Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    විශේෂ ගුවන් යානයකින් අජිත් රෝහණගේ දුව මෙරටට ගෙන්වූ බවට සාවද්‍ය පුවතක්!

    2020-05-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වෛරස් ආසාදනය නිසා මව්බිම කරා පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පියවරෙන් පියවරට, නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන ලදී. ඒ අනුව  ශ්‍රී ලංකා ගුවන් සේවය විශේෂ ගුවන් සේවා මගින් මැදපෙරදිග, ඈත

    ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වෛරස් ආසාදනය නිසා මව්බිම කරා පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පියවරෙන් පියවරට, නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන ලදී. ඒ අනුව  ශ්‍රී ලංකා ගුවන් සේවය විශේෂ ගුවන් සේවා මගින් මැදපෙරදිග, ඈත පෙරදිග, යුරෝපය, දකුණු ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් නැවතත් මෙරටට ගෙන්වා ගත් වාර්තා පළවිය. මෙසේ නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛස්ථානය හිමි වුණේ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සිසුන්ටය.

    “දිලිත් ජයවීර විශේෂ ගුවන් යානයකින් අජිත් රෝහණගේ දුව මෙරටට ගෙන්වා දීලා” සිරස්තලයෙන්, Lanka News Web ප්‍රවෘත්ති වෙබ් අඩවියක ප්‍රවෘත්ති සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. කොරෝනා වෛරසය ව්‍යසනයේදී රූපවාහිනී නාලිකාවල නිතරම ඉදිරිපත් වෙමින් මහත් මෙහෙයක් කළ පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය අළලා ඉදිරිපත් වූ ප්‍රවෘත්තිය පහත දැක්වේ.

    FB LinkArchived LinkArticle LinkArchived Link

    Lanka News Web වෙබ් අඩවිය ඉදිරිපත් කර තිබූ ප්‍රවෘත්තිය ෆේස්බුක් සමුහ රාශියක් විසින් නැවත හුවමාරු කරගෙන තිබු අතර වෙබ් අඩවි කිහිපයක්ද එය පළකර කරගෙන තිබෙනු දක්නට ලැබුණි.

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතරේ සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම සටහන පිළිබඳව සත්‍යතාවය බොහෝ පිරිස් විමසා සිටි බැවින් සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    එමෙන්ම ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. තමාට සිටිනුයේ එකම දියණියක් බවත්, ඇය උසස් අධ්‍යාපනය හදාරනුයේ ඩුබායි රාජ්‍යයේ නොව බෙලරුස් රාජ්‍යයේ බවත් සඳහන් කළේ ඔහු, අවසන් විභාගය සඳහා සූදානම් වන ඇයව මව්බිම කරා ගෙන්වා ගැනීමට දැනට අදහසක් නොමැති බවත් ඇය තවමත් විදෙස්ගතව අධ්‍යාපනය හදාරන බවත් අවධාරණය කළේය. 

    තවදුරටත් කරුණු දැන ගැනීම සඳහා අප විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වූ අතර එම නිලධාරියා අප සමග පවසා සිටියේ විදෙස්ගතව ගතව සිටින පිරිස් නැවත මෙරටට ගෙන්වා ගැනීම රජය විසින් ලබාදෙන උපදෙස් මත පමණක් කටයුතු සිදු වූ බවයි.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රාජකාරි කළමනාකරු සමඟද සම්බන්ධ වූ අතර ඔහු ද අප සමඟ තහවුරු කර සිටියේ එබඳු ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ය.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් අංශයෙන් ද මේ පිළිබඳව විමසීමක් කිරීමේදී ඔවුන් පවසා සිටියේද පසුගිය දින ඉන්දියාවේ පිරිසක් ද මීට පෙර ඩුබායි ඇතුළු වෙනත් රටවල පිරිස්ද මෙරටට ගෙන්වූ අතර ඒවා සියල්ලම රජය මැදිහත් වීමෙන් සිදුකරන ලද බවයි.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී සිසුසිසුවියන් ඇතුලු විදෙස්වල අතරමංවී සිටින පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන අයුරු පිළිබඳව කරුණු විග්‍රහ කිරීමක් පසුගියදා සිදුකර තිබෙන ද මෙසේ අපට දැකගන්නට ලැබුණා

    Sinhala-Ravinatha-Ariyawansa

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ එකම දියණිය මේ වන තෙක් දිවයිනට නොපැමිණ බෙලාරූස්හි වාසය කරමින්  උසස් අධ්‍යාපනයෙහි නියැලෙන බවයි.

    එනිසා “දිලිත් ජයවීර විශේෂ ගුවන් යානයකින් අජිත් රෝහණගේ දුව මෙරටට ගෙන්වා දීලා” සිරස්තලයෙන් ෆේස්බුක් මාධ්‍ය ජාලයෙහි පළවන සියළුම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් අසත්‍යය සහ සාවද්‍ය ප්‍රවෘත්තියක් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-05-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.