‍ය සටහනක් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.