Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : වෛද්‍ය ෂාෆි, පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවට වැරදි සටහනක්!

    2020-06-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු පස් වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති අතර දිවයින පුරා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම පිළිපදිමින් පැවැත්වෙන පෙරහුරු මැතිවරණ පිළිබඳවද පසුගිය දිනවල වාර්තා වී තිබුණි. මැතිවරණ උණුසුමත් සමගම ඉදිරිපත්වන පක්ෂ සහ අපේක්ෂකයන් අළලා සාවද්‍ය සහ නො

    පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු පස් වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති අතර දිවයින පුරා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම පිළිපදිමින් පැවැත්වෙන පෙරහුරු මැතිවරණ පිළිබඳවද පසුගිය දිනවල වාර්තා වී තිබුණි. මැතිවරණ උණුසුමත් සමගම ඉදිරිපත්වන පක්ෂ සහ අපේක්ෂකයන් අළලා සාවද්‍ය සහ නොමග යවන සුළු සටහන් පළවීමද සාමාන්‍යයෙන් දක්නට ලැබේ.  මීට දින කිහිපයකට පෙරද වැරදි මනාප අංක යොදා පළ කරන ලද නොමඟ යවන සුළු, සාවද්‍ය සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයක් මෙසේය.

    පසුගිය ජනතිපතිවරණ මැතිවරණ කාලයේදීද බොහෝ සේ කතාබහට ලක්වූ සහ සාවද්‍ය සටහන් කිහිපයකටම මුල්වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන්, අංක 18 යටතේ සමඟි ජන බලවේගය හරහා තරඟ කරන බවට සටහනක් ෆේස්බුක් පරිශීලකයින් රැසක් අතර කෙටි කාලයක් තුළ හුවමාරු වී තිබුනේ “රටට සිංහල දරුවන් අහිමිකල නරුම අළුගොසුවා සජිත් සමඟ පෙරට” යන වදන් පෙළත් සමඟ මෙලෙසිනි.

    LinkArchived Link

    තවද ජාතික ජන බලවේගයෙන් වෛද්‍ය සාෆි අම්පාරින් තරඟ කරන බවටද සටහන් පෙළක් මෙසේ හුවමාරු වී තිබිණි.

    LinkArchived

    එසේම වෛද්‍ය සාෆි පොදු ජන පෙරමුණින් තරඟ කරන බවට සටහන්ද හුවමාරු වී තිබුණි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය පරිශාවට ලක් කළෙමු. සේවා තනහමට ලක්වී සිටින වෛද්‍යවරයා කලින් කුරුණෑගල රෝහලේ සේවයේ යෙදුනු බැවින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ අපේක්ෂක ලැයිස්තුව පරීක්ෂාවට ලක් කළෙමු.

    මෙහි දී අපට දැක ගන්නට ලැබුනේ සමගි ජන බලවේගය හරහා අංක 18 යටතේ ඇත්ත වශයෙන්ම තරග වදින්නේ “විපුල මහවිදානගේ ගුණරත්න” නැමැත්තෙකු බවය. 

    LinkArchived Link

    මීට අමතරව ජන සමඟි ජන බලවේගයේ අංක 18 යටතේ වෙනත් කිසිඳු හෝ දිස්ත්‍රික්කයක් යටතේ තරග වදින අපේක්ෂකයින් පිළිබඳව පරීක්ෂා කිරීමේ දී අපට දැකගන්නට ලැබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අමතරව එම පක්ෂයේ අපේක්ෂකයින් 18 දෙනකු සිටින්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පමණක් බවය. එම දිස්ත්‍රික්කවල ද අංක 18 යටතේ සමගි ජන බලවේගය තරග කරන්නේ පිළිවෙලින් සුමිත් එරන්දික සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් බව ද අපට දැක ගැනීමට හැකි විය

    Election Commission Gazette 

    අනෙක් සටහනේ පෙන්වා තිබු ඡායාරූපයේ සිටින්නේද වෛද්‍ය සාෆි මහතා නොවන අතර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය හරහා අංක 8 න් තරඟ කරන්නේ “ඒ.එස්.එම්.බුහාරි” නැමැත්තෙකු වන අතර ඔහු හිටපු තැපැල්කරුවකු බවද දැනගන්නට ලැබුණා.

    Link Archived

    එසේම වෛද්‍ය සෆිගේ සම්පුර්ණ නමද සෙගු ෂිහාබ්ඩීන් මොහොමඩ් සාෆි ද වේ. පහත දැක්වෙන්නේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තුවයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලයිස්තුවේද වෛද්‍ය සාෆි ගේ නම කිසිඳු තැනක සඳහන් වී නොමැත

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “රටට සිංහල දරුවන් අහිමිකල නරුම අළුගොසුවා සජිත් සමඟ පෙරට” යන තේමාව යටතේ පළවී තිබෙන වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් අංක 18 යටතේ සමඟි ජන බලවේගය හරහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ කරන බවට පළවී ඇති සටහන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:වෛද්‍ය ෂාෆි, සමඟි ජන බලවේගයෙන් තරඟ කරන බවට වැරදි සටහනක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.