Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවුඩයක් ලෙස පළවූ සංස්කරණය කල සටහන් පෙළක්!

    2020-06-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරොනා වෛරස් ආසාදනය නිසා නියමිත වකවානුවේ නොපැවැත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹ‍ෙන අගෝස්තු මස 5 වැනි දින පවත්වන බවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය.  ෆේස්බුක්, ව්විටර් වැනි සමාජ මාධ්‍ය හරහා  අපේක්ෂයන් ඉලක්ක කර ගනිමින් සටහන් සංසරණ වීම ආරම්භ වී ඇති

    කොරොනා වෛරස් ආසාදනය නිසා නියමිත වකවානුවේ නොපැවැත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹ‍ෙන අගෝස්තු මස 5 වැනි දින පවත්වන බවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය.  ෆේස්බුක්, ව්විටර් වැනි සමාජ මාධ්‍ය හරහා  අපේක්ෂයන් ඉලක්ක කර ගනිමින් සටහන් සංසරණ වීම ආරම්භ වී ඇති බව නිරීක්ෂණය විය. 

    පසුගියදා ජනපති විසින් මහ බැංකු නිලධාරීන් වෙත තරයේ කරුණු අවධාරණය කිරීම පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ ධනාත්මක සටහන් මෙන්ම උපහාසාත්මක සටහන්ද හුවමාරු වී තිබුණි. මේ අතර නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් යයි පෙන්වමින් හුවමාරු වී තිබු සටහනක දක්වා තිබුනේ දේශපාලන පරිණතභාවයකින් තොරව මහ බැංකු නිලධාරීන්ට බන වැදීම හෙළ දකින බවත්, සිදුවිය යුත්තේ සාමුහිකව තීරණ ගැනීම බවත්ය. එබඳු එක සටහනක් පහතින්.

    LinkArchived

     මීට පෙරද “ටුවිට් ගහලම ඉවරයක් නැ කියහන් කෝ..කවුරුහරි කියල දීපංකො ආණ්ඩුව කරන්නේ පවුලේ අය කියලා මුන්දැට. සෙද්ද” තේමාවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ නිකුත් කළ ට්විටර් පණිවුඩයක අනුරුවක් සහිත සටහනක් New Democratic Front නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්ව ඇති බව දක්නට ලැබුණි.

    ට්විටර පණිවුඩය පහත දක්වන ලෙස නිකුත් කර තිබුණි. “අවාසනාවන්ත ලෙස මියගිය රජීව් ජයවීර මහතාගේ පවුලේ අයට මාගේ බලවත් ශෝකය පළ කරමි. මෙම මරණය සැක සහිත මරණයක් බැවින් කඩිනම් පරීක්ෂණ පැවැත්විය යුතුය. දූෂණ වංචා ගැන කතා කරන පුද්ගලයින් මෙවැනි සොයා ගැනීමට නොහැකි පරිදි මියයාම සාධාරණ සමාජයක සිදු නොවිය යුත්තකි.”

    බාප්පා ජනාධිපති ,තාත්තා අගමැති, පුතා විපක්ෂ නායක තේමාවෙන් සංජීව සිරිවර්ධන නමැත්තෙකුද මෙවැනි සටහනක් ඉදිරිපත්කර තිබෙණු දක්නට ලැබුණි.

    LinkArchived LinkLinkArchived Link

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම‍)

    මෙවැනි පණවුඩයක් නිකුත් කර ඇත්දැයි හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් ගිණුම පසුගිය දින කිහිපයේදී පළකර ඇති නිවේදන පරීක්ෂා කළ නමුත් එවැනි පණිවුඩයක් එහි නොවීය. 

    අප නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍යය අංශයේ ට්වීටර් ගිණුම පරීක්ෂා කළවිට එහි නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් ගිණුමෙන් පළකරන ලද පණිවුඩ ලෙස පෙන්වා තිබු පණිවුඩ ව්‍යාජ බවට පහත සටහන් දක්නට ලැබුණි.

    LinkArchived Link Archived Link

    එසේම මෙම ඡායාරුප දෙකම හරහා දෝෂ මට්ටම් සඳහා පරීක්ෂා කිරීමේදී ද එය සංස්කරණයක් බව පැහැදිලි විය. තවද සාමාන්‍යයෙන් ට්විටර් පණිවුඩයක ඡයරුපක් (screenshot) ලබාගන්නා අවස්ථාවේදී එය පෙන්නුම් කරන අයුරුද මීට වඩා වෙනස් බව අපට දැකගන්නට ලැබුණි.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නාමල් රාජපකෟෂ මහතාගේ ට්වීටර් ගිණුමෙන් නිකුත් කර ඇතිබව අඟවමින් සංසරණය වන ට්විටර් පණිවුඩ සංස්කරණය කරන ලද ව්‍යාජ ට්විටර් පණිවුඩ බවයි. 

    එබැවින් රජීව් ජයවීර මහතාගේ මරණය සම්බන්ධයෙන් සහ ජනපති විසින් මහා බැංකු නිලධාරීන්ට සිදුකල ආමන්ත්‍රණය අලලා නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් ගිණුම විසින් පලකරන ලද පණිවුඩයක් ලෙස පළවූ ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය  සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.