Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check : ජාතික ගීය අරාබි භාෂාවෙන් කියන්න.. සජිත් දිනවන්න ?

    2019-10-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මැතිවරණ සමයේ දී දේශපාලඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ වෙනස් කොට හෝ වැරදි අර්ථකථනයක් ගෙනදෙන අයුරින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලාවල සටහන් විශාල වශයෙන් හුවමාරු වනු නිරන්තරයෙන් දැක ගත හැක.   ඊයේ ( ඔක්තෝබර් 21) සවස් වරුවේ සිට, එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන

    මැතිවරණ සමයේ දී දේශපාලඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ වෙනස් කොට හෝ වැරදි අර්ථකථනයක් ගෙනදෙන අයුරින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලාවල සටහන් විශාල වශයෙන් හුවමාරු වනු නිරන්තරයෙන් දැක ගත හැක.  

    ඊයේ ( ඔක්තෝබර් 21) සවස් වරුවේ සිට, එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් යැයි සඳහන් කරමින්, ප්‍රකාශ ගණනාවක් සමාජ ජාල අතර සීඝ්‍රයෙන් හුවමාරු වෙනු දක්නට ලැබුණා. 

    වීඩියෝ දර්ශන පෙලක් සමග පළ වූ මෙම ප්‍රකාශවල පහත පරිදි දක්වා තිබුණේ “ජාතික ගීය අරාබි භාෂාවෙන් කියන්න සජිත් දිනවන්න” යනුවෙනි.

    Facebook LinkArchived LinkArchived Video

    කැලුම් ප්‍රියංකර නැමැත්තෙක් විසින් පළ කරන ලද ඉහත සටහනේ තවදුරටත් දක්වා තිබුණේ “රටට ආදරය කරන සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් ගේ අවධානයට”…මේ රටේ අරාබි ජාතික ගීය කියන එක යථාර්ථයක් කරන්න තමයි සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කරන්න ඕනේ – එ. ජා. ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මුජිබර් රහුමාන් සජිත් ප්‍රේමදාසගේ රැළියක් අමතමින්” යනුවෙනි. 

    Facebook LinkArchived Link

    “අරාබි ජාතික ගීය මේ රටේ අපේ දරුවෝ ලවා ගායනය කරන්න සජිත්ට ඡන්දය දෙන්න-  මුජිබර් රහුමාන්” පරිදි ද තවත් ෆේස්බුක් පිටු කිහිපයක් මගින්ම මීට සමාන සටහන් හුවමාරු වී තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් මෙබඳු ප්‍රකාශයක් සිදුකළේ යැයි විශ්වාස කිරීමට අපහසු බැවින් මේ පිළිබඳ විමර්ශනය කිරීමට අදහස් කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත සිදු කරන ලද ප්‍රකාශ විමර්ශනය කිරීම සඳහා මුලින්ම ප්‍රකාශිත වීඩියෝවේම දක්වා තිබූ Youtube link එක පරීක්ෂාවට ලක් කළෙමු. එහිදී “ගෝඨාභය ගෙනල්ලා නැවත අපි මේලේච්චත්වයට ගෙනියන්න ඉඩතියන්න එපා කියල අපි කියනව.. මුජුබර් රහුමාන්” යනුවෙන් “Uncut news” නමැති Youtube චැනලයක පළව තිබු එම මුල් වීඩියෝවෙන් දර්ශන ලබාගෙන ඇති බව දැකගන්නට ලැබුණා. එම වීඩියෝවේ ඉහත දර්ශන ඇතුළත් කොටස පහතින්.

    Youtube Link

    එම වීඩියෝවේ අදාළ කොටස google voice typing මෙවලම හරහා පසුබිමේ වාදනය කරමින් ලැබෙන ප්‍රතිඵලය මෙසේය. “අපේ දු දරුවෝ මේ රටේ අරාබි ජාතික ගීය කියන එක මවකගේ දරුවෝ කියලා අපි කියනවා අන්න එක මවකගේ දරුවෝ කියන එක මහ පොළොවේ යථාර්ථයක් කරන්න තමයි සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙන්න ඕන”

    එම වීඩියෝවට පළමු වරට සවන් දීමේ දී එක් අවස්ථාවකදී මුජිබර් රහුමාන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් “අරාබි” යන වචනයට සමාන වචනයක් ප්‍රකාශ කරන බවක් හැඟුණි. මේ හේතුව නිසාම බොහෝ දුරට ඉහත පරිදි ප්‍රකාශයන් සිදුකරන්නට මුල් වන්නට ඇතැයි අනුමාන කළ හැක

    කෙසේ වෙතත් එම කොටසම පැහැදිලිව කිහිප වරක් ශ්‍රවණය කිරීමේ දී “අරාබි” යන්නට වඩා “අර අපි” වැනි උච්චාරණයක් සහිත බව පෙනී ගියා.මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා අප විසින් මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ඒකකය හා සම්බන්ධ වුණා. එහිදී අපට දැනගන්නට ලැබුණේද  “අර අපි” යනුවෙන් උච්චාරණය වී ඇති කොටස “අරාබි” යනුවෙන් ප්‍රකාශ කළා යැයි දක්වමින්, බොහෝ පිරිස් විසින් මන්ත්‍රීවරයාට විරුද්ධව ප්‍රචාර ගෙන යන බවත් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ඊයේ (21) සවස මාධ්‍ය වෙත ලබාදුන් බවත්ය.

    පහත දැක්වෙන්නේ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කරුණු පැහැදිලි කරමින් ඔහුගේ නිල ෆේස්බුක් පිටුව හරහා සිදුකරන ලද මාධ්‍ය සාකච්ඡාවේ කොටසකි.

    https://www.facebook.com/mujiburrahmanmpofficial/videos/981237728879075/

    “අර..අපි” කියන මගේ කතාවෙන් කොටසක් “අරාබි” යනුවෙන් විකෘති කර වින්දනයක් ලැබීමට තරම් පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දේශපාලන වශයෙන් බංකොලොත් භාවයට පත්වී ඇතැයි මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

    මේ පිළිබඳව වීඩියෝ දර්ශනවල වේගය අඩු කරමින්ද අප විසින් සිදු කරන ලද පැහැදිලි කිරීමක් පහතින්..

    අවසාන නිගමනය

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “ජාතික ගීය අරාබි භාෂාවෙන් කියන්න සජිත් දිනවන්න” යනුවෙන් පාර්ලිමන්තු මන්ත්‍රී  මුජිබර් රහුමාන් මහතා විසින් සිදු කරන ලදැයි කියවෙන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.