Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදුකල සාවද්‍ය සටහනක්!

    2020-08-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සෑම මැතිවරණයක් ආසන්නයේ දී ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශාල වශයෙන් කතා බහට ලක්වන චරිතයක්. ඔන්න “මැකෝ” කියන්නේ හාද? යන තේමාවෙන් “ආයෙ කියන්න ඉඩ තියන්න එපා. 5 වෙනිදා උදේ පාන්දරින් චන්ද පොලට ගිහිං පොහොට්ටුව ඉස්සරහින් කතිරයක් ගහපියවූ”

    සෑම මැතිවරණයක් ආසන්නයේ දී ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශාල වශයෙන් කතා බහට ලක්වන චරිතයක්.

    ඔන්න “මැකෝ” කියන්නේ හාද? යන තේමාවෙන් “ආයෙ කියන්න ඉඩ තියන්න එපා. 5 වෙනිදා උදේ පාන්දරින් චන්ද පොලට ගිහිං පොහොට්ටුව ඉස්සරහින් කතිරයක් ගහපියවූ” යන තේමාවෙන් සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. 

    LinkArchived LinkArchived 2Archived 3

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් එබඳු ප්‍රකාශයක් කිරීම විශ්වාස කළ නොහැකි බැවින් මේ පිළිබඳ කෙටි විමර්ශනය සිදු කිරීමට අප අදහස් කළා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පසුගිය ජනාධිපතිවරණ සමයේ ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අළලා පළවූ සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳ විමර්ශනයක් අප සිදු කළේ මෙලෙසිනි. 

    අද උදෑසන ප්‍රවෘත්ති සටහන් පරීක්ෂා කිරීමේ දී මහින්ද දේශප්‍රිය මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් තිබූ ආකාරය පිළිබඳ දර්ශන දැකගත හැකි වූ අතර එහිදී ඒ මහතා පවසා සිටියේ 2011 න් කළ පසු ප්‍රථම වරට චන්දය භාවිතා කිරීමට පැමිණියේ ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂිත භාවය හවුරු කිරීම සඳහා පමණක් බවත් තරුණ මෙන්ම වැඩිහිටි සහ මහලු සියලු දෙනාටම ඡන්දය ප්‍රකාශ කිරීමට යුහුසුළු වන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කර සිටියා. මීට දින කිහිපයකට පෙර ඒ මහතා සහභාගි වූ සාකච්ඡාවක ද ඒ පිළිබඳව කරුණු දක්වමින් සිටි අයුරු මෙසේ අපට දැකගන්නට ලැබුණු අතර එහිදී මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ තමා ඡන්ද පත්‍රිකාව ලබගෙන එම ක්‍රියාවලිය සිදුකලද තමා මැතිවරණ කොමසාරිස් වශයෙන් කිසිවකුටවත් පක්ෂපාතීව ඡන්දය ප්‍රකාශ නොකරන බවයි.

    එසේම ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සිදු වූ සියලු දැනුවත් කිරීම් සියල්ලේදීම අපක්ෂපාතී ආකාරයෙන් සියලුම විස්තර කිරීම් සිදුකරන අයුරු අපට මෙසේ දැක ගන්නට ලැබුණා

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මැතිවරණ කොමිෂන් සභාව සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අගෝස්තු මස 5 උදේ පොහොට්ටුවට ඡන්දය ප්‍රකාශ කරන ලෙස සිදුකල ප්‍රකාශයක් ආකාරයෙන් සකස් කළ සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය සටහන් බව තහවුරු කළ හැක

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.