Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වෛද්‍ය පාදෙනිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

    2019-12-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා ස්නායු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ධුරය හොබ වන අනුරුද්ධ පාදෙණිය මහතා ජනාධිපතිවරණ මැතිවරණ සමයේ බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයකි. ඒ මහතා, පසුගිය කාල වකවානුව තුල නායකත්වය දුන් වෘත්තිමය ක්‍

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා ස්නායු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ධුරය හොබ වන අනුරුද්ධ පාදෙණිය මහතා ජනාධිපතිවරණ මැතිවරණ සමයේ බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයකි. ඒ මහතා, පසුගිය කාල වකවානුව තුල නායකත්වය දුන් වෘත්තිමය ක්‍රියා මාර්ගයන් නිසා ඔහු ජනතාවගේ ප්‍රසාදයට මෙන්ම අප්‍රසාදයට ද පත්ව සිටින්නෙකි. 

    2019 ජනාධිපතිවරණය ජය ගත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජයේ පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා වෘත්තිමය සුදුසුකම් ඇති පුද්ගලයන් පත්කර ගැනීමට අදහස් කරන බව සැලවීමත් සමගම, අමාත්‍යාංශ ලේකම් තනතරු සඳහා  පත්වන්නන් පිළිබඳව ජනතාවගේ අවධානය යොමුවිය. මුලින්ම පත්වීම් දුන් ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ලේකම් ධුර සඳහා වෘත්තීය නිපුනත්වය ඇති පුද්ගලයින් පත්වීම නිසා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා පත්වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරගෙන සිටි බවක් දක්නට ලැබුණි . 

    සමාජජාලා මාධ්‍ය තුළ විශාල වශයෙන් මේ පිළිබඳව ඉඟි පළ කර තිබු අතර පහත දැක්වෙන්නේ එබඳු සටහන් කිහිපයකි.

    Facebook LinkArchived Link
    Facebook LinkArchived Link

    මීට සමාන සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පැවති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට අදහස් කළෙමු

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 
    ප්‍රථමයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම පිළිබඳ ප්‍රධාන මාධ්‍යයන්හි ඇති වාර්තා පරීක්ෂා කළෙමු. අභිනවයෙන් පත් වූ අමාත්‍ය ලේකම්වරු විසිදෙනා පිළිබඳව වාර්තාවක් ඩේලිමිරර් පුවත්පතේ විය. එහි දැක්වූ අන්දමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පදවිය හිමිව තිබුණේ කෘතහස්ත පරිපාලන නිලධාරිනියකවූ  P.S.M. චාර්ල්ස් මහත්මියටය. 

    Daily Mirror OnlineArchived Link

    මෙම පත්වීම සනාථ කර ගනු වස් අප සෞඛ්‍ය අමාත්‍යාංශය වෙබ් අඩවියටද පිවිසියෙමු. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ඇයගේ සේයාරුව සහිත සටහනක් එහිදී ද දැකගන්නට හැකිය

    Ministry of Health WebArchived Link

    P.S.M. චාර්ල්ස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස වැඩ භාරගත් බවට අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයද අපට ලැබුණි. එම නිවේදනය පහත දක්වා ඇත. 

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශනය අනුව කෘතහස්ත පරිපාලන නිලධාරිණියක් වන P.S.M චාර්ල්ස් මැතිනිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වූ බව සනාථ විය. විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වූ බවට ෆේස්බුක්  සමාජ මාධ්‍ය ජාලයන්හි පලවන සියලුම ප්‍රවෘත්ති අසත්‍ය සහ සාවද්‍ය බව නිගමනය කරමු.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:වෛද්‍ය පාදෙනිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.