Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    2024 මැතිවරණයට සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ රැකියා අවස්ථා ඇති බවට පළ වන ව්‍යාජ සටහනක්!

    2024-08-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ පවතින මැතිවරණ උණුසුම නන් අයුරින් ප්‍රයෝජනයට ගන්නා අය අතුරින් මෙම වකවාණුවේ සමාජයේ දැඩි අවධානයට ලක්වන නිල ආයතන වල නම් ද, අවභාවිත කරමින් ව්‍යාජ තොරතුරු පැතිරවීම ත් ඒ හරහා වාසි ලබා ගැන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජයේ පවතින මැතිවරණ උණුසුම නන් අයුරින් ප්‍රයෝජනයට ගන්නා අය අතුරින් මෙම වකවාණුවේ සමාජයේ දැඩි අවධානයට ලක්වන නිල ආයතන වල නම් ද, අවභාවිත කරමින් ව්‍යාජ තොරතුරු පැතිරවීම ත් ඒ හරහා වාසි ලබා ගැනීම ත් සුලබව දක්නට ලැබෙනවා. එවැනි ව්‍යාජ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව කාර්ය මණ්ඩල බඳවා ගැනීම් 2024/2025 යනුවෙන් තව ත් සටහනක් මෑතකදී පළ වී තිබුණේ මෙලෙසින්.

    ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 මැතිවරණයට එරෙහිව පවතින විවිධ පුරප්පාඩු තනතුරු පිරවීම සඳහා නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා අයදුම්පත් ද්වාරයක් විවෘත කර ඇති බවට සඳහන් කරමින් WhatsApp ඔස්සේ පණිවිඩයක් හවුමාරු වී තිබුණේ මෙලෙසින්.

    “ශ්‍රී ලංකා මාණ්ඩලික බඳවා ගැනීමේ මැතිවරණ කොමිෂන් සභාව 2024

    ඉදිරි 2024 මැතිවරණයට එරෙහිව පවතින විවිධ පුරප්පාඩු තනතුරු පිරවීම සඳහා නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අයදුම්පත් ද්වාරයක් විවෘත කර ඇත. උනන්දුවක් දක්වන සියලුම පුරවැසියන් සඳහා අයදුම්පත නොමිලේ වන අතර රැකියා දැනටමත් ආරම්භ කර ඇත. මෙම අනගි අවස්ථාව අතපසු නොකරන්න”

    මෙහි නිරවද්‍යතාව පිළිබඳ බොහෝ දෙනෙකු අපගෙන් විමසීමක් කළ අතර එම ඉල්ලීම් ද, මුල් කරගනිමින් අප මේ පිළිබඳ විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ ඇති පුරප්පාඩු වල තනතුරු පිරවීම සඳහා නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අයදුම්පත් කැඳවා ඇත්ද යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් එම සභාවේ නිල වෙබ් අඩවිය පරීක්ෂාවට ලක් කළා.

    නමුත් අපට මෙහි සඳහන් ආකාරයේ රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් දැන්වීමක් දැක ගන්නට නොලැබුණි.

    ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය සටහනේ දක්වා ඇති සබැඳිය පරීක්ෂා කිරීමේදී එය රජයේ නිල වෙබ් අඩවියකට හෝ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ හෝ වෙබ් අඩවියකට යොමු නොවී ඇති බවට තහවුරු කර ගැනීමට හැකි වූයේ මෙලෙසින්.

    එමෙන් ම මෙම සබැඳියට දත්ත යොමු කරත්, නොකරත් ඉදිරියට යෑමේදී, යොමු වන්නේ බ්ලෝග් පිටුවකට බව ද අනාවරණය වුණා.

    Archived Link

    මෙය වෙනත් කිසිදු ආයතනයක රැකියා අවස්ථාවන් නොව වෙනත් ඔන්ලයින් ක්‍රීඩාවන් සඳහා ලියාපදිංචි වීමක් සඳහා යොමු කරනු ලබන්නේ මේ ආකාරයෙන්.

    ඒ අනුව මෙය රැකියා අවස්ථාවන් ආකාරයේ ඇති බවට පවසමින් මෙහි දක්වා ඇති බ්ලෝග් අඩවියට ගෙන්වා ගැනීම සහ වෙනත් ආකාරයේ පුද්ගලයින් තරඟ සඳහා ලියාපදිංචි කරවීම අරමුණු කර ගෙන නිර්මාණය කර ඇති ව්‍යාජ සබැඳියක් බවට තහවුරු වේ.

    අප මේ පිළිබඳව වැඩි දුරට ත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර, ඔවුන් සඳහන් කරේ ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දෙන පරිදි රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීමක් සිදු නොකරන බව ත්, එය ව්‍යාජ පණිවිඩයක් බව ත් ය.

    මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම කොමිෂන් සභාවේ තනතුරු සඳහා, නව නිලධාරී මණ්ඩලයක් බඳවා ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බවට දක්වමින් එහි නිල පිටුවේ සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

    Updated 11/30/24

    මෙම නව බඳවා ගැනීම් අසත්‍ය තොරතුරු බව මැතිවරණ කොමිසම අප කළ විමසීමේදී තහවුරු කරනු ලැබුවා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2024 මැතිවරණයේ විවිධ පුරප්පාඩු තනතුරු පිරවීම සඳහා නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අයදුම්පත් කැඳවා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහන් ව්‍යාජ වේ.

    රැකියා සඳහා අයදුම් කිරීමට දක්වා ඇති සබැඳිය ව්‍යාජ සබැඳියක් වන අතර එය ව‍්‍යාජ බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් ද, තහවුරු කරනු ලබයි.

    Avatar

    Title:2024 මැතිවරණයට සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ රැකියා අවස්ථා ඇති බවට පළ වන ව්‍යාජ සටහනක්!

    Fact Check By: Pavithra Sandamali 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-08-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.