Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෛද්‍ය එලියන්ත වයිට් මහතා යටතට යනුවෙන් පළවූ පුවතක්!

    2020-07-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ මත්ද්‍රව්‍යයන්ට අබ්බැහිවුවන් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කරනු ලබන්නේ කන්දකාඩුහි පිහිටි පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේය. මෙහි ප්‍රතිකාර ලබන රෑඳවියන්ට සහ  කාර්ය මණ්ඩලයට කොරොනා ආසාදනය වීම නිසා,  මෙම ස්ථානය වෙතසෑම දෙනාගේම අවධානය යොමුවිය. මෙවන් පසුබිමක “කන්දකා

    ලංකාවේ මත්ද්‍රව්‍යයන්ට අබ්බැහිවුවන් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කරනු ලබන්නේ කන්දකාඩුහි පිහිටි පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේය. මෙහි ප්‍රතිකාර ලබන රෑඳවියන්ට සහ  කාර්ය මණ්ඩලයට කොරොනා ආසාදනය වීම නිසා,  මෙම ස්ථානය වෙතසෑම දෙනාගේම අවධානය යොමුවිය.

    මෙවන් පසුබිමක “කන්දකාඩු එලියන්ත වයිට් යටතට” සිරස්තලයෙන් Lanka Fast News නමැති වෙබ් අඩවියක ෆේස්බුක් පිටුවෙහි පහත සටහන ඉදිරිපත්වී තිබෙණු දක්නට ලැබුණේය.

    “කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් කුණ්ඩලීනී ශක්තියෙන් ආශිර්වාද කොට සුව කිරීම සදහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා යටතට භාරදී ඇත. ඔහු එහි සේවා කටයුත අද දිනයේ ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

    ඊයේ මිරිහාන පිහිටි වෛද්‍යවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාවකින් පසුව කන්දකඩු මධ්‍යස්ථානය ඒ මහතා වෙත භාරදීමට පියවර ගැණිනි.”

    FB LinkArchived LinkArticle LinkArchived Link

    මෙම විස්තරය තවත් වෙබ් අඩවි කිහිපයකම පලවී තිබු නිසා සහ මීට පෙර නාවික සෙබළුන්ට වෛද්‍ය එලියන්ත වයිට් මහතා ප්‍රතිකාර ලබාදෙන බවට මෙසේ සාවද්‍ය සටහන් පළවූ බැවින් මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙවැනි දැනුම්දීමක් පිලිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇත්දැයි පරීක්ෂා කිරීමේදී අපට දැකගැනීම ලැබුනේ මව්බිම පුවත්පතේ 21 වැනිදා පළව තිබු පුවතක් මෙවැනි සටහන් සඳහා මුලික වී ඇති බවයි. එහි දක්වා තිබුනේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් කඩිනමින් සුවකිරීම “කුණ්ඩලීනී ශක්තියෙන්” ආශිර්වාද කිරීමේ කටයුතු සඳහා මුලික සැකැස්ම වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් ඔහුට ලැබුණු ආරාධනයක් මත ආරම්භ කර ඇති බවයි. 

    Link | Archived

    මෙම ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. අප හා සම්බන්ධවු නියෝජ්‍ය කොමසාරිස්තුමා පැවසුවේ එවැනි සැකැස්මක් හෝ එලියන්ත වයිට් මහතා යටතට පත් කිරීමක් පිළිබඳව මේ වනතෙක් කිසිඳු ආකාරයේ දැනුම්දීමක් සිදුවී නොමැති බව පවසා සිටියා. මේ පිලිබඳ කිසිඳු පුවතක් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ පුවත් කොටසේද දැකගන්නට නොහැකි විය

    මෙම සටහනෙහි කරුණු තවදුරටත් තහවුරු කරගැනීම පිණිස අප සෞඛ්‍යය අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයට දුරකථන ඇමතුමක් ගත්තෙමු. අප හා සම්බන්ධවු මාධ්‍ය අංශයේ නිලධාරියාද එවැනි පුවතක් තමා වෙත වාර්තා වී නැති බව සනාථ කළේය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෛද්‍ය එලියන්ත වයිට් මහතා යටතට මේ වන තෙක් පවරා නොමැති අතර ඒ පිළිබඳව කිසිඳු ආකාරයේ දැනුම්දීමක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය භාර නිලධාරීන් වෙත මේ වන තෙක් දැනුම්දීමක් ද සිදුකර නොමැති බවයි. 

    එබැවින් “කන්දකාඩු එලියන්ත වයිට් යටතට” සිරස්තලයෙන් Lanka Fast News නමැති වෙබ් අඩවියක පලව තිබු ජුලි මස 21 වැනි දින කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෛද්‍ය එලියන්ත වයිට් මහතා යටතට පැවරූ බව සාවද්‍ය ප්‍රකාශයකි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-07-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.